දේශපාලන පුවත්දේශීය පුවත්ප්‍රධාන පුවත්

හම්බන්තොටට වතුර ගෙනියන්න සිංහරාජෙ ඇතුලේ වැව් 2 ක් හදනවා – ඇමති චමල්

ලෝක උරුම සිංහරාජ වනාන්තරය තුළ විශාල වැව් දෙකක් ඉදි කිරීමට සැලසුම් කර තිබෙන බව වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි.

හම්බන්තොට ප්‍රදේශයට පිරිසිදු ජලය ගෙන යාමේ අරමුණෙන් ජලය එක්රැස් කරගැනීමට මෙම වැව් ඉදි කරන බව ද ඔහු පවසයි.

ගිං සහ නිල්වලා ගංගාවල ජලය, චන්ද්‍රිකා වැව හරහා ගිරුවාපත්තුට රැගෙන ඒම සදහා වූ ව්‍යාපෘතියක්, මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූරය දැරූ කාලයේ සැලසුම් කර තිබුණු බවත්, අදාල ව්‍යාපෘතිය චීන සමාගමකට භාර දී තිබුණු බවත් අමාත්‍යවරයා පවසයි.

මෙම ව්‍යාපෘතියට අදාලව සිංහරාජ වනාන්තරය තුළ වැව් දෙකක් බැදිය යුතුව තිබෙන බවත් එක් වැවක් අක්කර පහක පමණ විශාලත්වයකින් යුතුව ඉදිකිරීමට සැලසුම් කර තිබෙන බවත් අමාත්‍යවරයා පවසයි.

සිංහරාජය තුල එම වැව් ඉදිකිරීමේදී යට වන ගස් සඳහා වෙනම අක්කර පනහක් සීයක් පමණ ගස් සිටුවා දීමට කටයුතු කරන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

සිංහරාජ වනාන්තරයේ මෙම වැව් ඉදිකිරීම සම්බන්ධයෙන් ගැටලූවක් පවතින නිසා අදාළ අංශ සමඟ ඒ ගැන සාකච්ඡා කරමින් සිටින බවද ඇමැතිවරයා කීය.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button