ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පට

මේ අපිට ඉන්න එකම මැණික, අයියටයි , මටයි , අක්කා දුන්න වටිනම තෑග්ග එයා

හේෂානි ලියදිපිට කියලා කියන්නේ අද වන විට ලංකාවේ ඉතාමත්ම ජනප්‍රිය වූ රූමත් රංගන ශිල්පිනියක්.ප්‍රේක්ෂකයන් අතර ඇය වැඩිපුරම ජනප්‍රිය වී සිටින්නේ “ධරණි” නමිනි.දෙරණ නාලිකාව ඔස්සේ විකාශය කරන “ධරණි” ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන් අතර මෙතරම් ජනප්‍රිය වීමට තුඩුදුන් ප්‍රධාන කාරණාව වන්නේ ඇයගේ තාත්වික රංගනය බව කිව යුතුමයි.

සාමාන්‍ය තරුණියකගේ ජීවන රටාවට හාත්පසින්ම වෙනස් වූ ජීවන රටාවක් ඇති තරුණියගේ චරිතය නිරූපණය කරන ඇයව ප්‍රේක්ෂකයා වැළඳ ගන්නේ ඉතාමත් කැමැත්තෙන්.

01

 

02

ඇය රංගන දිවියට පිවිසෙන ප්‍රථම නාට්‍ය වන්නේ ධරණි ටෙලිනාට්‍යයයි.2020 වසරේ දෙරණ අවුරුදු කුමරිය ලෙස අභිෂේක ලත් ඇය ඊයේ දින හරි අපූරු උපන් දින උත්සවයක් ලෑස්ති කළා.ඒ ඇයගේ ආදරණීය සහෝදරියගේ පුතුගේ උපන් දිනය වෙනුවෙන්.එහිදී ඇය සිය ෆේස්බුක් පිටුවේ එක්තරා ආදරණීය සටහනක් සනිටුහන් කරලා තිබුණා.

“මේ අපිට ඉන්න එකම මැණික.අයියටයි , මටයි , අක්කා දුන්න වටිනම තෑග්ග එයා.ඊයෙට එයාට අවුරුදු 4යි. ඉතින් මට ඕන උනා පුලුවන් විදිහට පුංචි පුදුමකිරීමක් එයා වෙනුවෙන් කරන්න. ආදරේ කර කර පැය 24ම ලග තියාගන්න බැරි උනත් මම මගේ පැටියට හරි ආදරේ පුංචියෙක්. සීයගෙයි ආත්තමගෙයි ලෝකෙම එයා.

 

03

 

04

ඒ දෙන්නට මාවත් ගානක් නැති උනා එයා ආව දවසේ ඉදන් ගෙදරටම ඉන්න පහන මේ ඉතින් මේ දවස මේ විදිහට නිල් පාටින් ලස්සන කරන්න Delight Decors මට දුන්න සහයට ස්තූති.

කලින් දවසේ රෑ කියලත් හිතුවටත් වඩා රසට ලස්සනට කේක් එක එවපු A Taste of Heaven ස්තූති අයියේ Kushi’s Bakes ස්තූති අක්කී අභී වෙනුවෙන් ඉල්ලුව පමාවට ලබා දුන් ආදරේට “යනුවෙන් තමයි ඇය සිය ෆේස්බුක් මාධ්‍ය පිටුවේ අලංකාර ඡායාරූපත් සමඟ සටහන් කර තිබෙන්නේ.ඉතින් පුංචි පුතුට සුභ උපන්දිනයක් මෙන්ම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x