custom_html_banner1
දේශපාලන පුවත්දේශීය පුවත්

බොරු බේගල් විපක්ෂය කොවිඩ් වලිනුත් පරාදයි.. ජැටියෙනුත් පරාදයි – ජොන්ස්ටන්

custom_html_banner1
Spread the love

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිව්දෙස සුරැකි සිව්වසර යන තේමාව යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ, කටුගම්පොළ ආසනයේ ආසන බල මණ්ඩල රැස්වීම 06-02-2021 දින මහාමාර්ග අමාත්‍ය ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය ගරු සී බී රත්නායක අමාත්‍යවරුන්ගේ සහ ගරු අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් ප්‍රියන්ත රත්නායක මහතා ඇතුළු එම ආසනයේ දේශපාලන නියෝජිතයින්ගේ සහභාගිත්වය පන්නල දී පැවැත්විණි.

මෙහිදී අදහස් දැක්වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා

අද අමුතුවෙන් කියන්න දෙයක් නැහැ විපක්ෂ දේශපාලන වශයෙන් බංකොලොත් වෙලා තියෙන්නේ. විපක්ෂය මොනවා හරි කාරණාවක් ගෙනල්ලා ගොඩ යන්න හදනවා. ඒ හැම කාරණාවකදීම විපක්ෂය පරදිනවා .ලංකාගම ගන්නකෝ ලංකාගම මාර්ගය කියන්නේ ඒ ප්‍රදේශයේ ජනතාවට මහා දැවැන්ත ප්‍රයෝජනයක් වන මාර්ගයක්. ඒකට විපක්ෂය විරුද්ධ වුණා. එහෙම් පිටින්ම ඔවුන් අද පරාජයට පත්වෙලා.ඊළඟට නාවල මම හදන පාලමට ප්‍රේමදාස මහත්තයාගේ මන්ත්‍රී කල්ලිය ගිහිල්ලා විරුද්ධ වුණා . කොවිඩ් එන්නත විරුද්ධ වුණා. ඒකෙනුත් ඔවුන් පරාදයි .ජැටියෙනුත් ඔවුන් පරාදයි .

මේ හැම දේකින්ම විපක්ෂය පරදින එක තමයි වෙන්නේ. අද විපක්ෂය සම්පූර්ණයෙන්ම දේශපාලනික වශයෙන් පරාජයට පත්වෙලා බංකොලොත් වෙලා තිබෙන්නේ. ඒකට ප්‍රධාන හේතුව තමයි විපක්ෂයේ නායකත්වයට ඔවුන් කුලල් කාගන්නවා. නායකත්වය වෙනුවෙන් ඔවුන් පිල් බෙදිලා ඉන්නේ . ප්‍රේමදාස ,රණවක, හරේන් යන තුන්දෙනා දිය යටින් ගින්දර ගෙනියනවා. ප්‍රේමදාසවයි රණවකයි භේද බින්න කරලා හරේන් හදනවා යටින් වෙනම කණ්ඩායමක් ගෙනෙන්න. මේ වෙද්දි විපක්ෂය සම්පූර්ණයෙන්ම බෙදිල ඉන්නේ .

ඒ කල්ලියත දන්නවා සිරිසේන ජනාධිපතිතුමාගේ කොමිසමෙන් ප්‍රේමදාස මහත්තයා දූෂණයක් කලා කියන එක මේ වෙද්දී පැහැදිලිව ඔප්පු වෙලා තියෙනවා කියලා.ඒ වගේ ප්‍රශ්න ගණනාවක් අද විපක්ෂයට තියනවා . ඔවුන් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පහර පිට පහර දෙන්න හැදුවට ඇත්ත වශයෙන්ම විපක්ෂය අද විනාශයට පත්වෙලා තිබෙන්නේ .

රන්ජන් රාමනායක කියන්නේ අධිකරණයට අපහාස කළ පුද්ගලයෙක්. ඒ පුද්ගලයාට ප්‍රේමදාස මහත්තයා අපේක්ෂකත්වය ලබා දුන්නා .අධිකරණය දූෂිතයි කියලා කියපු ඒ පුද්ගලයා වෙනුවෙන් ප්‍රේමදාස මහත්තයා පෙනී හිටියා .ප්‍රේමදාසලා යළි බලයට පැමිණිය හොත්මේ රටේ අධිකරණ පද්ධතියම විනාශ යි කියන එක අද මේ රටේ බුද්ධිමත් ජනතාව දන්නවා . මෙවැනි අය වෙනුවෙන් නම් විපක්ෂය පෙනී සිටින්නේ , විපක්ෂය නියෝජනය කරන්නේ මෙවැනි පුද්ගලයින් නම් අද විපක්ෂයේ කාර්යභාරය මොකක්ද .

විපක්ෂයේ සැබෑ කාර්ය භාරය ප්‍රේමදාස මහත්තයා ප්‍රමුඛ කල්ලිය ඉෂ්ට කරන්නේ නැහැ . ඔවුන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පැලකට ගිහිල්ලා වාඩිඋන එකක් ගැන කතා කරයි . නැත්නම් සාම්ප්‍රදායික විදිහට පැලක් හදලා ඒ පැල තුළ ඉදල ප්‍රශ්නය ඇහුවා කියලා පැරණි සම්ප්‍රදායට පහර දෙන්න හදයි .එසේත් නොමැති නම් ගෝඨාභය මහත්තයාගේ නම නන්දසේන කියන එක දැනගෙන හීනෙන් වගේ නැගිටලා ඒකට ගහන්න හදයි . මේ වගේ පලක් නැති වැඩ තමයි විපක්ෂය කරන්නේ.

custom_html_banner1

විපක්ෂ නායකතුමා මෙවර නිදහස් දිනයට පැමිණියා . ඒක ඉතාමත් හොඳ පූර්වාදර්ශයක්. මම ඒක අගය කරනවා . කොවිඩ් ප්‍රශ්නය තුලදීත් විපක්ෂ නායකතුමා මේ වගේ ඇවිල්ලා එක මේසෙ වාඩි උනානම් මොනතරම් හොඳ පණිවුඩයක් ලෝකයට යැවෙනවාද. අද වෙනකොට විපක්ෂයේ සම්පූර්ණයෙන්ම බංකොලොත් භාවයට පත්වෙලා .විපක්ෂයට අනාගතයක් නැහැ . කොවිඩ් වසංගතය රටපුරා තිබෙන අවදියකත් රටේ ජනතාව 2/3 ක බලයක් අපිට ලබලා දුන්නා . විපක්ෂයේ ක්‍රියාපිළිවෙත මේ රටේ ජනතාවට කිසිදා අමතක වෙන්නේ නැහැ .

අපි පොරොන්දු වුණු වුනු ආකාරයට අපි මේ රට සංවර්ධනය කරනවා . මේ රටේ ආරක්ෂාව අපි තහවුරු කරල තිබෙනවා . මේ රටේ ජාතික සම්පත් අප කිසිසේත් විකුණන්නේ නැහැ ඒවා ආරක්ෂා කරනවා . විපක්ෂයට තව කාලන්තරයක් බලාගෙන සිටින්න වෙනවා මේ රටේ ආණ්ඩු බලය ලබා ගන්න . ඔවුන්ට බලය 2015 දී ලබාදීලත් මේ රට හදන්න බැරි උනේ ඔවුන්ගේ නොහැකියාව නිසයි . ඔවුන්ට මේ රට හදන්න හැකියාව තිබුණා නම් මේ රටේ ජනතාව අවුරුදු 4 1/2 න් ඔවුන්ව ගෙදර යවන්නේ නැහැ .

මාධ්‍ය ඒකකය
මහාමාර්ග අමාත්‍යාංශය

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button