ක්‍රීඩා පුවත්ගොසිප් පුවත්

ලෝක ශුරතාවලිය නිසා කරලියට ආ චින්තක ජයසිංහ මුහුණ දුන් බස් රථයේ ඛේදවාචකය

පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී චින්තක ජයසිංහ මගීන් රැගත් බස් රථය පදවාගෙන යමින් සිටියදී හදිසි අනතුරකට ලක්වුවා. අනතුරත් සමග ඔහුට ක්‍රියා කිරීම තිබුනේ ඉතා අල්ප කාලයක් වූ අතර ඔහු අනතුරෙන් සිදුවූ තුවාල දරාගෙන තමන් පැදවූ බස් රථයේ සිටී මගීන්ගේ ආරක්ෂාව සහතික කරමින් ඔවුන් ආරක්ෂා කිරීමට කැපවූ බවයි එරට බලධාරීන් සඳහන් කරන්නේ.

එම අනතුරෙන් සිදුවූ තුවාල මාරාන්තික වූ අතර චින්තකගේ ඉණ පහළට කොටස අංශභාග තත්ත්වයට පත්වීමේ අවධානමක් ද ඇතිවූවා. ඔහුගේ බෙල්ලට සහ පිටුපසට දැඩි කම්පනයක් ඇති වූ අතර ඔහුගේ දකුණු කකුල ද බරපතල ලෙස තුවාල වුවා. චින්තක ජයසිංහගේ කිසිදු හෝ සහායක් නොමැතිව, සුවය ලබා නැවත මෙල්බර්න් හි ලීග් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට සමත් වුවා. ඒ ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි ඔහුගේ තිබු නිරන්තර ආදරය නිසයි.

‘මාර්ග ආරක්ෂාව පිළිබඳ දැනුවත්භාවය’ සඳහා පරිපූර්ණ තානාපතිවරයෙක් වන චින්තක ජයසිංහ මෙවැනි තරඟාවලියක් සඳහා ශ්‍රී ලංකා ප්‍රවීනයන් සමග නියෝජනය කිරීම එම පණිවිඩය ලොවට කියා පාන්නක් බව ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ කළමනාකරු ශ්‍යාම් ඉම්පෙට් නිව්ස්වයර් වෙත ප්‍රකාශ කර සිටියේ. චින්තක ජයසිංහ ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි 20 ජාත්‍යන්තර තරග 5 ක් පමණක් ක්‍රීඩා කළ නමුත් ඔහු පළමු පන්තියේ ක්‍රීඩා 140 කට වඩා ක්‍රීඩා කළ දේශීය ප්‍රවීණයෙක් ද වෙනවා.

හිටපු ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක චින්තක ජයසිංහ දකුණු අප්‍රිකා legends කණ්ඩායම සමග පසුගිය දිනක පැවති තරගයේදී පන්දු 25 කදී නොදැවී ලකුණු 47 ක් රැස් කරනු ලැබුවා. චින්තක ජයසිංහ පසුගිය වසරේ ඕස්ට්‍රේලියාවේ දී මුහුණ දුන් හදිසි අනතුරක් හේතුවෙන් බරපතල තුවාල ලැබූ අයෙක් වන අතර ඒ අනුව “මාර්ග ආරක්ෂාව පිළිබඳ දැනුවත්භාවය” සඳහා ක්‍රීඩා කරන legends තරඟාවලියට ඔහු සුදුසුම තානාපතිවරයෙක්.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button