දේශීය පුවත්ප්‍රධාන පුවත්

වන ගහනය වැඩි කිරීමට ගුවන් හමුදාව ගුවනින් බීජ හෙළයි

රී ලංකා ගුවන් හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන ගුවනින් බීජ හෙළීමේ ව්‍යාපෘතියේ පස්වන අදියර ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ උපදෙස් මත පසුගියදා සාර්ථක අයුරින් නිමා කර තිබේ.

එහිදී සියඹලාණ්ඩුව ප්‍රදේශයට අයත් වත්තේගම කැබිලිත්ත වන රක්ෂිතයේ අක්කර 75 ක පමණ භූමි ප්‍රදේශයක් ආවරණය වන පරිදි ඇහැළ, මී, කරද, මයිල, සියඹලා, කුඹුක්, කෝන්, මදටිය ආදී ශාක බීජ 80,000ක පමණ ප්‍රමාණයක් තෝරාගත් භූමි ප්‍රදේශය වෙත ගුවනින් හෙළීම සිදු කර තිබේ.

මෙම බීජ හෙළීම සිදු කර ඇත්තේ, ‍ශ්‍රී ලංකා ගුවන් හමුදා වීරවිල කඳවුර මුලික කරගනිමින් ගුවන් හමුදා අංක 6 ප්‍රවාහන හෙලිකොප්ටර් බලඝණයට අයත් එම්.අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානාව මගින් අවස්ථා තුනකදී ය.

මෙම සුවිශේෂී ව්‍යාපෘතිය වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මාර්ගෝපදේශකත්වය යටතේ කටුනායක මුලික ගුවන් හමුදා කඳවුරේ ස්ථාපිත ශ්‍රී ලංකා ගුවන් හමුදා විධායක කෘෂි ඒකකය විසින් ක්‍රියාත්මක කරනු ලැබ තිබේ.

2030 වසර වන විට ශ්‍රී ලංකාවේ හරිත ආවරණය 27% සිට 32% දක්වා වර්ධනය කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වේ.

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x