දේශපාලන පුවත්ප්‍රධාන පුවත්

නිරූපමාට විවාහයෙන් ලැබුන දේවල්වලට මොනවා කරන්නද? – නාමල් (Video)

හිටපු ඇමති නිරූපමා රාජපක්ෂ මහත්මිය ගේ විවාහය සිදුව ඇත්තේ තිරුකුමාර් නඩේෂන් සමඟ නිසා විවාහයෙන් ලැබෙන දේවල් වලට කරන්නට දෙයක් නැතැයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ඇය තමන්ගේ සහෝදරිය බවත් දේශපාලන වශයෙන් ඇය පසුගිය රජයේ සිටියේ මෛත්‍රීපාල සිරිසේන මහතා සමග බවත් ඇමතිවරයා පැවසීය.

පැනඩෝරා පත‍්‍රිකා මගින් සිදුකර ඇති හෙලිදරව්ව සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකට ඔහු මේ බව කියා සිටියේය.

එම පත්‍රිකා වල සදහන් ආකාරයට අදාළ මුදල් උපයා ගත්තේ අනුව 90-98 කාලයේදී බැවින් ඒ ගැන විමසිය යුත්තේ රණසිංහ ප්‍රේමදාස මහතා සහ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ගෙන් බවද අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.

ඥාතිකම සහ දේශපාලනය යනු වෙනස් කාරණා දෙකක් බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

”නිරූපමා රාජපක්ෂ මහත්මිය මගේ සහෝදරිය වෙන්නේ, ඒ වගේම දේශපාලනමය වශයෙන් එතුමිය පහුගිය ආණ්ඩුව වෙලාවෙ හිටියෙ, සිරිසේන ජනාධිපතිතුමා එක්ක..ඉතින් ඥාතිකම වෙනස් දේශපාලනය වෙනස් ඒ එක්කම එතුමිය විවාහ වෙලා ඉන්නෙ තිරු නඩේෂන් කියන මහත්මයා එක්ක. ඉතින් විවාහයෙන් ලැබනෙ දේවල් පිළිබඳව අපි මොනවා කරන්න ද?”

අමාත්‍යවරයා අද (06) මෙම අදහස් පළ කළේ, පැන්ඩෝරා පත්‍රිකාවල නිරූපමා රාජපක් මහත්මියගේ නම සඳහන්වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් කළ ප්‍රශ්නවලට පිළිතුරු ලෙසයි.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් මෙලෙස අදහස් පළ කළේ ය.

”මේ අයගේ මුදල් හම්බ කරා කියලා, ව්‍යාපාර කෙරුවා කියලා චෝදනාව තියෙන්නෙ, 1990 – 1998 කාලයේ එහෙනම් ඒ කාලයේ ආණ්ඩුවෙ හිටියෙ කවුද කියන එක පිළිබඳව රණසිංහ ප්‍රේමදාස මහත්තය, චන්ද්‍රිකා මැඩම්ගෙනුයි තමයි අහන්න වෙන්නෙ”

Related Articles

4.5 2 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x