ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පටවිශේෂාංග

අනේ මිසී මගේ ඔක්සිජන් එකට පිරිත් පැන් ටිකක් දාන්නකෝ

අද ධරණී කවරය දරා සිටින්නේ රටත්, අපත් සුවපත් කරන්නට කොරෝනා සටනේ පෙරමුණ ගත් සුව විරුවන් අතුරින් කිහිපදෙනෙක්ය. ඒ ගම්පහ දිස්ත්‍රික් මහරෝහලේ කොවිඩ් අ-ධියැපුම් ඒකකයේ වෛද්‍ය වත්සලා කරුණාරත්න, හෙද නිලධාරිනී තනුජා රුක්මණී විජේසූරිය සහ උපස්ථායක නිලධාරිනී දිලීෂියා කුමාරි යන මහත්මීන්ය.

වෛද්‍ය වත්සලා කරුණාරත්න 

“මේ වගෙ අ-සී-රු මොහොතක රට වෙනුවෙන් සේවය කරන්න ලැබුණු එක ලොකු සතුටක්. ඇත්තම කිව්වොත් වෛද්‍යවරියක වීමේ වටිනාකම වෙනදටත් වඩා දැන් මට දැනෙනවා.”

ඈ කියන්නේ නිහතමානීවය. වෛද්‍ය වත්සලා සේවය කරන්නේ ගම්පහ දිස්ත්‍රික් මහරෝහලේ 141-D වාට්ටුවේය.

“අපේ රෝහලෙත් කොවිඩ් රෝගීන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. කොවිඩ්අ-ධියැපුම් ඒකකය විදියට ක්‍රියාත්මක වෙන වාට්ටුවේ තමයි මම වැඩ කරන්නේ. අ-සා-ධ්‍ය කොවිඩ් රෝගියෙක් දැ-ඩි සත්කාර ඒකකයට ඇතුළත් කරන්න කලින් අපේ ඒකකයට ඇතුළත් කරනවා. ඉතින් කොවිඩ් රෝගීන් එක්කම ගැවසෙන නිසා අපිට ආරක්ෂාව ගැන වැඩිපුර හිතන්න වෙලා තියනවා. මොකද සෞඛ්‍ය සේවකයෝ අ-ස-නී-ප වුණොත් රෝගීන්ට ප්‍රතිකාර කරන්නේ කවුද?”

රාජකාරි වෙලාවේ ඔවුන් අඳින ආරක්ෂිත ඇඳුම් කට්ටලයට ශරීරය ආවරණය වන ඇඳුම් කිහිපයකුත්, ගොගල් කණ්ණාඩි, මුඛ ආවරණ, මුහුණු ආවරණ මෙන්ම හිස්වැසුම්, අත්වැසුම් වැනි උපාංග කිහිපයක්ම ඇතුළත්ය.

“ආරක්ෂිත ඇඳුමක් පැය ගානක් එකදිගට ඇඳගෙන වැඩ කරන එක හරි අ-මා-රු වැඩක්. සමහර වෙලාවට දාඩිය දාලා තැම්බෙනවා. ගොගල්, මුඛ ආවරණ එක්ක මුහුණු ආවරණත් පළඳින නිසා හුස්ම ගන්න එහෙම හරිම ආ-ම-රු-යි. දවසක් මට හොඳටම දාඩිය දාලා ක්ලාන්තෙට වගේ ආවා. ඉතින් විනාඩි කිහිපයක් ඉඳගෙන ඉඳලා ආයෙත් වැඩ කරන්න පටන් ගත්තා. අ-මා-රු වැඩිකමට සමහර වෙලාවට හෙදියන් පවා ක්ලාන්ත වෙනවා.”

පැය කිහිපයක් මුඛ ආවරණ පැළඳීමත් අපහසු බව අත්දැකීමෙන් දන්නා නිසා සුව විරුවන්ගේ ආරක්ෂක ඇඳුමේ අ-ප-හ-සු-ව ගැන අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැත.

“රෝහලේදී කිසිම හේතුවකට ආරක්ෂිත ඇඳුම ග-ල-ව-න්න- බැහැ. ඉතින් වතුර නොබී, වොෂ්රූම් නොයා පැය ගණන් ඉවසපු වෙලාවල් අනන්තයි. මුඛ ආවරණ කිහිපයක්ම දාගෙන ඉන්නකොට සමහරුන්ගේ මුහුණු කැ-පි-ලා, රතුවෙලා, ලප කැළැල් පවා ඇතිවෙලා තියෙනවා. හැබැයි අ-ප-හ-සු-වෙ-න් හරි එහෙම කරන නිසා තමයි අපි හැමෝම අදත් ආරක්ෂා වෙලා ඉන්නේ.”

ඊට අමතරව මේ මොහොතේ ඔවුන්ට නිවෙස්වල ආදරණීයයන්ගේ ආරක්ෂාව පිළිබඳවත් සිතීමට සිදුව ඇත.

“අපි ඉන්නේ මගේ හස්බන්ඩ්ගේ මහගෙදර. එයාගේ අම්මයි, තාත්තයිත් අපිත් එක්කමයි ඉන්නේ. ඒ දෙන්නා පරිස්සම් කරගන්න ඕනෙ නිසා මුල් කාලෙ නම් මම ගෙදර ගියේම නැහැ. හැබැයි දැන් නම් ගෙදර යනවා. ඒ ගියත් එයාලගෙන් පුළුවන් තරම් ඈත්වෙලයි ඉන්නෙ. හැබැයි එහෙමවත් අම්මව, තාත්තව, සැමියව, පුංචි පැටවුන්ව මාස ගානකින් ඇහැට නොදැක රාජකාරි කරන අපේ හිතවත් සෞඛ්‍ය සේවකයොත් ඉන්නවා කියන එකත් මතක් කරන්න ඕනේ.”

නමුත් ඔවුන්ගේ ගුණ නොහඳුනන දුර්ගුණ මිනිසුන්ද මේ සමාජය තුළ සිටිනා බව කණගාටුවෙන් වුවත් නොලියාම බැරිය.

“පළමු කොවිඩ් රැල්ල වෙලාවෙදි සමහර වෙළෙන්දෝ සෞඛ්‍ය අංශවල අයට බඩු විකුණන එක පවා ප්‍-ර-ති-ක්ෂේ-ප කළා. අපෙන් අනිත් අයට වෛරසය බෝ-වෙ-යි කියන අදහස ගොඩක් අයට තිබුණා. ඒ නිසා සමහරු අපි දිහා බ-යෙ-න්, සැ-කෙ-න් බැලුවා. තවමත් සමහර අය එහෙමයි. හැබැයි ඒ වගේ දේවල් නිසාවත් අපි රාජකාරිය ප-හ-ර හැරලා නැහැ.”

කොවිඩ් රෝගීන්ගේ ජීවිත වෙනුවෙන් කොතරම් අරගල කළද ඇතැම් රෝගීන් ම-ර-ණ-යෙ-න් මුදවා ගැනීමට අ-පො-හො-සත් වන බව ඈ කියන්නේ සංවේදීවය.

“උපරිමයටම උත්සාහ කරලත් අපිට සමහර රෝගීන්ව බේරගන්න බැරිවෙන අවස්ථා තියෙනවා. පහුගිය ටිකේ රෝගීන් වැඩි පිරිසක් මි-ය-ගි-යා. ඇත්තටම ඒ අවස්ථා හරිම සංවේදියි. හුස්ම එක්ක පො-ර-බ-ද-න සමහර රෝගීන්ව දැක්කම මට මගේ ගෙදර අයගේ මුහුණු මතක් වෙනවා.”

එසේම අවසාන වශයෙන් ඔබගෙන් යමක් ඉල්ලීමට අවශ්‍ය බවත් ඈ කීවාය.

“අපේ කාර්ය මණ්ඩලවල කිසිම කෙනෙක් වැඩ මඟඅරින්නේ නැහැ. හැම රෝගියෙක්ගෙම ජීවිත බේරගන්න එක තමයි අපේ වගකීම. අපි ඒ වගකීම තිතටම ඉටු කරනවා. ඒ වගේම සෞඛ්‍ය අංශ දීලා තියෙන උපදෙස් පිළිපැදලා ඔබත්, ඔබේ පවුලේ අයගෙත් ආරක්ෂාව සලසගෙන ඔබේ වගකීම ඉටු කරන්න කියලා මම ආදරෙන් ඉල්ලා සිටිනවා.

ඒ වගේම අවසාන වශයෙන් 141-D වාට්ටුවේ බෝධික සමරසේකර, සුරේෂ් සිල්වා ඇතුළු සියලුම වෛද්‍යවරුන්, හෙද කාර්යය මණ්ඩලය, සුළු සේවක පිරිස ඉටුකරන සේවය ගැනත් මතක් කරන්න මම මේක අවස්ථාවක් කරගන්නවා.”

01

තනුජා රුක්මණී විජේසූරිය 

“අපේ යුනිට් එකේ රෝගීන් 40ක් ඉන්නවා. කාර්යය මණ්ඩලය අඩු නිසා දැන් අපිට මුළු දවසම වැඩ කරන්න වෙනවා. යුනිට් එක ඇතුළට ගියාට පස්සේ රෝගීන්ගේ සියලුම දේ සොයා බලන්න, එතකොට එයාලා හරියට කනවද, බොනවද, සතුටින් ඉන්නවද කියන මේ හැමදේම අපි හොයලා බලනවා. ඇත්තම කිව්වොත් යුනිට් එක ඇතුළට ගියහම බඩගින්නක්, වතුර තිබහක් එහෙම දැනෙන්නෙම නැහැ. කාර්යය මණ්ඩලයේ හැමෝම වගේ මූලික අවධානය දක්වන්නේ රෝගීන්ට. ඉතින් හවස් වෙලා කන්න යද්දි ගෙදරින් ගෙනාව බත්පත නරක් වෙලා තියෙන වෙලාවල් පවා තියෙනවා.”

සුවහසක් හෙද නිලධාරීන් නියෝජනය කරමින් ඇය තම සේවය පිළිබඳව කතා කළේ සතුටිනි.

එසේම ඇය නිරතුරුවම රෝගීන්ගේ මානසික සුවය උදෙසා කැපවන්නියක බව කතාවේ මුල සිටම පැහැදිලි විය.

“වෙන රෝගයක් නම් ගෙදරින් ඇවිල්ලා රෝගියා ගාව නතර වෙනවනේ. ඒත් මේ කොවිඩ් එක්ක එහෙම බැහැ. ඉතින් මේ රෝගීන්ට ඉන්නේ අපි විතරයි. එයාලව දැන් සමාජයෙන් කොන්වෙලා කියලා තමයි මේ ගොඩක් අය හිතන්නේ. මොකද එයාලා ළඟට යන්න කොයි කවුරුත් බ-ය-යි-නේ. ඉතින් අපි පුළුවන් හැමවෙලේම එයාලගේ ළඟට ගිහින් අතපය අතගානවා. එතකොට එයාලට දැනෙන සතුට ඒ මූණුවලින්ම පේනවා.”

කොවිඩ් රෝගීන් සමඟ ගතකල කාලසීමාව තුළ මතකයේ රැඳුනු සුවිශේෂී මතක කිහිපයක් ඈ දිගහැරියේ මෙසේය.

“අපේ යුනිට් එකේ වැඩිපුරම ඉන්නේ වැඩිහිටි රෝගීන්. ඉතින් පිරිත් නූල්, පිරිත් පැන්වලට එහෙම එයාලා හරි කැමතියිනේ. මම නිතරම අපේ පන්සලෙන් ඒ දේවල් අරගෙන එනවා. දවසක් එක ආච්චි අම්මා කෙනෙක් මගෙ අත බදාගෙන ‘අනේ මිසී මගේ ඔක්සිජන් එකට පිරිත් පැන් ටිකක් දාන්නකෝ’ කියලා අඬ අඬ කිව්වා. ඒ වෙලාවේ මම ඒ විදිහට කරනවා වගේ රඟපෑවා. ඉතින් ඒ ආච්චි අම්මට ඒ වෙලාවේ හරි සතුටුයි.

මේ ළඟදි එක රෝගියෙක් ආවා. මේ රෝගියයි එයාගේ මල්ලියි එකම වත්තක ගෙවල් දෙකක් හදාගෙන තමයි ජීවත්වෙලා තියෙන්නේ. ඉතින් මේ පුද්ගලයාට කොවිඩ් හැදුනම අර මල්ලි මේ පුද්ගලයා ජීවත් වුණු පුංචි ගෙදරත් කඩලා ඔහුවත් එ-ල-ව-ලා දාලා තියෙනවා. සමහර වෙලාවට වයසක අම්මලා, තාත්තලා දරුවෝ බලන්න ඕනේ කියලා කෑගහලා අඬනවා. අනේ ඒ වෙලාවට දරුවන්ට කෝල් එකක් අරන් දෙන්න බලනකොට ඒ දරුවෝ අපිට දීලා තියෙන්නේ බොරු ටෙලිෆෝන් නොම්බර. මිනිස්සු විදිහට අපිටත් ඒ දේවල් දරාගන්න හරි අමාරුයි.

මෙතනට අඬ අඬා එන ගොඩක් අය ගෙදර යන්නේ සතුටින් හිනාවෙවී. කොවිඩ් කියන්නේ තවත් එක රෝගයක් විතරයි. ඉතින් මේක හැදුනා කියලා තමන්ගේ ආදරණීයයන්ව තනි කරලා, වෙනස්කම් කරලා මනුස්සකම නැති කරගන්න එපා කියන එක තමයි මගේ එකම ඉල්ලීම.”

අද දවසේ අප කොරෝනාවෙන් ආරක්ෂා වීම සඳහා අපේ වගකීම ඉටු කරන්නේ නම් හෙට දවසේ ඔවුනට නිදහසේ හුස්ම ගැනීමට හැකිවනු ඇත. ඉදින්, එවන් දිනක් ඉතා ඉක්මනින්ම උදාවේවා යන්න අපේත් සුව ප්‍රාර්ථනාවයි!

විශේෂ ස්තූතිය – ගම්පහ දිස්ත්‍රික් මහරෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමන් පතිරණ මහතාට

සෙව්වන්දි හෙට්ටිආරච්චි – ධරණි පුවත්පත ඇසුරින් 

ඡායාරූප – මධුසංක සිරිවර්ධන

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x