custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පට

තනිකඩව ජීවත්වෙන නිරෝෂා පෙරේරා දැන් ගෙවන ජීවිතේ ගැන කියන කතාව – (PHOTOS)

custom_html_banner1
Spread the love

කවුරුත් ආදරය කරන දන්න හඳුනන නිවේදන ශිල්පිනියක් වගේම ආදරණීය රංගන ශිල්පිනියක් තමයි නිරෝෂා පෙරේරා කියලා කියන්නේ. ඉතින් ඒ වගේම තමයි හරි හරියට භාෂා හත අටක් කතා කරන්න වගේම ලියන්නත් ඇය දක්ෂයි. ඉතින් ඒ වගේම අමුතු ලස්සනකටත් හිමිකම් කියන මේ ආදරණීය නිවේදන ශිල්පිනියගේ තනිකඩ ජීවිතයේ දැනෙන හැගීම් වගේම විදින විදවන දේවල් ගැන ඇය කිවුවේ මෙන්න මේ වගේ කතාවක්.

” තනිකඩව ජීවත් වෙන්වා කියලා කියන්නේ මම සමාජයෙන් ඈත් වෙලා හුදකලාව ජීවත් වෙනවා නෙමෙයි. සැහීමකට පත් නොවෙන්න තනිකඩව ජීවත් වීම මගේ ජීවිතේ ගොඩක් සැහීමකට පත් වෙන්න හේතුවක් වෙලා තියනවා. ඉතින් ඒ කාරණා කිහිපයක් නිසා. මගේ ජීවිතේ සම්බන්දව කියන කරන හැමදේම මගේ වගකීම. මම තනිකඩ නිසාම මට ගොඩක් දේවල් ගැන හිතන්න ඒ වගේම ගොඩක් දේවල් කරන්න මට කාලය ලැබිලා තියනවා.

සැහීමකට පත් වෙන්න පුළුවන් ලොකුම දේ තමයි මට ලැබිලා තියන මානසික නිදහස. ගොඩක් අයට මොන දේ තිබුනත් ඇත්තමට නැත්තේ ඒ දේ තමයි. ඉතින් ඒ වගේම තමයි මට පසුගිය කාලයේ නාලිකා කිහිපයකින්ම මාධ්‍ය වැඩසටහන් ඉදිරිපත් කරන්න කතා කළත් මොකක් හරි එක අඩුපාඩුවක් හරි ඒ දේවල්වලින් දැක්ක නිසා ඒ දේවල් මම භාරගත්තේ නැහැ.

නමුත් ඉදිරියේදී කරන්න නම් වැඩ කිහිපයක් භාරගෙන ඉන්නේ. හැමදේකම පෙර නිෂ්පාදනයක් තියෙන්න ඕනිනේ. ඉතින් මම දෙයක් කරද්දි හොඳට සැලසුම් කරලා තමයි කරන්නේ. මම යම් වැඩකට කල්ගන්නවා කියන කතාව ඇත්ත. මොකද අපි හිතන්න ඕනෑ දෙයක කොන්ටිටි එක නෙමෙයි කොලිටි එක. අපි දෙයක් කරන ප්‍රමාණය නෙමෙයි වැදගත් ඒ කරන දේ වටිනාකම එහෙමත් නැතිනම් කොච්චර හොඳට දෙයක් කරනවාද කියන එක තමයි වැදගත්. ඒ වගේම මම පුරුදු වෙලා තියෙන්නේ හැම වෙලාවෙම අලූත් දෙයක් හෝ වෙනස් දෙයක් කරන්න.

එහෙම මම වෙනස් දෙයක් කළාට පස්සේ අනෙක් අය ඒක කොපි කරන්න පුළුවන්. ඒක තමයි මට වෙන්න ඕනෑ. ඉතින් ඇත්තටම මම වැඩක් භාර ගනිද්දි දුරදිග බලනවා. මොකද මට දෙයක් අකමැත්තෙන් කරන්නත් බැහැ. බාගෙට කරන්නත් බැහැ.

කරන්නන් වාලේ කරගෙන යන්නත් බැහැ. අවුරුදු ගණනාවකට පස්සේ තමයි මම චිත්‍රපටයක් බාර ගත්තේ. එහෙමයි කියලා මම චිත‍්‍රපට කරන කෙනෙකුත් නෙමෙයි. බොරු කියන්න ඕනි නැහැ මට හැමදාම චිත‍්‍රපටවලට ආරාධනා ලැබෙන්නෙත් නැහැ. හැබැයි චිත‍්‍රපටයක් ලැබෙද්දි හොඳ රංගනයක් කරන්න පුළුවන් වගේම මගේ රංගන කුසලතා එළිදක්වන්නත් පුළුවන් දැවැන්ත චරිත තමයි මට ලැබෙන්නේ.

ඇත්තටම එහෙම තෝරගත්ත හොඳ චිත‍්‍රපට කිහිපයක් ටිකක් කල් ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒවා අනිවාර්යයෙන්ම අනාගතයේදී වේවි. මම එක චිත්‍රපටයක් ඉවර වෙලා තමයි තව චරිතයක් කරන්නේ. ඉතින් මම එක වෙලාවකට කරන්නේ එක චිත‍්‍රපටයයි. එකම වෙලාවේ චරිත දෙක තුනක් කරන්න මම කැමැති නෑ. ඒ වගේම ඇත්තටම පසුගිය කාලයේ වැඩ කරපු නැති ප‍්‍රධාන හේතුවක් තිබුණා.

custom_html_banner1

ඒ මම හොංකොං ගිහිල්ලා ඇඳුම් නිර්මාණ ශිල්පය කියන විෂය ඉගෙන ගත්ත නිසා. ඒකට හේතුව මගේ නංගි ඉරෝෂාට ඇඟලූම් ව්‍යාපාරයක් තියෙන නිසා මම ඒ ගැන වැඩිපුර ඉගෙන ගත්තා. අනෙක් කාරණාව මට ආපු ආරාධනාවල මොකක් හරි අඩුපාඩුවක් දැක්කා නිසා හා රටේ තත්ත්වයත් එක්ක වැඩ බාරගත්තේ නෑ.

මම නිහඬව ඉද්දි මටම තේරෙනවා කට්ටිය මාව හොයන්නවා කියලා සමහරු මම වැඩකරන්නේ නැහැ කියලත් හිතනවා ඇති. හැබැයි මාව මොකක් හරි දෙයකට වුවමනා වුණහම මොනයම් හෝ මාර්ගයකින් ඒ කෙනා මාව හොයාගන්නවා. අපි ටෙලිවිෂන් එකේ හරි තිරයේදී හරි කරන ටික විතරක් මිනිස්සුන්ට පෙනුනට ඊට අමතරව අපේ ජීවිතයේ තව දේවල් තියෙනවා. මම හැම තිස්සේම උත්සාහ කරන්නේ දෙයක් ඉගෙන ගන්න වගේම හැමතිස්සේම මම මගේ මානසික සුවය හා සතුට ගැන හිතනවා.

එක දිගට වැඩ කරන්න ඕනෑ කියලා මට කිසිම කෙනෙක් එක්ක තරගයක් නැහැ. මම මට කැමැති වෙලාවට මට ඕනෑ දේ කරන කෙනෙක්. මම තනිකඩව ගෙවන ජීවිතය ගැන සෑහීමකට පත් නොවෙන්න තනිකඩව ඉන්නවා කියන්නේ සමාජයෙන් ඈත්වෙලා හුදෙකලාව ජීවත් වෙනවා කියන එක නෙවෙයිනේ. ඉතින් තනිකඩව ඉදීමෙන් මගේ ජීවිතේ ගොඩාක් දේවල් ගැන මම සෑහීමකට පත්වෙනවා.

මොකද මගේ ජීවිතේ සම්බන්ධව කරන කියන හැමදේකම වගකීම මගේ. ඒ නිසා මට ගොඩාක් දේවල් ගැන හිතන්න වගේම මම කැමති ගොඩාක් දේවල් කරන්න මට කාලය ලැබිලා තියෙනවා. ඉතින් මට සෑහීමකට පත්වෙන්න පුළුවන් ලොකුම දේ මානසික නිදහස මට ලැබිලා තියෙනවා. ගොඩාක් අයට මොන දේ තිබුණත් නැත්තේ ඒක. මම කොහොමත් බැඳීම්වලට කැමති කෙනෙක් නොවන නිසා මේ ජීවිතේ හොඳයි. ඒ හින්දා මම කරන හැමදේකම අයිතිය තියෙන්නෙත් මට විතරයි…” කියලයි නිරෝෂා අවසානයේ ප්‍රකාශ කලේ.

 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button