ප්‍රධාන පුවත්විදෙස් පුවත්

එයාර් ඉන්දියා ටාටා සමූහයට අලෙවි වෙයි

එයාර් ඉන්දියා ඇ.ඩො. බිලියන 2.4කට අලෙවි වෙයි
ඉන්දියාවේ ජාතික ගුවන් සේවාව වන එයාර් ඉන්දියා ගුවන් සමාගම එරට ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරික ආයතනයක් වන ටාටා සමූහයට අලෙවි කර තිබේ.

ඒ, ඉන්දීය රුපියල් කෝටි 18,000 ක් හෙවත් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.4 ක මුදලකට වේ. ටාටා සමුහය විසින් 1932 දී එයාර් ඉන්දියා ගුවන් සමාගම පිහිට වූ අතර ඉන්දීය රජය විසින් 1953 දී එය ඔවුන් යටතට පවරා ගනු ලැබීය.

එයාර් ඉන්දියා ගුවන් සමාගම මෑතකාලීනව දිගින් දිගටම පාඩු ලැබූ අතර සමාගමේ කොටස් විකිනිමට උත්සාහ දැරුවද එය ද සාර්ථක නොවීය. මේ වන විට එයාර් ඉන්දියා ගුවන් සේවා සමාගම සතුව ඇති ගුවන් යානා සංඛ්‍යාව 141කි.

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x