ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පට

”මායි දුවයි මේ රට දාලා යන්න තීරණය කළා” – මධුමාධවගේ සටහනෙන් පසු නිල්මිණි කිව්ව අමුතු කතාව

නිල්මිණි තෙන්නකෝන් කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයටත් සිනමාව තුළත් නමක් තැබූ දක්ෂ රංගන ශිල්පිනියක්. ඕනෑම චරිතයකට හොඳ තාත්ත්වික රංගන දායකත්වයක් ලබාදෙන මේ රංගන ශිල්පිනිය එදා ලබාගත් ආදරය මේ වනවන තුරුම රැකගෙන තියෙනවා. ඒ වගේම ඇය රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ ද නමක් දිනා සිටින ව්‍යාපාරිකාවක්.

ආදරණීය දියණියකගේ මවක් වන නිල්මිණි තෙන්නකෝන් තනිකඩ ජීවිතයක් තමයි ගත කරන්නේ. මේ වන විට තනිකඩ ජීවිතයක් ගත කළත් ඇය කලින් විවාහ වෙන්නේ ගායන ක්ෂේත්රයේ ජනප්‍රිය ගායකයකු විදිහට හඳුනාගත් දේශපාලන කටයුතු වල නිරත වෙලා ඉන්න මධුමාධව අරවින්ද සමඟ.

නමුත් පසුකාලීනව මතභේදාත්මක ගැටලු සහගත තත්ත්වයන් නිසා එක්තරා දවසක මහ පාන්දර රෑට ඇඳන් හිටපු ඇඳුම පිටින්ම නිල්මිණී තමන්ගේ ආදරණීය දියණියත් එක්ක පාරට බහිනවා. එදා මදුමාධවගේ ගෙදරින් වෙන් වෙලා ආවට පස්සෙ නිල්මිණී මේ වෙනකන්ම තනි මවක් විදිහට දියණියත් එක්ක ජීවත් වෙනවා කියලා තමයි අපි කවුරුත් දන්නෙ.

ඔවුන් අතර කුමන ආකාරයේ ගැටලු සහගත තත්ත්වයක් ඇති වුණාද කියන්න අපි දන්නේ නැහැ. නමුත් නිල්මිණි විවිධ අවස්ථාවන් වල දී ප්‍රසිද්ධ වැඩසටහන්වලට සහභාගී වෙලා ඇගේ ජීවිතයේ දුක්ඛිත තත්ත්වය පිළිබඳව පැහැදිලි කිරීමත් සමඟ කෙසේ නමුත් පසුගිය දිනක මෙතෙක් නිහඩ වෙලා හිටපු මධුමාධව තමන්ගෙ දියණිය ශ්වේතාගේ උපන් දිනය වෙනුවෙන් හරි අපූරු සටහනක් තබනවා.

ඒ සටහනේ සඳහන් කරලා තිබ්බේ ”කූඩුවට ගිනි තිබ්බේ නුඹේ අම්මා……” කියලයි. කෙසේ නමුත් පසුගිය දිනක යූටියුබ් නාලිකාවක වැඩ සටහනකට සහභාගී වන නිල්මිණි තෙන්නකෝන් සඳහන් කළේ ඉතාමත් ඉක්මනින් ශ්‍රී ලංකාවෙන් ඇය සහ දියණිය යන්න සූදානමින් සිටිනවා කියලයි.

ඇය සඳහන් කළේ මේ සඳහා මූලිකම හේතුව දියණියගේ උසස් අධ්‍යාපන කටයුතු කියලයි. ඇයට දියණිය ලග නැතුව ඉන්න බැරි නිසා එයත් එක්කම විදෙස්ගත වෙන්න නිල්මිණි බලාපොරොත්තු වෙනවා කියලත් වැඩිදුරටත් සඳහන් කළා.

”එහෙම යන්න වුණත් මගේ පොළොව දාලා යන්න මට දුකයි ” කියලා ඇය ප්‍රකාශ කළා. නමුත් ඉඩ ලද සෑම විටකම නැවත ලංකාවට එන්න බලාපොරොත්තු වෙන බවත් ඇය කියා සිටියා.

 

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x