ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පට

නළුවෙක් වෙන්න පොඩි කාලේ ඉඳලම හීනයක් තිබුණා

දෙවැනි ඉනිම කියන්නේ ලංකාවේ ඉතාමත් ජනප්‍රිය ටෙලි නාට්‍යයක් .ටෙලි නාට්‍ය වගේම මෙහි ඉන්න රංගන ශිල්පීනුත් ඉතාමත් ජනප්‍රියයි. ඉතිං ඔය අතර හැමෝගෙම කතා බහට ලක් වෙන දෙවෙනි මේ චරිතයක් තමයි ‘අශෝක’ කියලා කියන්නේ චරිතයට රංගනයෙන් දායක වන චාමර බණ්ඩරනයක ඔහුගේ කලා කටයුතු ගැන වගේම තවත් බොහෝ දේවල් ගැන trending Colombo සමග කරනු ලැබූ සාකච්ඡාව මෙලෙස ගෙන එන ලබනවා

පහුගිය ටිකේ රට වහල තිබුණු නිසා ලොකුවට වැඩ කරගන්න වුණා. සුපුරුදු පරිදි දෙවැනි දෙවැනි ඉනිමේ වැඩ ටික යනවා සෞඛ්‍ය ආරක්ශිත විදියට. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග හොඳින් පිළිපැදලා බොහොම පරිස්සම්න් දෙවැනි ඉනිමේ වැඩ කටයුතු කරගෙන යනවා. තවත් ටෙලිනාට්‍ය‍යක වැඩ කටයුතු නතර වෙලා තිබුණා කොරොනා වලට කලින් එකේ වැඩකටයුතුත් පටන් ගන්න දින දාගෙන ඉන්නවා.තව ඉදිරියට නිර්මාණ දෙක තුනක් එන්න තියෙනවා.

මම පාසල් යන කාලයේ සිට රංගනයන්ට ඉතාමත් නැඹුරුවක් සහ ආශාවක් තිබුණා. එම නිසා පාසල් යන කාලයේ ඉඳලම රංගනය විෂයක් විදියට ඉගෙන ගත්තා. පාසල් කාලයේ තිබුනු කලා උළෙලවල් සහ තිබුන හැම උත්සවයක්ටම රංගනයෙන් දායකත්වය දුන්නා. කලාව පැත්තෙන් පාසලට මාව නැතිවම බැරි චරිතයක් වුණා. පාසල් කාලෙදීම මම ටෙලිනාට්‍යවල රංගනයට දායක වෙලා තියෙනවා.මගේ පළමු ටෙලිනාට්‍ය සුනිල් කොස්තා මහතාගේ සිරි සිරිමල් කියන නාට්‍යය.

නාට්‍ය 2006 වර්ෂයේදී ජාතික රූපවාහිනියේ විකාශය වුණා. ඊට අමතරව පාසල් කාලේ වේදිකා නාට්‍ය වල සහ දීප ව්‍යාප්ත නාට්‍ය තරඟ වලට සම්බන්ධ වෙලා ජයග්‍රහණය කරලා තියෙනවා. පාසලෙන්ම අ-වු-ට් උනාට පසුව රංගනය සම්බන්ධයෙන්යෙන් තිබෙන වැඩමුළු සහ පාඨමාලා හදාරල තියෙනවා. ඒවාට යොමු වීම තුලින් ප්‍රවීණයන්ගේ ඇසුර සහ ආභාශය ලබාගැනීමට හැකි වුණා. ඊට අමතරව music videos හරහා මගේ හැකියාවන් ඉදිරිපත් කරා.

01

 

02

හිතුවට වඩා ලොකු ප්‍රතිචාර ප්‍රමාණයක් දෙවෙනි ඉනිමේ “අශෝකගේ”චරිතයට ලැබෙනවා. මම රඟපාන දු-ෂ්ඨ-යෙ-කු-ගේ චරිත්යක් නිසා මිනිස්සු ගොඩක් අ-ක-මැ-ති චරිතයක් වෙලා තියෙනවා. මිනිස්සු ඒ චරිතයට වෛ-ර කරනවා.ඒ නිසා මම හිතනව මම ඒ චරිතයට සාධාරණයක් කරල තියෙනවා කියලා.

අශෝකගේ චරිත්ය නිසා ප්‍රේක්ෂකයන්ගෙන් අහපු හොඳ වලට වැඩිය අහපු බැ-නු-ම් ප්‍රමාණය තමයි වැඩිම. අත්දැකීමුත් ගොඩක් තියෙනවා. මිනිස්සු අශෝකගේ චරිතය නිසා සාමාන්‍ය ජීවිතයේදීත් දෙවෙනි ඉනිමේ ඉන්න අශෝකගේ චරිතය බලාපොරොත්තු වෙනවා. ඒ නිසාම ගැ-ටු-ම්කා-රී අවස්ථා වලට මුහුණ දීපු අවස්ථාත් තියෙනවා. කොහෙවත් යන ප්‍-රශ්න ඇඟට ඇවිල්ලා තියෙනවා. දවසක් සුපර්මාර්කට් එකකදී මැදිවියේ කෙනෙක් මාව දැකලා සෙනග මැද්දෙ හොඳටම බැ-න්නා. මිනිස්සුන්ට මම දැකපු ගමන් සැබෑ ජීවිතයේත් ත-ර-හ-ක් ඇතිවෙනවා. මිනිස්සු දෙවනි ඉනිම පි-ස්සු-වෙ-න් වගේ බලනවා. හැබැයි මාත් එක්ක කතා කරනකොට මිනිස්සු තේරුම් ගන්නව මම කරන්නේ චරිත්යක් විතරයි කියලා.කොහොම වුණත් මිනිසුන්ගෙන් බැ-ණු-ම් අහන්න පැත්ත වැඩියි මේ චරිතයට.

මේ දවස්වල නම් රූපගත කරන්නේ දෙවැනි ඉනිම ටෙලිනාට්‍ය විතරයි.තව කොරෝන වලට කලින් කරපු ටෙලි නාට්‍ය දෙකක් විතර තියෙනවා අතරමග නැවතුණු. රටේ පවතින කොරෝනා තත්ත්වය ටිකක් හොඳ උනාම ආයිත් ඒ නාට්‍යවල වැඩ පටන් ගනීවී. ව්‍යාපාර ක්ෂේත්‍රයට පොඩි කැමැත්තක් සහ යම්තාක් දුරකට ව්‍යාපාර කිහිපයක් පටන් අරගෙන තිබුණා. නමුත් ඇති වූ කොරෝනා තත්වය හේතුවෙන් ඒ වැඩ කටයුතු සියල්ලම පොඩ්ඩක් නැ-වති-ලා තියෙන්නේ. ඉස්සරහට ඒ පිළිබඳවත් විස්තර කියන්නම්.

නළුවෙක් වෙන එක මට පොඩි කාලේ ඉඳලම හීනයක් තිබුණා. පොඩි කාලේ ස්කෝලෙ යනකොට ළමයින්ගෙන් අහනකොට ලොකු උනාම කවුද වෙන්න කැමති කියලා එතකොට මම කියලා තියෙන්නේ ලොකු උනාම නළුවෙක් වෙන්න කැමති කියල .ඒක ඒ කාලේ ඉඳං අද වෙන්කන් වෙනස් වෙලා නෑ. ඉස්සරහටත් එහෙමම තමයි.

03

 

04

බාරගන්න හැම චරිත්යක්ම අභියෝගයක් තමයි මට.මම කරන්නේ මගේ චරිත්ය නෙවෙයි.හැමදාම කරන්නේ වෙන කාගේෙ හරි චරිතයක් නිරූපණය කිරීමයී. මට ලැබෙන හැම චරිතයක්මයක්ම ආසාවෙන් තමයි කරන්නේ. ඊට අමතරව දු-ෂ්ඨ-යා-ගේ චරිතයට මම වැඩි කැමැත්තක් දක්වනවා. මේ ක්ෂේත්‍රයේම ඉදිරියට යන්න කැමති. මගේ හිතේ තියෙනවා මම නිරූපණය කරන්න ආස චරිත් ටිකක්. තව තව අලුත් නිර්මාණවලට එකතු වෙන්න කැමති. විවිධ නිර්මාණ වලින් මගේ විවිධ චරිත පෙනෙන විදියට ප්‍රේක්ෂකයා ඉදිරියට එන්න කැමතියි.

රඟපාන චරිත ඇතුලේ කෙසේ වුවත් සැබෑ ජීවිතයේ මගේ චරිතය නෙවෙයි එය. නාට්‍යයට අනුකූලව රඟපෑම පමණයි මම විසින් සිදු කරන්නේ. ටෙලි නාට්‍යවල චරිත සමග තිබෙනු තරහ මම සමගයින් පි-රි-ම-හ-න්න එපා. කොරොනා සමයේ පරිස්සමට නිවෙස් වලට වෙලා ඉන්න. ඔබ සියලු දෙනාගේම ප්‍රතිචාරවලට මම ආදරේයි.

Trending Colombo – වෙබ් අඩවිය ඇසුරිනි 

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x