ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පට

නංගිලා දෙන්නා මට පුදුම වාසනාවක්

ලක්ෂි හිටිබණ්ඩාර කියන්නේ බොහෝ දෙනා ආදරය කරන දක්ෂ නිවේදන ශිල්පිනියක්. මේ හැරුණු පසු ඇය රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ බොහෝ අත්දැකීම් තියෙන ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනියක්.මේ වෙද්දි ඇය ගැන වැඩි දෙනා කතා බහ කරන්නේ travel with three sisters වීඩියෝ හරහා. හැමෝගෙම ආදරය දිනාගත්ත ලක්ෂි trending colombo  සමග කතාබහට එකතු වුණේ මෙන්න මේ විදියට. ඉතින් ඇය එම සාකච්ජාවේදී දැක්වූ අදහස් මෙලෙස ඔබට ගෙන එන්නට අපි සූදානම්.

මම හරිම සාමාන්‍ය, හරිම සරල හරිම සතුටින් නිදහසේ ජොලියෙ ඉන්න කැමති කෙනෙක්.මම ගොඩක් ආසයි අධ්‍යාපනය පැත්තට. හැබැයි ඉස්කෝලෙ කාලෙන් අධ්‍යාපන පැත්ත හරියටම පටන් ගත්තේ මං O/L ඉවර උනාට පස්සේ. මොකද O/L වෙනකන් මම කළේ band ගහපු එක. ඒ වගේම games ගොඩක් කලා.

ඒ පැත්තත් කරගෙන ගොඩක් හොඳට උසස් පෙළත් සමත් වුණා.ඊට පස්සේ මගේ බාහිර උපාධිය හැදෑරුවා,රූපලාවණ්‍ය පිළිබඳ හැදෑරුවා,මාධ්‍ය පිළිබඳව හැදෑරුවා ,රූපලාවන්‍ය නිෂ්පාදන හදන විදිය ගැන ඉගෙන ගත්තා.ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ලේඛකත්ව හා සන්නිවේදන ඩිප්ලෝමා ගත්තා. ඉතින් මං මේ වෙනකොට සඳස කලා පීඨයේ මගේ සංගීත විශාරද විභාගය සඳහා පෙර සූදානම් වෙනවා.

මාව නිවේදිකාවක් විදිහට තමයි හැමෝම දන්නේ හැබැයි ඊට කලින් මම එන්නේ නිරූපණ ක්ෂේත්‍රයට.ඊට පසු 2015 දක්වා top model of the year වෙනකන් මගේ ගමන ආවා. ඊට පස්සේ පස්සේ මම ටිකක් ඒක නතර කරලා ඒ අතර නිවේදන කටයුතුත් කළා.එතනින් පස්සෙ මම නිවේදනය දිගටම කරගෙන ආවා. ඒ මම නිවේදනයට කැමැති හින්දා.විශේෂයෙන් මතක් කරන්න ඕන infaas academy එක.එතනින් තමයි මම නිවේදනයක් පටන් ගත්තේ සද්ධාමංගල සූරියබණ්ඩාර සර්. එතකොට චේතනී මිස් තමයි මගේ මේ ගමනේ ආරම්භය.

01

 

02

ඉතින් ඒ දෙන්නගේ මගපෙන්වීම යටතේ මම CSN එකේ වැඩ කළා, ශ්‍රී ටීවී එකේ වැඩ කළා, නිවේදිකාවක් සහ නිෂ්පාදකවරියක් විදිහට. ඊට්අමතරව channel c, ස්වර්ණවාහිනිය,channel one එකෙත් program කිහිපයක් කළා. ඊට අමතරව තවත් youtube නාලිකා වල. සැටලයිට් නාළිකා වල ගොඩක් ඒවගේ වැඩ කළා.මේ දේවල් වලට අමතරව මම මගේ සැලෝන් එක කරගෙන යනවා.රූපලාවන්‍ය උපදේශිකාවක් විදිහට ආයතන කිහිපයකම වැඩ කරනවා, personal grooming lecture කෙනෙක් විදිහට කටයුතු කරනවා. මේ දිනවල නම් වැඩිපුරම රූපලාවණ්‍ය කටයුතු තමයි.

නිවේදිකාවක් විදිහට විශේෂයෙන්ම කාන්තාවකට ගොඩක් අ-භි-යෝ-ග තියෙනවා. විශේෂ මම නුවර කෙනෙක් කොළඹ ගිහිල්ලා නිවේදිකාවක් විදිහට මගේ ගමන ආරම්භ කරනකොට මම තනියම බෝඩිමක නැවතිලා තනියම බස් වල ගිහිල්ලා තමයි මගේ වැඩ කටයුතු කළේ. කොළඹ මොනවගේද කියලවත් මට එතකොට අවබෝධයක් තිබුණේ නෑ. ඒවත් එක්ක එක්ක ලොකු අභියෝග වලට මුහුණ දෙන්න සිද්ධ වුණා.හැබැයි මගේ හිතේ ශක්තිය තිබුණා. මම තනියම අ-ඬ-ලා තියෙනවා, කෑ-ග-හ-න අ-ඬ-ලා තියෙනවා,දවස් ගණන් නො-කා නො-බී ඉදලා තියෙනවා.ඒ හැමදේම මං මගේ ශක්තියක් කර ගත්තා.

සමහර තැන්වලින් පෙනි පෙනී මාව ප්‍ර-ති-ක්ෂේ-ප වුණා. සමහර තැන්වලින් වෙන වෙන යෝජනා නිසා මාව ප්‍-ර-තික්ෂේ-ප වුණා. හැබැයි කවුරු හරි කෙනෙක් අපට බෝලයක් දානකොට අපි එකට බැට් කරන්න ඉගෙන ගත්තා නම් ෂේප් එකේ ගමන යන්න පුළුවන්. කට්ටිය හැරෙනකොට ඒ මොකටද කියලා මට කියන්න පුළුවන්. එනිසා ඒ අ-භි-යෝ-ග ටික මට ජයගන්න පුළුවන් වුණා කියලා මම විශ්වාස කරනවා .

මේ වෙනකොට ඒ අභියෝග ජයගෙන මම නිවේදිකාවක් විදිහට ක්ෂේත්‍රයේ කිහිපදෙනෙක්ට හරි මතක හිටින චරිතයක් වෙලා තියෙනවා. නිකන් හූමිටි තියන කෙනෙක් වෙන්නේ නැතුව කරපු වැඩ ටික හොඳට කළා කියලා මම හිතනවා .ඒ හරහා මට ගොඩක් විදෙස් සංචාර ලැබුණා. නාලිකාවක වැඩ කරන නිවේදිකාවකට වඩා මට ගොඩක් ලොකු වැඩ ප්‍රමාණයක් ලැබුනනා. ඒ නිසා ගොඩක් freelance event කරන්න තමයි මම කැමති. අව්ව වැස්ස මට ඒවා දාලා නැහැ. මගේ වැඩේ ඕන අ-භි-යෝ-ග-ය-ක් මැද්දේ කරන කෙනෙක් මම.

මේ වෙනකොට නම් මම වැඩිපුර ජනප්‍රිය වෙලා තියෙන්නේ instagram එකේ . මම හිතන්නේ youtuber කෙනෙක්ටත් වඩා covid කාලේ මා පටන් ගත්ත lucky beauty tips කියලා instagram එකක් .මට හිතුනා ඉන්ස්ටග්‍රෑම් එක හරහා සමාජ සේවයක් කරන්න ඕන කියලා . කාන්තාවන්ට තියෙන ප්‍රශ්නයක්නේ රූපලාවන්‍ය ගැටළු කියන්නේ .මම මේකෙන් කරන්නේ කාන්තාවන්ට තියෙන රූපලාවණ්‍ය ගැටලුවලට මම ඕනම වෙලාවක උත්තර දෙනවා.එයාලා කෝල් කළොත් මම answer කරනවා.pimple එකක් ආවත් ලක්ෂි අක්කා මතක් මතක් වෙන තරමට දැන් හැදිලා තියෙන්නේ.

තරුණියක් youtube,tiktok, facebook වැනි සමාජ මාධ්‍ය භාවිතා කරද්දි කොහොමද පරිස්සම ගැන වග බලාගන්න ඕන? ඒක තමන්ට self-confident එකක් විදිහට එන්න ඕන. ඒක ඇත්තටම අදහස් ප්‍රකාශ කරන්න තියෙන හොඳ මාධ්‍යයක්. මම ඇත්තටම මේවා භාවිතා කරන්නේ මගේ ටා-ග-ට් එකට යන්න .ගොඩක් අය බලාපොරොත්තු වෙන්නේ followers ලා වැඩි කරගන්න.එහෙමත් නැත්නම් blue tick එක දාගන්න.

මට තියෙන්නේ ඊට වෙනස් දෙයක්. මට ඕනේ වෙලා තියෙන්නෙ රූ රූපලාවණ්‍ය ගැටලුවක් ආපු ගමන් නොමිලේ සේවාවක් සපයන්න පුළුවන් platform එකක් හදාගන්න එක .සමාජ මාධ්‍ය තුළ එක් එක්කෙනා එක එක්කෙනා එක එක විදියට තමන්ගේ දක්ෂතාවයන් ඉදිරිපත් කරනවා.

අපි ජීවත්වෙන අපේ habits එක්ක.මේ දේවල් එන්නේ අපේ දෙමව්පියන්ගෙන්. ඉතින් ඒ අයගේ දෙමවුපියොත් දැනගන්න ඕන මේ ළමයා මොකක්ද කරන්නේ කියන එක ගැන හොයලා බලන්න .ළමයින්ටත් ඒ ගැන වගකීමක් තියෙන්න ඕන.සමාජ මාධ්‍ය භාවිතා කරන කොට ඒ දේවල් අපේ දියුණුව වෙනුවෙන් බාවිතා කරන්න. මම නම් සමාජ මාධ්‍ය භාවිතා කරන්නේ මගේ දැනුම බෙදා ගන්න.

travel with three sisters හරහා ඔබට ලැබුණු ආශිර්වාදයන් මොනවද? ඒක ලොකු ආශිර්වාදයක් .මොකද නංගිලා දෙන්නෙක් ලැබිච්ච එකම ලොකු ආශිර්වාදයක්.මොකද අපේ අම්මට අවුරුදු දහයක් බබාලා නැතුව ඉඳලා තියෙනවා.ඊට පස්සේ තමයි මාව ලැබෙන්නේ.මගේ පළවෙනි නංගි හම්බෙන්නෙ මාව ලැබිලා අවුරුදු 9 කට පස්සේ.බාලම නංගි ලැබෙන්නේ ඊට අවුරුදු දෙකකට පස්සේ.මම ඒ දෙන්නා බලාගත්තේ මගේ දරුවෝ දෙන්නෙක් විදියට.

03

 

04

ඒ නිසා වෙන්න ඇති ඒ දෙන්නව guide කරගෙන මට ලොකු ගමනක් යන්න පුළුවන් වුණේ.ඒ දෙන්න කියන්නේ මගේ ජීවිතයේ පුදුම ආශිර්වාදයක් සහ පුදුම වාසනාවක් .මේ විදිහට එකම දක්ෂතා තියෙන විදිහට අපි ඉන්නේ අම්මයි තාත්තයි දුන්නු දායාද නිසා .

මේ හැමදේටම ඔබේ සැමියාගෙන් ලැබෙන සහයෝගය මොනවගේද? මගේ නිර්මාණය මගේ සැමියා.මම නිරූපණ ක්ෂේත්‍රයට අඩිය තියෙන කොටම තමයි මට ඔහුව හමු වෙන්නේ.එයා තමයි හැම තැනකටම මාව එක්කගෙන යන්නේ.මගේ පිටිපස්සෙන්ම ඉන්නවා. හැබැයි සමහර තැන්වල මට ගොඩක් දේවල් නැති වෙලා තියෙනවා. ඒකිසි දෙයක් නිසා මම ඔහුව අත ඇරියේ නෑ.අපි දෙන්න අවුරුදු හයක් හතක් වගේ living together හිටියා.ඊට පස්සේ අපේ wedding එක ගත්තා. දැනට විවාහ විවාහවෙලා අවුරුදු දෙකක්.

අපි දෙන්නගෙ තියන අන්‍යෝන්‍ය බැඳීම සහ තේරුම් ගැනීම මං හිතන්නේ වෙන කාගෙවත් කපල් එකක් ළඟ ඇති කියලා .මොකද එක දවසකට වත් අපි දෙන්නා ර-ණ්ඩු වෙලා නැහැ. පුදුම ඇහුම්කන් දීමක් අපි දෙන්න අතරෙ තියෙනවා.මොන ගමන ගියත් අපි දෙන්නා එකටම යනවා . අපේ ෆීල්ඩ් එකේ ඉන්න අය දන්නවා අපි දෙන්නට තත්පරයක්වත් එහෙට මෙහෙට වෙලා ඉන්න බෑ කියල.ඇත්තටම එයා නිසා තමයි අද මේ ගමන එන්නේ.මගේ අම්මා තාත්තව, නංගිලාව,මාව, එයාලගේ ෆැමිලි එකේ අයව එයා හොඳින් බලා ගන්නවා.

අද කාලේ සහෝදරියො කියලා කියන කට්ටිය ජීවත් වෙන විදිහ දැක්කම මට හිතෙනවා මගේ සහෝදරියෝ දෙන්න ඊට වඩා හාත්පසින්ම වෙනස් මට්ටමකට මට ගනන් පුළුවන් වුණා කියලා.අධ්‍යාපන මට්ටමෙන් ඒ දෙන්නා ඉහළම තැන් වලට යනවා.ඊට අමතරව එයාලගෙම කියලා බිස්නස් කරගෙන යනවා.ඉතින් ඇත්තටම ලොකු ආඩම්බරයක්. එයාලා සමාජ මාධ්‍ය පරිහරණය කරන විදිය. මගේ නම තියගෙන තැනකට ගිහිල්ලා වැඩ කරන විදිහ, අනිත් අය එක්ක හැසිරෙන විදිහ දැන් ඉන්න ළමයින්ට සාපේක්ෂව ඇත්තටම ගොඩක් මට habits තියෙනවා.ඒක ගොඩක් ආදර්ශමත් කියලා මම හිතනවා .

ඔබට ම-ඩ-ග-හ-න කැ-පි-ල්ල දාන ඉන්නවද? ඉස්සර නම් ගොඩක් කට්ටිය හිටියා කැ-පි-ලි දාන ම-ඩ ගහන අය. ඔය එක එක ගෲප් චැට් හදාගෙනත් හිටියා. අපේ තාත්තා විදෙස්ගත වෙලා ඉඳලා ලංකාවට ඇවිල්ලා වඩේ කරත්තයක් කරලා මාවයි නංගිලා දෙන්නයි මේ තත්වෙට අරගෙන ඇවිත් තියෙනවා. ඒ කට්ටිය නො-වි-ඳි-නා දුක් විඳලා තමයි අපිව මේ තත්ත්වයට අරගෙන තියෙන්නේ.ඒකත් යම් යම් තැන්වලදී වි-වේ-ච-නය කරලා තිබ්බා අපි හරි දුප්පත් කියලා.

මම සහ සතුටු ඒ දේවල් කියනවට.මම අදටත් මතක් කරන්නේ මම මාර විදිහට දු-ක-ක් වි-ඳ-ලා ආපු නිසා ශක්තිමත්ව මේ ෆ්ලැට්ෆෝම් එකේ ගමනක් යන්න ඒ දු-ක හයියක් වුණා .දු-ක සතුට මාර විදිහට බැලන්ස් කරගෙන යන්න පුලුවන් වුන එක ගැන මම සතුටු වෙනවා.මුලින් ඒ ගැන හොයලා බැලුවත් පස්සේ පස්සේ බලන්නෙවත් නැතුව නිකන් හිටියා .ම-ඩ ග-හ-න කැ-පි-ලි-දා-න අය ගැන හොයන්නේ නැතුව ඉන්න එක තමයි අපේ ජීවිතේ කරන්න තියෙන හොඳම දේ.

මේ දක්වා ආ ගමනේ ස්තුතිවන්ත වෙන්න ලොකු පිරිසක් නැහැ.ඉන්න එකම දෙන්නා අම්මා සහ තාත්තා.මගේ අතපය හතර නොකඩා මාව මෙහෙම හදලා මට අධ්‍යාපනය දීලා එයාලගේ මුළු ජීවිතයම කැප කරලා,මාව මේ තැනට ගෙනාවට එයාලට ස්තුතිවන්ත වෙන්න ඕන.ඒ වගේම තමයි මගේ සැමියාට ස්තූතිවන්ත වෙන්න ඕන.ඒ වගේම මගේ නංගිලා දෙන්නනා.විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕන මේ කට්ටියට තමයි .මට උදව් කරපු මට නම කියන්න අමතක වුණු මාව විවේචනය කරපු ඒ අයටත් මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා.

සාකච්ජාව – Trendingcolombo.com වෙබ් අඩවියෙන් 

Related Articles

3 2 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x