custom_html_banner1
දේශීය පුවත්

මාර්තු මුල සිට කොවිඩ් එන්නත් සාමාන්‍ය ජනතාවටත්

custom_html_banner1
Spread the love

මාර්තු මස මුල සතිය වන විට තවත් කොරෝනා වලට එරෙහි එන්නත් තොගයක් මෙරටට ගෙන්වීමට බලාපොරොත්තු වන බව කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසනවා.

මාධ්‍ය වෙත අඳහස් දක්වමින් අමාත්‍යවරිය සඳහන් කරන්නේ මාර්තු පළවෙනි සතිය වන විට වැඩකරන සාමාන්‍ය ජනතාවටද කොවිඩ් එන්නත් ලබා දීමට බලාපොරොත්තු වන බවයි.

වැඩිදුරටත් අදහස් දැක් වූ කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

ඇස්ට්‍රාසෙනෙකා එන්නත මේ වෙන කොට 160,000කට අපි ලබා දීලා තියනවා. ඊලගට මුලිකත්වය දෙන්න බලාපොරොත්තු වෙනවා පුද්ගලික වෛද්‍ය ක්ෂේත්‍රය කොරෝනා මර්ධනයේදී ඉදිරියෙන් ඉන්න වෛද්‍යවරු සහ අනෙකුත් කාර්ය මණ්ඩලය සඳහා.

ඒ අතර අපි ඇණවුම් කරලා තියනවා එන්නත් ලබා ගැනීමට. ඒ වගේම අපිට කොවැක්ස් පහසුකම හරහා මාර්තු මුළ වෙනකොට එන්නත් තොගයක් ලැබීමට නියමිතයි.

අපි විශ්වාස කරනවා මාර්තු පළවෙනි සතිය වෙන කොට අවුරුදු 60 වැඩි ජන ගහනයට, ඊට සමගාමීව 30 සිට 64 වැඩකරන ජනතාවටත් මේ එන්නත් කරණය ලබා දීමට හැකියාව ලැබෙනවා කියලා.

මේ වෙනකොට සැලසුම් කරලා තියනවා මධ්‍යස්ථාන 4000ක්. ඒ 4000න් දිනකට මධ්‍යස්ථාන 2000 ක්‍රියාත්මක වෙන ආකාරයට හැම මධ්‍යස්ථානයකින්ම 300 දෙනෙකුට දිනකට එන්නත් ලබා දීමට.

custom_html_banner1

එතකොට දිනකට ලක්ෂ 6 ජනතාවකට අපිට හැකියාව ලැබෙනවා එන්නත් ලබා දෙන්න.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button