ක්‍රීඩා පුවත්

මට තාම පුලුවන් LPL එකට කතා කළොත් එනවා – ඩිල්ෂාන්

තවමත් තමාට තරගකාරී ක්‍රීඩාවේ නිරත වීමට තරම් ශාරීරික යෝග්‍යතාවය පවතින බව ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් පවසනවා. මෙම වසරේ පැවැත්වෙන ‘ලංකා ප්‍රීමියර් ලීග්’ තරගාවලිය සඳහා යම් කණ්ඩායමකින් ආරාධනා ලැබුණහොත් ක්‍රීඩා කිරීමට සූදානම් බවයි ඔහු පවසන්නේ.

පසුගිය වසරේ පැවති තරගාවලියටද සහභාගි වීමට සූදානම්ව ඒ බව දැනුම් දුන් නමුත් කිසිදු කණ්ඩායමකින් අවස්ථාව නොලැබුණු බවයි ඩිල්ෂාන් පවසන්නේ.

රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස් තරගාවලිය සඳහා ඩිල්ෂාන්ගේ නායකයත්වයෙන් ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ කණ්ඩායම සහභාගි වී සිටින අතර මේ වනවිට ඔවුන් අවසාන මහා තරගය සඳහා සුදුසුකම් ලබා සිටී. අද රාත්‍රී ඉන්දියානු ප්‍රවීනයන්ගේ කණ්ඩායම සමග අවසන් තරගය පැවැත්වේ.

ඩිල්ෂාන් එහිදී පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද සුවිශේෂ දස්කම් දැක්වීමට සමත් වුණා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button