ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පට

අගමැති මහින්ද රාජපක්ෂ යොහානිට දෙන්න යන දේ

‘මැණිකේ මගේ හිතේ’ ප්‍රතිනිර්මාණ ගීතය ගායනා කරමින් ලොව පුරා අතිශය ජනාදරයට පත්වූ යොවුන් ගායිකා යොහානි ද සිල්වා මෙනෙවිය ශ්‍රී ලංකාවට ගෙනදී තිබෙන කීර්තිය සම්බන්ධයෙන් ඇයට ගෞරවයක් ලබාදීමට අගමැති මහින්ද රාජපක්‍ෂ පියවර ගෙන තිබේ.

ඒ අනුව, ඉදිරි දිනකදී අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන විශේෂ උත්සවයකදී ඇයට එම ගෞරවය ලබා දීමට අවශ්‍ය පියවර මේ වනවිටත් ගනිමින් පවතින බව බෞද්ධ හා ආගමික සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන පැවසීය.

ඇයට නිසි ගෞරවයක් ලබාදීමට අවශ්‍ය කිසිදු වැඩපිළිවෙළක් රජය මගින් සිදුකර නොමැති බවට ඇතැම් මාධ්‍ය හා සමාජ මාධ්‍ය ගෙන යන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවක් නොමැති බව ද පසුගිය කාලය තුළ සංචරණ සීමා පනවා තිබීම හේතුවෙන් එම කටයුතු කිරීමට තරමක් ප්‍රමාද වූ බව ද මහාචාර්යවරයා පැවසීය.

ඉන්දියාව, ඇමෙරිකාව, ඉතාලිය වැනි ලොව පුරා බොහෝ රටවල් රැසක ඇගේ හැකියාවන් වැළඳගෙන ඇති බව ද ශ්‍රී ලාංකිකයන් වශයෙන් එය අපට මහත් ගෞරවයක් ගෙන දෙන්නක් බව ද ඒ මහතා පැවසීය.

රටේ නම ජාත්‍යන්තරයට රැගෙන ගිය යොහානි සිල්වා ගායිකාව ඇගයීමට මෙන්ම ගෞරවය පුද කිරීමට රාජ්‍ය සම්මානයක් පිරිනැමීමට කටයුතු කරමින් සිටින බවත් විෂය භාර අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එය ක්‍රියාත්මක කරන බවත් ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා වාචික පිළිතුරු අපේක්ෂාවේන් අද (04දා) යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ –

“අපේ රටේ තරුණ පරම්පරාවේ නව ගායිකාවක් අද ජාත්‍යන්තරයට ගිහින් තිබෙනවා. ඉන්දියාවේ විශේෂයෙන්ම ආදරය කරනවා යොහානි සිල්වා ගායිකාවට. ඒ තරුණ ගායිකාව වෙනුවෙන් රජයක් ලෙස කිසිදු දැනෙන දෙයක් කරලා නෑ. රට වැටිලා තිබෙන අවස්ථාවක රට ජාත්‍යන්තරයට රැගෙන ගිය යොහානි සිල්වා ගායිකාව වෙනුවෙන් ආණ්ඩුවට යුතුකමක් තිබෙනවා යම් දෙයක් කරන්න.”

රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක –

“අනිවාර්යෙන්ම මේ වන විටත් එම කටයුතු විෂය භාර අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍යවරයා ආරම්භ කරලා තිබෙනවා. රාජ්‍ය සම්මානයකින් ගෞරව උපහාර පුද කරන්න කටයුතු කරනවා. එතැන් පටන් අලුත් වැඩ පිළිවෙලක් ආරම්භ කරනවා. ඒ හරහා මෙවැනි කලාකරුවන්ගේ අයිතීන් ආරක්ෂා වෙන, වරප්‍රසාද ආරක්ෂා වෙන වැඩ පිළිවෙලක් අපි නිර්මාණය කරන්න ඕනි.”

(උපුටාගැනීම – සාරවිට / මව්බිම)

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x