දේශීය පුවත්

අලුත් අවුරුද්දට අලුත් වෙන කොරෝනා නීති

එළඹෙන සිංහල, හින්දු අලුත් අවුරුද්ද ඉලක්ක කර නව සෞඛ්‍ය මාර්ගෝපදේශන මාලාවක් ළඟදීම නිකුත් කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

වසංගත තත්ත්වයේ වෙනසක් ඇති වුවහොත් සෞඛ්‍ය මාර්ගෝපදේශන නැවත වෙනස් කරන බව ද ඔහු ප්‍රකාශ කළේය.

සෞඛ්‍ය නීති ලිහිල් කිරීමත් සමග ඇති වූ ප්‍රතිලාභ ජනතාව වගකීමෙන් භුක්ති විදිය යුතු බව කී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා එසේ කටයුතු නොකළහොත් නිරෝධායන නීති මුල් තිබූ තැනට ගෙන ඒමට සිදුවිය හැකි යැයි ද පවසයි.

සුජිත් හේවාජූලිගේ

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button