දේශීය පුවත්

ඉතිහාසයේ ප්‍රථම වතාවට පකිස්තාන් ජාතික දිනයේ විශේෂ ආරාධිතයා – හමුදාපති ශවේන්ද්‍ර සිල්වා

පකිස්තාන් ජාතික දිනය සඳහා විශේෂ ආරාධිතයෙකු ලෙස මෙරට යුධහමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහභාගී වේ.

පකිස්තානයෙන් එරට ජාතික දිනය සඳහා විශේෂ ආරාධිතයෙකු ලෙස ආරාධනා ලැබූ ප්‍රථම හමුදා නිළධාරියා වන්නේ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා වේ.

81 වන පකිස්තාන් ජාතික දින උත්සවය මාර්තු 23 වන දින පැවැත්වේ.

යුධහමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මේ දිනවල පකිස්තාන සංචාරයක නිරතව සිටින අතර එරට ජනාධිපති අරීෆ් අල්වි මහතාද පසුගියදා හමුවූවා.

එහිදී එරට ජනාධිපති අරීෆ් අල්වි මහතා ප්‍රකාශ කර ඇත්තේ ජිනීවා යෝජනා වලට එරෙහිව පකිස්තානයේ සහය ශ්‍රීලංකාවට හිමිවන බවයි.

Courtesy – ApeRata

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button