දේශීය පුවත්ප්‍රධාන පුවත්

උඩු ගුවනේදී පැරෂුට් දෙකක් පැටලී ගුවන් හමුදා නිලධාරියෙක් ජිවිතක්ෂයට

අම්පාර ප්‍රදේශයේ දී ගුවන් හමුදා පැරෂුට් පුහුණුවීමක් අතරවාරයේදී සිදුවූ අනතුරකින් ගුවන් හමුදා නිලධාරියෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක වින්ග් කමාන්ඩර් දුෂාන් විජේසිංහ පැවසුවේ පුහුණුවීම් අතර වාරයේදී ඇතිවූ අනපේක්ෂිත සුළං මාරුවීමක් හේතුවෙන් උඩු ගුවනේදී ගුවන් හමුදා නිලධාරියාගේ පැරෂුටය සමග පුහුණුවීමට එක්ව සිටි සාජන්වරයෙකු ගේ පැරෂුටය එකිනෙක පැටලීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

අඩි 8000ක පමණ ඉහළ අහසේ සිට මොවු​න් පැන ඇති බවත් ඉන් අනතුරුව අඩි 40ක් පමණ පොළොවට ආසන්න මොහොතේදී මෙම දෙදෙනාගේ පැරෂුට් දෙක පැටලී ඔවුන් මෙලෙස ඇදවැටී තිබෙන බවත් ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

අනතුරට ලක්වූ දෙදෙනාම රෝහල් ගත කෙරුනත් පසුව සිද්ධියෙන් රත්මලාන ගුවන් හමුදා කඳවුරට අනියුක්ත බලඝන නායකයෙකු ජිවිතක්ෂයට පත් වූ බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක වින්ග් කමාන්ඩර් දුෂාන් විජේසිංහ ප්‍රකාශ කර සිටියා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button