දේශපාලන පුවත්දේශීය පුවත්ප්‍රධාන පුවත්

මාවනැල්ල බුදුපිළිම කැඩීමට අසාද් සාලි අනුබල දී ඇති බව CID ය අධිකරණයට දන්වයි

මේ වන විට රැඳවුම් නියෝග මත රඳවාගෙන ප‍්‍රශ්න කරන හිටපු ආණ්ඩුකාර, පාර්ලිමේන්තු මන්ත්‍රී අසාද් සාලි මහතා මාවනැල්ල බුදුපිළිම කැඩීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සමග සමීප සබඳතා පවත්වමින් එම ත‍්‍රස්ත කි‍්‍රයා සඳහා ආධාර අනුබල දී ඇති බවට මෙතෙක් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතාට කරුණු වාර්තා කර තිබෙනවා.

සැකකාර අසාද් සාලි මහතා මාවනැල්ල බුදුපිළිම කඩා දැමීමේ සිද්ධියේ සැකකරුවන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කිරීමේදී විමර්ශන නිලධාරීන්ට යම් බලපෑමක් සිදුකර ඇති ආකාරයක් පෙනී යන බවත් ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව විසින් ද නිකුත් කළ අවසන් වාර්තාවේ සඳහන් කර ඇති බවද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිය වාර්තාව මගින් කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.

ඒ අනුව මෙම සැකකරු 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළක්වීමේ තාවකාලික විධිවිධාන පනත යටතේ ගැනෙන කුමන්ත්‍රණය කිරීම යන වැරදි සිදුකර ඇති බවට නිරීක්ෂණය වන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button