ගොසිප් පුවත්තරු හුට පට

පළමු විවාහයෙන් වෙන් වී තනිකඩ වූ ජනප්‍රිය නලු සංගීත් සතරසිංහ දැන් කියන කතාව

කලාව ඔහුගේ රුධිරය හා මුසුවී පවතින නිසාම කෙටි කාලයකින් ඔහු කළා ක්ෂේත්‍රයේ දීර්ඝ ගමනක් ගිහිල්ලා ඉවරයි. මේ වනවිට ඡායාරූප කරණයට අත් පොත් තබා වෙනස්ම මානයක් සොයා ගමනක යෙදෙන ඔහු සංගීත් සතරසිංහ. මේ දවස් වල කාගේත් ආදරයට වගේම කතා බහට ලක්වෙන ඔහුගේ අලුත්ම තොරතුරු ගැන තමයි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ.

මේ දවස් වල සතුටින් කාලය ගත කරනවා. ජනක පෙරේරාගේ අපේ අම්මා, වස් කියන ටෙලිනාට්‍ය වලට රංගනයෙන් දායකත්වය ලබා දෙනවා. අර්ජුන කමරනාත්ගේ නිර්මාණයක් උන මංජුල මොරගහ අධ්‍යක්ෂණය කරන ගුඩ් නිවුස් කියලා නාට්‍යයකට මේ දවස් වල දායකත්වය ලබා දෙනවා. නිහාල් ප්‍රනාන්දු මහත්මයා සහ බුද්ධික සේරසිංහයන්ගේ නාට්‍ය දෙකකටත් සම්බන්ධ වෙලා ඉන්නවා. මන් මුලින්ම ක්ෂේත්‍රයට අවේ ගුවන් විදුලි නිවේදකයෙක් විදිහට.

ඊටත් පස්සේ රුපවාහිනී වැඩසටහන් මෙහෙයවන්නෙක් විදිහට කටයුතු කළා. Hiru fm එකේ Neth fm එකේ වැඩසටහන් වලට හඬ කැවීමෙන් දායකත්වය ලබා දුන්නා. මෑන් හන්ට් එකේ මිස්ටර් පර්සනැලිටි වීමේ අවස්ථාව උදා වෙන්නේ ඔය අතරවාරෙදි තමයි. 2012දි මුල් භාගයේදී සනසාවී නාට්‍යයෙන් රංගන හැකියාව පෙන්නුම් කරන්න මට පුළුවන් වෙනවා. කලාවට අත් පොත් තියන්නේ ඒ විදිහට තමයි. තාත්තගේ උදව් ලැබුණු අවස්ථා තිබ්බා.

ඒත් කියන්න ඕනේ මම මුලින්ම නාට්‍යයක රගපෑවේ සම්මුඛ පරීක්ෂණයකට සම්බන්ධ වෙලා. මන් ක්ෂේත්‍රයට පිවිසෙන්න හාස්‍යමය රංගනයෙන් නම් නෙමෙයි. මන් මගේ පාරක් හදාගෙන මගේ ගමන යන්නේ. ඒ ගමනට තත්තාගෙනුත් උපරිම සහයෝගයක් ලැබෙනවා. මම පාසල් යන කාලයේ ඡායාරූප කරණය පිළිබඳව හැදෑරීමක් කළා.

වෘත්තියක් හැටියට ඡායාරූප කරණයට යොමු වන්නේ මීට වසර දෙකකට විතර කලින්. ඉතින් මේ වනවිට ඒ කාර්යයන් සාර්ථක මට්ටමක පවතිනවා. මගේ ජීවිතයේ හැමදාම අංක එකට තියෙන්නේ රංගනය. ඡායාරූප කරණය අමතර වෘත්තියක් ලෙස හැකිතාක් කාලයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

ඇත්තටම මගේ ජීවිතෙන් ගිය දේවල් ගියා ඉතින්. අතීතයේ කරපු වැරදි වර්තමානයේ නිවැරදි කර ගන්නවා. ඒ නිසා අතීතයෙන් පාඩම් ඉගෙන ගෙන වර්තමානයේ හරියට ජීවත් වෙන එක තමයි මගේ අදහස. මම පෙම්වතෙක් නෙමෙයි. සුදුසු කාලේදී සුදුසු කෙනා ලැබෙයි කියලා විස්වාස කරනවා. තමන් එක්ක ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් වීම තමයි ඇත්තටම වැදගත් වෙන ලක්ෂණය. හොඳ තේරුම් ගැනීමක් තියන වෘත්තීය ස්භාවය අදුරගන්න පුළුවන් එක් කෙනෙක් වෙනවානම් ගොඩක්ම හොදයි කියලයි ඔහු අවසානයේ පවසලා තිබුණේ.

Courtesy – Kotuwapaththare

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button