custom_html_banner1
දේශීය පුවත්

රණවිරුවෙකුට පහර දී කෘතිම පාදයත් කඩා දමයි

custom_html_banner1
Spread the love

ගනේවල්පොල සිට දාච්චිහල්මිල්ලෑව දක්වා මාර්ගය සාදා නොදුන්නා යැයි පවසමින් ජනපතිට සංදේශයක් භාර දීමට පාදයක් අහිමි වූ රණවිරුවකු පා ගමනින් පැමිණ තිබෙනවා.

අනුරාධපුර පළුගස්වැව ප්‍රදේශයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවී එම සංදේශය (4) දින භාර දී ඔහු ගලෙන්බිඳුනුවැව , යකල්ල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසට ගොස් තිබෙනවා.

පසුගිය සෙනසුරාදා (6) දින රාත්‍රියේ නාදුනන කිසියම් පිරිසක් විසින් ඔහුට පහර දී ඔහුගේ කෘතිම පාදයද කඩ දමා ගොස් ඇති අතර ඔහුගේ ජංගම දුරකථනයද කඩා දමා එම පිරිස පලා ගොස් තිබේ.

මේ පිළිබදව ගලෙන්බිඳුනුවැව පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි .

මීට අමතරව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ අනුරාධපුර රෝහලට ගොස් ඹහුගේ සැපදුක් විමසා බලා ඇති අතර නව කෘතීම පාදයක් ලබාදීමට අමාත්‍යවරයා පොරොන්දු වී තිබෙනවා.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button