දේශපාලන පුවත්ප්‍රධාන පුවත්

මහ බැංකු බැඳුම්කර වංචාව: රවිට එරෙහි නඩුවක් යළි කැඳවීමට නියෝග

2016 වසරේ මාර්තු මස 31 වන දා ශ්‍රී ලංකා මහ බැංකුව සිදුකළ බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් බිලියන 15ක් වටිනා මුදල් සාවද්‍ය පරිහරණය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ගොනුකර ඇති නඩුවක් ලබන ඔක්තෝබර් මස 25 වන දින යළි කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (ඔක්. 11) නියෝග කළේ ය.

අමල් රණරාජා, නාමල් බලල්ලේ සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙලෙස නියෝග කෙරිණි.

නඩුව කැඳවූ අවස්ථාවේ පැමිණිල්ල විසින් මෙම නඩුවට අදාළ ලේඛන විත්තියේ නීතිඥවරු වෙත භාර දුන් අතර ලබාදුන් ලේඛන අධ්‍යයනය කර අඩුපාඩු තිබේ නම් ඒවා අධිකරණයට දැනුම් දීම සඳහා දිනයක් ලබා දෙන ලෙස විත්තියේ නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ඒ අනුව, නඩුව ඔක්තෝබර් මස 25 වන දා කැඳවීමට විනිසුරු මඬුල්ල නියම කළහ.

2016 වසරේ මාර්තු මස 31 වන දා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් බිලියන 15ක් වටිනා මුදල් සාවද්‍ය පරිහරණය සිදුකළේ යැයි චෝදනා කරමින් තුන්වන බැඳුම්කර වෙන්දේසිය සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබිණි.

එම තුන් වන බැඳුම්කර වෙන්දේසියේදී විත්තිකරුවන් විසින් මෙම වංචාවට අදාළ වූ වරදවල් ඉතා සූක්ෂමව හා සංවිධානාත්මක ලෙස සිදු කිරිමේ ප්‍රථිඵලය ලෙස සමස්‌ත ජාතික ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල වීම, බැඳුම්කර වෙළෙඳපොළේ සද්භාවයෙන් ගනුදෙනු කරණු ලබන අනිකුත් ප්‍රාථමික අලෙවිකරුවන් ට මෙම වංචාව නිසා බලවත් අසාධාරණයක් සිදු වීම, භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියේ අවසන් ප්‍රතිඵලය කෘතිම ලෙස වෙනස් කිරීමට මහ බැංකුවේ වැදගත් හෙළි නොකරන ලද තොරතුරු පාවිච්ච් කරමින් පර්පචුවල් ට්‍රෙෂරීස් පුද්ගලික ආයතනය සූක්ෂම ආකාරයෙන් කටයුතු කිරීමෙන් අයුතු ලාභ ලබා ගැනීම හා එ සම්බන්ධයෙන් කුමන්ත්‍රණ කර රජයට විශාල පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබිණි.

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම, හිටපු මුදල් ඇමැති රවි කරුණානායක, හිටපු මහ බැංකුවේ අධිපති අර්ජුන මහේන්ද්‍ර, අර්ජුන් ජෝසෆ් ඇලෝසියස්, කසුන් පලිසේන, ජෙෆ්රි ජෝසෆ් ඇලෝසියස්, රන්ජන් හුළුගල්ලේ, මුතුරාජා සුරේන්ද්‍රන්, අජාන් ගාන්දියර් පුංචිහේවා හා සමන් කුමාර මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර තිබිණි.

හංසි නානායක්කාර – මව්බිම

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x