ගොසිප් පුවත්

යෝෂිත රාජපක්ෂ ආදරණීය බිරිදගේ උපන්දිනය සමරමින් කිව්ව ආදරණීය කතාව

රාජපක්ෂ පවුල කියලා කියන්නේ අපේ රටේ කොයි කාගේත් ආදරයට වගේම කතා බහට ලක්වෙන ආදරණීය ආදර්ශවත් පවුලක් කිවුවොත් හරි. ඉතින් ඒ වගේම තමයි මේ පවුලේ දෙවෙනි පුතු වන යෝෂිත රාජපක්ෂ කියලා කියන්නෙත් කාගේත් ආදරයට වගේම කතාබහට ලක්වෙන චරිතයක් කිවුවොත් හරි.

ඉතින් ඔහුගේ ආදරණීය බිරිද නිතීෂා රාජපක්ෂගේ උපන්දිනය අද දිනට යෙදිලා තියනවා. ඉතින් ඒ වෙනුවෙන් පවුලේ හැමෝමත් එක්ක එකතුවෙලා යෝෂිත රාජපක්ෂ තමන්ගේ ආදරණීය බිරිදට අපූරු උපන්දින සාදයක් තමයි අද ලබාදීලා තියනවා අපට දැකගන්න ලැබුණේ. ඉතින් ඒ වගේම තමයි ඒ අවස්ථාවේදී ලබා ගත්ත ඉතාමත්ම ආදරණීය ඡායාරූප කිහිපයක්ම යෝෂිත රාජපක්ෂ මහතා ඔහුගේ සමාජ මාධ්‍ය ජාලා වලට එකතු කරමින් තමන්ගේ ආදරණීය බිරිදගේ උපන්දිනය වෙනුවෙන් මෙන්න මේ වගේ සෙනෙහස පිරුණු කතාවකුත් කියන්න අමතක කරලා තිබුනේ නැහැ.

” සුබම සුබ උපන්දිනයක් වේවා මගේ ආදරණීය සුන්දර බිරිද. මට ලැබුණු හොදම දේ ඔයා තමයි. ඔයාට ගොඩක් ස්තූතිවන්ත වෙනවා මට ශක්තියක් වෙනවා වගේම මගේ ජීවිතේට සතුට ලබා දෙනවට. මන් ඔයාට ගොඩක් ආදරෙයි මගේ බිරිද” කියලයි ඔහු ඒ විදිහට සෙනෙහසින් සඳහන් කරලා තිබුණේ. ඉතින් මේ විදිහට අද දිනයේදී උපන්දිනය සමරන නිතීෂා රාජපක්ෂට අපිත් හදවතින්ම සුබම සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button