ගොසිප් පුවත්තරු හුට පට

පිය පදවියට සැරසෙන පේෂල මනෝජ් උපන් දිනය ජයටම සැමරුවේ මෙහෙමයි

අපේ රටේ ඉන්න ඉතාමත් ජනප්‍රිය බොහෝ රසික පිරිසක් ආදරය කරන දක්ෂ තබ්ලා වාදන ශිල්පියෙක් වගේම දක්ෂ නිවේදන ශිල්පියෙක් වන පේෂල මනෝජ් වගේම ඔහුගේ ආදරණීය සුන්දර බිරිද නිවේදන ශිල්පිනියක් වන පූර්ණිකා පීරිස් කියලා කියන්නේ බොහෝ දෙනාගේ ආදරය දිනා ගත්ත ආදරණීය කළා ශිල්පීන් යුවලක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්.

දෙරණ නාලිකාවේ විකාශනය වන චැම්පියන් ස්ටාර් වැඩසටහන හරහා පේෂල මනෝජ් බොහෝ දෙනෙකුගේ කතා බහට ලක්වෙන අපූරු නිවේදකයෙක් කිවුවත් හරියටම හරි. ඉතින් ඔවුන්ගේ සොදුරු කැදැල්ලට ළඟදීම අලුත් අමුත්තෙක් එකතු වෙන බවත් ආරංචියි. ඉතින් ඒ වගේම මේ නිහතමානී කළා ශිල්පියෙක් වන පේෂල මනෝජ්ගේ උපන්දිනය අද දිනයට යෙදිලා තියනවා.

ඉතින් මේ බොහෝ දෙනෙකුගේ ආදරය හිමිකරගෙන ඉන්න පේෂල මනෝජ් ඔහුගේ උපන්දිනය පූර්නිකා පීරිස් වගේම ඔහුගේ පුතත් එක්ක පවුලේ හැමෝමත් එකතු කරගෙන බොහොම අපූරුවට සමරලා තියනවා අපිට දැකගන්න ලැබුණා. ඉතින් අද දින උපන්දිනය සමරන පේෂල මනෝජ්ට අපිත් සුබම සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරමු.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button