දේශපාලන පුවත්දේශීය පුවත්ප්‍රධාන පුවත්

සිංහරාජ රක්ෂිත සීමාව ආසන්නයේ වැව් ඉදිකිරීම ව්‍යාපෘතික යෝජනාවක් පමණයි

යෝංජිත ගිං-නිල්වලා අතිරික්ත ජල හැරවුම් ව්‍යාපෘතිය පිළිබඳව වාරි මාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ විසින් කරුණු පැහැදිලි කරමින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ, වීරකැටිය ප්‍රදේශයේ දී උත්සව සභාවක් අමතමින් ගිං නිල්වලා යෝජනා ක්‍රමයට අදාළව අමාත්‍ය චමල් රාජපක්ෂ විසින් සිදු කරන ලද ප්‍රකාශය පිළිබඳව සමාජ මාධ්‍ය සහ විවිධ පාර්ශ්වයන් තුළ නිර්මාණය වී ඇති සංවාදය පිළිබඳව ප්‍රතිචාර දක්වමින් මෙම නිවේදනය නිකුත් කර ඇත.

අදාළ නිවේදනයේ දැක්වෙන පරිදි 1968 දී දිවංගත ඩඩ්ලි සේනානායක මහතාගේ රජය විසින් ද එතැන් සිට 2019 දක්වා පැවති සෑම රජයක්ම ගිං නිල්වලා ජල යෝජනා ක්‍රමයට ශක්‍යතා අධ්‍යයන ඉදිරියට පවත්වාගෙන ආ බවයි.

එමෙන්ම, මෙය සය අවුරුදු සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස ඉදිකිරීමට කටයුතු කර තිබුනේ 2014 දී බව ද අදාළ නිවේදනයේ සඳහන් වේ.

කෙසේවෙතත්, තමා වාරිමාර්ග අමාත්‍යවරයා ලෙස පත් වීමෙන් පසුව මේ පිළිබඳව යුනෙස්කෝ සංවිධානයෙන් නිර්දේශ හා නියාමන විමසන්නැයි අදාළ පාර්ශ්ව වෙත දැනුම් දීමක් ද සිදු කළ බව අමාත්‍යවරයා පවසයි. ඒ අනුව, යුනෙස්කෝ සංවිධානයේ නිර්දේශ හා නියාමනවලට පටහැනිව ක්‍රියා නොකරන බව ද අමාත්‍යවරයා අවධාරණය කරයි.

සිංහරාජ රක්ෂිත සීමාව ආසන්නයේ වැව් ඉදිකිරීම යෝජනාවක් පමණක් බවයි අමාත්‍ය චමල් රාජපක්ෂ අදාළ නිවේදනයේ සඳහන් කර ඇත්තේ.

එම නිවේදනය පහතින් දැක්වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button