ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පට

මම නම් ආසම ප්‍රහසනයට කොටුවෙන්න

ඔහුව මේ දිනවල සැවොම හ¾දුනන්නේ මයික් නමිනුයි. හාස්‍ය රංගනයට ඔහු කොතෙක් සාධාරණය ඉටු කරනවාද කිවහොත් ඔහුව දුටුවත් වරුවක් සිනාසීමට පුළුවන. තවත් ආලවට්ටම් අවශ්‍ය නැත. මේ වන විටත් ඔහුගේ මුහුණ ඔබට මැවී පෙනුණු නිසැකය. අද හදගැස්ම සරසන්නේ ඒ අපූරු රසවතා දෙනුවන් සේනාධියි. මව්බිම පුවත්පතේ හදගැස්ම අතිරේකය සමග කරනු ලැබූ සාකච්ඡාව මෙලෙස ගෙන එනු ලබයි.

මේ දවස්වල ලෝක සෞඛ්‍යමය අර්බුදය තත්ත්වය තුළ සෞඛ්‍ය රීති අනුගමනය කරමින් කලා කටයුතුත් කරමින් ජීවත් වෙනවා. සෞඛ්‍ය රීති උපරිමයෙන් අනුගමනය කරමින්, වැක්සින් දෙකම ලබාගෙන, බොහොම පරිස්සමින් රූපගත කිරීම් සිදුකරනවා. රූපගත කිරීම් නොකර සිටීමටත් හැකියාවක් නෑ. ඒ නිසා බොහොම පරිස්සමින් ඒ දේවල් සිදු කරනවා.

දෙවෙනි ඉනිමේ වැඩකටයුතු කරගෙන යනවා. ඊට අමතරව මා රඟපෑ චිත්‍රපට දෙකක් තිරගත වීමට නියමිතව තියෙනවා. තවත් චිත්‍රපටයකට ආරාධනා ලැබුණා. එහි වැඩකටයුතු ඉදිරියේදී සිදුවේවි. මං කලා ක්‍ෂේත්‍රයට පිවිසිලා වසර 15කට ආසන්නයි. මගේ ගමන ආරම්භ කළේ ක්‍ෂේත්‍රයේ පහළම තැනිනුයි. ඒ වගේම ක්‍ෂේත්‍රයෙත් දැවැන්ත අත්වැල් එකී ගමනෙදි මට හමු වුණා. චිත්‍රපට, නාට්‍ය බොහොමයකට රංගනයෙන් දායක වීමටත් අවස්ථාව ලැබුණා. දෙරණ ආයතනයේන් වැඩසටහන් මෙහෙයවන්නකු ලෙස ගොඩනැඟෙන්නටත් මට අවස්ථාව උදා උදාකර දුන්නා. මේ වන විට මගේ හැකියාව ක්ෂේත්‍රයේ සෑම පැතිකඩකටම පැතිරී හමාරයි. ඒ නිසා මගේ ගමන තුළ මං තෘප්තිමත්.

මං කැමතිම ප්‍රහසන නළුවෙක් වෙන්න. එයට හේතුව මං ප්‍රහසන නළුවෙක් වීම. ලෝකයේ අංක එකේ නළුවා ලෙස හ¾දුන්වන්නේ චාලි චැප්ලින් මහත්මයව. Mr.Been ලෝකයම ආදරය කරන චරිතයක්. ලංකාව තුළත් ප්‍රහසන නළුවෙක්ට ලොකු සමාජ වටිනාකමක් නිර්මාණය වෙලා තියෙනවා. මෙතෙක් බිහි වූ ප්‍රහසන රංගන ශිල්පීන්ගේ අඩි පාරේ යන්න මටත් අවස්ථාව ලැබිලා තියෙනවා. රංගනය තුළ මටයි අයිති කොටසක් තියෙනවා නම් එය ප්‍රහසනයයි. මං ඒ ක්ෂේත්‍රය තුළ ජනප්‍රියයි. ඒ නිසා එය කිසිසේත්ම ගැටලුකාරී තත්ත්වයක් නෙමෙයි. මට ඉදිරියේදිත් අවශ්‍ය අංක එකේ ප්‍රහසන නළුවෙක් වෙන්න පමණයි. ලංකාවේ ප්‍රහසන රංගන ශිල්පීන්ව තරම් කිසිදු රංගන ශිල්පියකු හෝ ශිල්පිනියකව ඇගයීමට ලක්වී නැතුව ඇති. බොහොමයක් සමාජ මාධ්‍ය තුළ වැඩිම ආදායමක් ලබන්නේත් විකට රංගන ශිල්පීන්. තවමත් සමාජයේ බහුතරයකගෙ ඉල්ලීම ප්‍රහසනය කියා මම විශ්වාස කරනවා. ප්‍රහසන රංගනය අසීරුම කර්තව්‍යය කියා මම කියන්නේ නැහැ. නමුත් එය සියුම්ව කළ යුතු අසීරු කාර්යයක්. මම නම් එකෙන්ම ප්‍රහසනයට කොටු වෙන්න කැමතියි. මගේ කාර්යභාරය මිනිස්සුම හිනැස්සීම. එකී කාර්යය තුළ මං ඉදිරියේදීත් ස්වේච්ඡාවෙන් ප්‍රහසනයට කොටුවෙලා, හිරවෙනවා. චරිතාංග රංගන ශිල්පියකු වෙනවට වඩා විශ්වාසනිය, ස්ථාවර විකට නළුවෙක් වෙන්න මං කැමැතියි.

නාළිකාවකට සීමා නොවී තමන්ගේම platform එකක ප්‍රහසන කාර්යය සිදු කරන්න කැමති නැද්ද? ඔහුගේ පිළිතුර මෙසෙස් විය. එයට මගේ අකමැත්තක් නැහැ. නමුත් කලා ක්‍ෂේත්‍රය තුළ අපහසුම කාර්යය පුංචි තිරය තුළ වගේම රිදී තිරය තුළ ස්ථාවර තත්ත්වයක් ගොඩනඟා ගැනීම. මං ඒ අපහසුම කාර්යය තුළ යම් සාර්ථකත්වයක් දිනා හමාරයි. යම් දිනෙක මගේ නමිනුත් රධභබභඡඥ චැනල් එකක් ආරම්භ කළ හැකි නමුත් තවම දෙනුවන් සේනාධිට ක්ෂේත්‍රයේ වැඩ කරන්න පුළුවන්. ඒ නිසා ඒ කාර්යයට තව කල් තියෙනවා. මං බොහෝවිට වැඩසටහන් මෙහෙයවීම සිදු කරන්නේ දෙරණ නාළිකාවත් සමඟයි. එහි පිටපත් ලිවීම සිදු කරන්නේ ධම්මික. ඔහු මට ගැළපෙන විදිහට දෙබස් ලියනවා. රියැලිටි වැඩසටහන් මෙහෙයවීමට පෙර එහි පුහුණු වැඩසටහනක් සිදු කිරීම අත්‍යවශ්‍යයි. එකී කාර්යය සිදු කරන්නේ මනා පුහුණු වීමකින් යුතුවයි. මාධ්‍ය නාළිකාවක අපට කැමති දේවල් ප්‍රකාශ කිරීමට අවකාශයක් නැහැ.

ප්‍රහසන රංගන ශිල්පීන් එක් එක් යුගයක් නිර්මාණය කළත් ඉදිරියේදී එවැනි හැඩයක් තියෙන නවකයෙක් දකින්න නැහැනෙ?. අපට එහෙම හිතුණට, අපට එහෙම දැනුණට කිසිම ක්‍ෂේත්‍රයක එසේ නැවතීමක් සිදු වෙන්නේ නැහැ. අප අවශ්‍ය පුද්ගලයන් වුවත් කිසිම විටෙක අත්‍යවශ්‍යය පුද්ගලයන් නෙමෙයි. අප පසුපසත් පිරිසක් ඉන්නවා. ඔවුන් අවශ්‍ය මොහොතක ඉස්මතු වෙයි.

ප්‍රවීණයන්ගෙන් ඔබගේ රංගන ජීවිතයට ලැබුණු ආලෝකය කෙබ¾දුද? මට හොඳම මඟ පෙන්වීම ලැබුණේ ප්‍රවීණයන්ගෙනුයි. විජය නන්දසිරි මහත්මයව එහිදී මං ගෞරවයෙන් මතක් කරනවා. ටෙනිසන් කුරේ, බන්දු සමරසිංහ වැනි ප්‍රවීණයන් වගේම ධර්මප්‍රි ඩයස් මහත්මයා රංගනය පිළිබඳව ලබා දෙන ඔවදන් තුළ අප තව තවත් මුවහත් වෙනවා. ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් අපේ ගුරුවරුන්. ඔවුන් නැත්නම් නවක පරපුරක් බිහි වෙන්නෙත් නැහැ.

පවුලේ විස්තර පිළිබඳව මෛසේ පැවසුවාය. මගේ බිරිඳ තිළිණි රුක්ශිකා ධනපාල. ඇය පෞද්ගලික ආයතනයක සේවය කරනවා. මගේ දුව සෙහන්සා සේනාධි. මගේ පියා නීතිඥයෙක්. මව ගෘහණියක්. මට සහෝදරියක් සිටිනවා. ඇය විවාහකයි. ලංකාවේ රංගන ක්‍ෂේත්‍රයේ කාර්යබහුලම විකට නළුවා වෙන්න දිනක බලාපොරොත්තු වෙනවා. දෙනුවන් සේනාධි චිත්‍රපටයේ රඟපාන නිසා ඒ චිත්‍රපටය බලනවා කියන තැනට මිනිස්සුන්ගේ මතය ගොඩනැඟෙන විස්වාසනීය, ස්ථාවර නළුවෙක් වෙන්න බලාපොරොත්තු වෙනවා.

(විශ්මි ජයනිකා – මව්බිම පුවත්පත)

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x