දේශීය පුවත්

අමැති බන්දුලගෙන් රුපියල් සියයට අඩුවෙන් සහල්

සාමාන්‍ය ජනතාව භාවිතා කරන සහල් කිලෝවක් රුපියල් සියයට අඩුවෙන් ලබාදෙන බව තමා සහතික වන බව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා දිවයින ඉරිදා සංග‍්‍රහයට පැවසීය.

ඒ අනුව කැකුළු, නාඩු, සම්බා සහල් කිලෝවක් රුපියල් සියයට අඩුවෙන් අලෙවි කිරීමට ඉදිරි දින කිහිපයේ කටයුතු කරන බවත් ඒ අනුව වෙළෙඳපොළේ ඇති සහල් මාෆියාව ඉබේම අහෝසි වන බවත් ඇමැතිවරයා කීවේය.

මෙම සහල් සෑම සතොස වෙළෙඳසලකින්ම රුපියල් සියයට අඩුවෙන් මිලදී ගැනීමට හැකි බව ද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

නෝමන් පලිහවඩන

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button