ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පට

පියා යු’ද්ධයේ ලොකු කොටස්කාරයෙක් – යොහානිට කොටි ඩයස්පෝරාව ගොරවයි

යොහොනි ද සිල්වා ලොව පුරා ජනප‍්‍රිය වීමත් සමඟ කොටි හිතවාදී කණ්ඩායම් ඇයට එරෙහිව විවිධ ප‍්‍රචාර පැතිරවීම ආරම්භ කර තිබේ. කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාවට සම්බන්ධ පුද්ගලයන් ට්විටර් හරහා මෙවැනි ප‍්‍රකාශ පළකර තිබේ.

ශ‍්‍රී ලංකාවේ හා ඉන් පිටත සිටින ඊළාම් දෙමළ ජනතාව යොහානිද සිල්වාට සහය නොදිය යුත්තේ ඇගේ පියා යුද අප’රා’ධකරුවකු නිසා බව එක් ට්විටර් පණිවුඩයක සටහන් විය. තවත් පණිවුඩයක සඳහන් වූයේ යුද අ’පරා’ධකරුවෙකුගේ දියණියක වන යොහානිගේ ජනපි‍්‍රයතාවය බරපතළ ප‍්‍රශ්නයක් බවයි.

කොටි හිතවාදී කණ්ඩායම් මෙවැනි ප‍්‍රකාශ සිදුකරන්නේ කෝටි සංඛ්‍යාත ඉන්දියානුවන් යොහානිට වසඟවී ඇති නිසාය. ඉන්දියාවේ දකුණු දිග ප‍්‍රාන්තවල තමිල්නාඩුවේ කේරළයේ පවා “මැණිකේ මගේ හිතේ” ගීතය ඉමහත් ජනපි‍්‍රය වී ඇත.

යොහානි දිල්ලියේ මෙන්ම හයිද්‍රාබාදයේ ද පැවැත්වූ ප‍්‍රසංග ඉතා සාර්ථක වී තිබේ.

කොටි හිතවාදී සුළුතරයකගේ ප‍්‍රචාර දෙස් විදෙස් හී වෙසෙන කෝටි සංඛ්‍යාත යොහානිගේ රසිකයන් පිළිනොගන්නා බව පැහැදිලිය.

ජාත්‍යන්තරයේ ශ්‍රී ලංකේය සන්නාමයක් බවට පත්වෙමින් ලෝකයේම ආදරය දිනා ගනිමින් වේගවත් ගමනක් යන යොවුන් ගායිකා යොහානි ද සිල්වා යුද අපරාධකාරයෙකුගේ දියණියක් බව පවසමින් කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාව ප්‍රචාරක වැඩ පිළිවෙලක් දියත් කර ඇත.

ට්විටර් සහ ෆේස්බුක් ප්‍රකාශ මගින් මොවුන් ප්‍රචාරය කරන්නේ යුද අපරාධකරුවෙකුගේ දියණියක් වන යොහානිට ශ්‍රී ලංකාවේ හා ඉන් පිටත සිටින ඊලාම් දෙමළ ජනතාව සහාය පල නොකළ යුතු බවයි.

මේ වන විටත් දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවේ සහ කේරළයේ මැණිකේ මගේ හිතේ ගීතය ඉමහත් ජනප්‍රියත්වයක් උසුලන අතර කෝටි ගණනක් වූ ඉන්දියානුවන් යොහානිට වසඟ වී ඇති බැවින් කොටි ඩයස්පෝරාව මෙබදු ප්‍රකාශයන් කරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා වල සඳහන් වේ.

යොහානිගේ පියා වන ජෙනරාල් ප්‍රසන්න සිල්වා යුද අපරාධකරුවෙක් බව කියමින් ඇයට එරෙහිව විරෝධයක් ගොඩ නැගීම සඳහා කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාව කටයුතු කරමින් සිටී.

අපේ රටට අභිමානය ගෙනදෙන යොහානිගේ පියා අපේ රටට අද්විතීය මෙහෙවරක් ඉටුකළ සෙන්පතියෙකු වීම දෙමළ ඩයස්පෝරාවේ මේ නෝක්කාඩුවට හේතු වී තිබේ.

 

 

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x