ගොසිප් පුවත්තරු හුට පටවිශේෂාංග

කිංස්ලි පීරිස් බිරිඳ සමග 25වන විවහා සංවස්තරයට ගත් ආදරණිය ජායාරූප එකතුව

කිංස්ලි පීරිස් කියන්නේ කණ්ඩායම් සංගීතය තුළ වාදකයෙක් ලෙස වගේම ගායකයෙක් ලෙසත් අතිශය ජනප්‍රිය වගේම බොහෝ දෙනෙක්ගේ ආදරය දිනාගත් තරුවක්. ඔහු ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායමේ ඉන්න ආරම්භක සාමාජිකයෙක්. කිංස්ලි පීරිස්ගේ බිරිඳ තමයි මාරි තෙරෙස්‌. කිංස්‌ලි පීරිස්‌ දෙපළට හිටියේ එක් දියණියක කවීෂා මධුරංගි පීරිස්‌ හා පුතා කවිඳු මාලිංග පිරීස්‌ ය.

නමුත් අවාසනාවන්ත ලෙස පසුගිය වසරේදී ඔවුන්ගේ එකම දියණිය වූ කවීෂා මධුරංගි පීරිස්‌ හදිසි රෝගාබාධ තත්වයක් හේතුවෙන් මෙළොවින් සමුගත්තා. මාරවිල ශුද්ධ වූ පවුලේ බාලිකා විදුහලේ ඉගෙනුම ලබමින් සිටි ඇය වයස අවුරුදු 12 දී මෙලෙස අකල් ම-රණයකට ගොදුරු වුණා. මාස තුනක පමණ කාලයක් අසනීප තත්වය හේතුවෙන් ප්‍රතිකාර ගනිමින් සිටි කවීෂාගේ මෙම හදිසි සමුගැන්ම කිංස්ලිටද දරාගත නොහැකි සිදුවීමක් වුණා.

විවිධ ගොසිප් සයිට් ඔස්සේ මේ ගැන ප්‍රචාරය වෙද්දි කිංස්ලි තමන් විසින්ම මේ ගැන සටහනක්ද පල කර හිටියා. “මගේ දුව කවීෂා 2004 ජනවාරි 04 වෙනිදා තමයි අපේ කැදැල්ලට එකතු වුණේ. එය අපෙන් සමුගද්දි එයාට අවුරුදු 12යි මාස ගාණක් විතර. ඒ වෙද්දි මගේ දුව හරිම ආදරණීය, අහිංසක හා සුන්දර දියණියක්. ඇයට හීටියේ තව සහෝදරයෙක් විතරයි. ඒ අපේ පුතා කවිඳු පීරිස්. මගේ දුව පුංචි කාලේ ඉඳන්ම ගීත ගායනා කරන්න වගේම වාද්‍ය භාණ්ඩ වාදනය කරන්න හරි දක්ෂයි. මගේ දුව ඒ පැත්තෙන් නිතර නිතර දස්කම් පෙන්නුවා.

හදිසියේම මගේ දුවට නිතර නිතර කැස්ස හා හෙම්බිරිස්සාව හැදුණා. අපි දුවට ඛෙහෙත් ගන්න එක්කගෙන ගියාම දෝස්තර මහත්තයා කිව්වා පරීක්ෂණ වගයක් කරන්න ඕන කියලා. ඒ පරීක්ෂණ වාර්තා වලින් තමයි අපි දැනගත්තේ අපේ දුවට ලියුකේමියාව කියලා. අපිට මේ ගැන දැනගන්නවත් පුංචි කාලෙදි ඇයට රෝග ලක්ෂණයක්වත් තිබුණේ නැහැ. අපි එදා තමයි සේරම දැනගත්තේ. මගේ දුවගේ තත්ත්වය නරකයි කියලා දෝස්තරලා කිව්වේ නැහැ. ඉතින් ඊට පස්සේ අපි දුවව පෞද්ගලික රෝහලේ නතර කළා. ඇයව බේරගන්න පුළුවන් කියලා එතනදි කිව්වා. අපි ඔවුන්ගේ කීම විශ්වාස කරපු රජයේ රෝහලකටවත් දුවව අරන් යන්නැතිව ලොකු වියදමක් දරලා දුවව පෞද්ගලික රෝහලක නතර කළා. ඒ මගේ දුවගේ ජීවිතේ බේරගනියි කියන විශ්වාසය මත. මගේ දුවගේ තත්ත්වය බරපතළයි කියලා ඇත්තටම ඔවුන් මට කිව්වා නම් මම මගේ දුවව රජයේ රෝහලක තමයි නතර කරන්නේ.

සමහරවිට එහෙම කළානම් මගේ දුව අද සමහර විට ජීවත්වෙන්න තිබ්බා. ඒ දවස්වල මම සංගීත සන්දර්ශනයකට ඉතාලි ගියෙත් එයා සතුටින් සුවෙන් හිටිය නිසයි. මම එදා දුව බලන්න ගියාම ඇය කිව්වා තාත්තා පරිස්සමින් ගිහින් එන්න කියලා. මමත් තව දවස් දෙක තුනකින් ගෙදර එනවා කියලා ඇයට කිව්වා. ඇය ඒ වෙද්දි සුවෙන් හිටිය නිසයි මම ඒ ගමන ගියෙත්. දුවට මෙහෙම වෙයි කියලා මට එදා දැනුණා නම් මම කවදාවත් ඒ ගමන යන්නෑ. කොහොමහරි ඉතින් වෙන්න ඕන දේ වෙලා ඉවරයි. මට, මගේ බිරිඳට, පුතාට මේක දරාගන්න බැරිවුණා. මොන අම්මටද තාත්තටද පුළුවන් තමන්ගේ දුව මෙහෙම අකාලයේ මි-ය ගියාම දරාගන්න. මට මගේ පුතා වෙනුවෙන් වගකීම් සහ යුතුකම් ඉටුකරන්න ඕන නිසා තමයි මම ජීවත් වෙන්නේ. නැතිනම් මටත් ජීවිතේට ආසාවක් නැහැ. මම මගේ හිතේ තෙරපෙන දුකත් කොහොමහරි වාවගෙන මම මගේ බිරිඳගේ හිතත් හිමීට හදනවා.

මගේ දුව ගෙනාපු ආයුෂ ඔච්චරයි වෙන්න ඇති. තාත්තා කෙනෙක් විදිහටට මගේ දුවගේ අකල් සමුගැනීම දරාගන්න අමාරු වුණත් මම කවදාවත් ඇය වෙනුවෙන් සින්දුවක් හදන්නේ නැහැ. මම මගේ දුව වෙනුවෙන් කරන්න ඕන දාන මාන හා ධර්ම වැඩ ඉදිරියේදී කරනවා. මගේ දුවට අත් වුණා වගේ මෙවැනි ඛේදනීය ඉරණමක් මේ ලෝකේ කිසිම දරුවෙක්ට අත්වෙන්නෙපා කියන ප්‍රාර්ථනය තමයි මගේ අවසන් ඉල්ලීම. කෙසේ හෝ පසුගිය දිනක කිංස්ලි පීරිස් හා ඔහුගේ බිරිඳ මාරි තෙරෙස්‌ගේ විවාහ ජිවිතයට වසර 25ක් ගත වීම නිමිත්තෙන් තම විවාහ සංවත්සරය සැමරීමට කිංස්ලි ඒ වෙනුවෙන් තම ආදරණිය බිරිඳ මාරි සමග ගත් ආදරණිය ඡායාරූප කිහිපයක් ඔවුන්ගේ ආදරණිය පුතණුවන් වූ කවිඳු පිරිස් විසින් මුහුණු පොතට එකතු කර තම දෙමාපියන්ට සුබ පතා තිබුණේ මෙලෙසින්.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button