විශේෂාංග

මානසික සෞඛ්‍යයට කොරෝනා වලින් ඇති කරන බලපෑම නිසා ජීවිතයට ඇති අවධානම

වෙනදාට වඩා කේන්ති යන්නේ නම්, නොරිස්සුම වැඩි නම්, නින්ද නොයනවා නම්, හැසිරීමේ වෙනසක් පෙන්වනවා නම් මේ පිළිබඳ තාක්ෂණික දැනුමක් ඇති වෛද්‍යවරයකු වෙත යොමු කිරීම තුළින් මෙම තත්ත්වය මුල් අවස්ථාවේදීම සමථයකට පත්කර ගත හැකි බව දත යුතුය.

පුද්ගලයාට මානසික රෝගයක් වැළඳීමට තිබෙන අවදානම වැඩි කිරීමේ සාධක පිළිබඳ කතා කිරීමේදී එම පුද්ගලයාට යම් ව්‍යසනකාරී අත්දැකීමකට මුහුණ දීමට සිදුවී නම් ඒ හරහා පුද්ගලයාගේ මානසික සෞඛ්‍ය පිරිහීම, මානසික ආතතිය වැඩිවීම, මානසික රෝග වැළඳීම සහ එවැනි තත්ත්වයන් වලට මුහුණ දීමට සිදුවන බව අප දේශීය වෛද්‍ය ක‍්‍රමයේ මානසික රෝග වර්ගීකරණය යටතේ කතා කරන ව්‍යසන උන්මාදය යටතේ සාකච්ඡා කෙරේ.

පුද්ගලයා යම්කිසි ව්‍යසනකාරී අත්දැකීමකට මුහුණ දීම සහ මානසික සෞඛ්‍ය පිරිහීම අතර ඇති සම්බන්ධතාව ගෙනහැර දැක්වීමට තිබෙන හොඳම උදාහරණය නම් 2005 වර්ෂයේදී අපට මුහුණ දීමට සිදුවූ සුනාමි ව්‍යසනයය. පශ්චාත් සුනාමි තත්ත්වයන් විශ්ලේෂණය කරන විශේෂඥයන් විසින් අනාවරණය කරන්නේ මෙම ව්‍යසනයෙන් පසු ශී‍්‍ර ලංකාවේ උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල ජීවත්වන පුද්ගලයන්ගෙන් සියයට අටක් පමණ යම්කිසි වූ මානසික ආබාධයකට මුහුණ දීමට සිදුවී තිබුණු බවයි.

මෙම තත්ත්වයට බලපාන හේතු අතර මෙවැනි තත්ත්වයන් කළමනාකරණය කිරීම පිළිබඳ අපට තිබූ අඩු අත්දැකීම් විශේෂයෙන් අවධානයට යොමුවී තිබේ. අප එම ව්‍යසනයට මුහුණ දීමට සිදුවූ පුද්ගලයන්ගේ භෞතික අවශ්‍යතා සපුරාලීමට මහත් සේ වෙහෙසුණු අතර මොවුන්ගේ මනෝ සාමාජික කඩාවැටීම් නැවත ස්ථාපිත කිරීම සඳහා දෙනු ලබන සහයෝගය පිළිබඳ යොදා තිබූ අවධානම ඉතාම අඩු තත්ත්වයක තිබුණි.

කෙසේ වෙතත් වර්තමානයේ මුළු ලෝක ප‍්‍රජාවම මුහුණ දෙන මෙම කොරෝනා වසංගත තත්ත්වය පිළිබඳ විශ්ලේෂණය කරන ලෝක විද්වතුන් ප‍්‍රකාශ කරන්නේ පශ්චාත් කොරෝනා සමය මානසික රෝග සුනාමියක් බවයි. මෙම තත්ත්වය පිළිබඳ රටක් විදිහට අප කෙතරම් අවධානය යොමුකර තිබේද. වෛරසය නිසා මොළයට ඇතිවිය හැකි හානිකර තත්ත්වයන් පසුකාලීනව ඇති කළ හැකි මානසික ආබාධවලට අමතරව සාමාජීය වශයෙන්, ආර්ථික වශයෙන් මෙම තත්ත්වයන්ට මුහුණ දීම නිසා ඇතිවන ගැටලූකාරී තත්ත්වයන් නිසා පැනනගින මානසික ගැටලූ බොහෝ තීව‍්‍ර බවත් මෙම විද්වතුන්ගේ අදහසයි.

කෙසේ වෙතත් වසංගතයේ දීර්ඝකාලීන බලපෑම අද වන විටත් මුළු මහත් ලෝක ප‍්‍රජාවටම බලපා ඇති අතර ශී‍්‍ර ලාංකික ජනතාවගේ ද මානසික සෞඛ්‍ය කෙරෙහි දැඩි බලපෑමක් ඇති වී තිබෙන බව අප සායනිකව අත්දැක තිබෙන තත්ත්වයකි.

මේ සඳහා දියහැකි හොඳම උදාහරණය නම් පසුගිය වසරේ මාර්තු මාසයේ සිට රට අගුළු දැමීමෙන් පසුව සහ එම සමය තුළ ඇතිවුණු ගෘහස්ථ හිංසනය, දීර්ඝකාලීනව සමාජ සම්බන්ධතා අඩපණ කරමින් නිවෙසේ රැුඳී සිටීමට සිදුවීම වැනි තත්ත්වයන් නිසා පුද්ගලයන් දරුණු ලෙස මානසික ආතතියකට ගොදුරු වී එහි අතුරුපලයක් ලෙස අධික ලෙස කේන්ති යෑම, නොරිස්සුම් ගතිය, නින්ද නොයෑම, කෑම අරුචිය, ජීවිතය එපා වීම, සියදිවි නසා ගැනීමේ සිතුවිල්ල වැනි රෝග ලක්ෂණ සමගින් පැමිණිලි ඉදිරිපත් කිරීමයි.

මේ හේතුවෙන් දැනටමත් ජාත්‍යන්තර වශයෙන් සහ ජාතික වශයෙන් ඉතාම ඉහළ වේගයකින් වර්ධනය වන්නා වූ මානසික රෝග තවදුරටත් පැතිරීමේ අවදානමේ පෙර නිමිති හොඳ හැයි පෙනෙන්නට තිබේ. මානසික සෞඛ්‍ය පිරිහීම සහ මානසික රෝගයක් වැළඳීම යනු හුදු වෛද්‍ය විද්‍යාත්මක කායික සහ මානසික ගැටලූවක් නොව මෙම තත්ත්වය හරිහැටි කළමනාකරණය කර නොගැනීම නිසා එම තත්ත්වයට පත් වූ පුද්ගලයා කේන්ද්‍ර කර ගනිමින් එම පුද්ගලයා ජීවත් වන පරිසරයේ අන් අයටද මේ තුළින් දැඩි බලපෑමක් ඇතිවීමට හැකියාවක් තිබේ.

ඒ හරහා රටක් ලෙස, ප‍්‍රජාවක් ලෙස මෙහි ඇතිවන අතුරු ආබාධ සියල්ලම අත්විඳීමට සිදුවේ. තවදුරටත් මේ පිළිබඳ විස්තර කරන ලෝක විද්වතුන් දැනට පවතින මානසික රෝග තත්ත්වයේ ශීඝ‍්‍ර ව්‍යාප්තිය සඳහා බලපාන සහ අවදානම වැඩි කරන හේතු සාධක අතර පශ්චාත් ව්‍යසන සමය තුළ මේ සඳහා බලපාන හේතු හැටියට ඔවුන් පුරෝකතනය කර තිබෙන්නේ සමාජ දුරස්ථකරණය,

නිරෝධානය සහ සමාජය තුළ මෙම වසංගත තත්ත්වය නිසා නිර්මාණය වී තිබෙන සමාජ ආර්ථික ගැටලූයි. මෙම ගැටලූ නිසාත් පුද්ගලයා තුළ චිත්තාවේගික වශයෙන් අසමබර සහ අසමතුළිත තත්ත්වයන් නිර්මාණය වන අතර ඒ නිසා ඔවුන් තුළ සමාජ සංසිද්ධීන් වලට ප‍්‍රතිකී‍්‍රයාවන් දැක්වීමේදී අධි සංවේදීතාවක් ඇතිවීම, හැගීම්බර වීම, නිතර කේන්ති යෑම, පශ්චාත් ක්ලමත අක‍්‍රමිකතා (ව්‍යසනයකට මුහුණ දීමෙන් පසු ඇතිවන මානසික ආතතිය වැනි තත්ත්වයන් ඇති වන බවත් විශේෂයෙන්ම මෙම තත්ත්වය නිරෝධායනයෙන් පසුව ඇතිවන බවත් ඔවුන් විසින් අනාවරණය කර තිබේ.

ඒ නිසා පිරිමි පුද්ගලයන් තුළ මත්පැන්, මත් ද්‍රව්‍යයට ඇබ්බැහිවීමේ වැඩි ප‍්‍රවනතාවක් ද ඇති විය හැකි බව ඔවුන් විසින් සොයාගෙන තිබේ. මෙම සංසිද්ධිය යම්තාක් දුරකට සත්‍යයක් බවට පත් කරමින් පසුගිය කාලය තුළදී අප දුටු සත්‍යක් නම් රට අගුළු දැමීමෙන් පසු වරින් වර විවෘත කිරීමේදී තැබෑරුම් ඉදිරියේ එක් රැුස්ව සිටි පුද්ගලයන්ය. එය හොඳම උදාහරණය බව පෙන්වා දිය හැකිය.

කෙසේ වෙතත් මෙම තත්ත්වය පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීම තුළින් පශ්චාත් වසංගත සමාජයෙන් පසු සමාජයට එල්ල විය හැකි බලපෑම් බොහෝ දුරට කළමනාකරණය කර ගත හැකි අතර එම බලපෑමෙන් ප‍්‍රධාන අංගයක් වන පුද්ගලයාගේ මානසික සෞඛ්‍යයට ඇතිවන බලපෑම අවම කර ගත හැකිවනු ඇත.

මෙය වැළැක්වීම සඳහා සමාජයේ අන් අයගේද සහයෝගය අවශ්‍ය වන අතර යම් කෙනෙකුගේ මෙවැනි වූ චිත්තාවේගික තත්ත්වයන්, අසමතුළිතතාවක් වන්නේ නම්, වෙනදාට වඩා කේන්ති යන්නේ නම්, නොරිස්සුම වැඩි නම්, නින්ද නොයනවා නම්, හැසිරීමේ වෙනසක් පෙන්වනවා නම් මේ පිළිබඳ තාක්ෂණික දැනුමක් ඇති වෛද්‍යවරයෙතු වෙත යොමු කිරීම තුළින් මෙම තත්ත්වය මුල් අවස්ථාවේදීම සමථයකට පත්කර ගත හැකි බව දත යුතුය.

Courtesy – Divaina

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button