ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පට

ආයේ කවදාවත් වෙන්නෙ නැති දෙයක් ඒක. අපි දෙන්නා වෛරයෙන් වෙන් වුණේ නැහැ

කවින්ද්‍යා අධිකාරි තවත් විධියකින් කියනවා නම් අතුල – සමිතාගේ දුව. අම්මාගෙයි, තාත්තාගෙයි හැකියාව අතමිට මොළවගෙනම උපන් කවින්ද්‍යා කාගේත් ආදරය දිනූ ගායිකාවක් වගේම රංගන ශිලිපිනියක්. ඊටත් වඩා ජීවිතයට එන සියලු අත්දැකීම් නොසෙල්වී දරාගත් යුවතියක්. ‘මව්බිම’ – ‘හදගැස්ම’ කවීගේ ‘හදගැස්ම’ ළඟ මොහොතකට නතර වුණා.

කවින්ද්‍යා අධිකාරි කියන්නේ මොන වගේ කෙනෙක්ද?

මම හරිම සාමාන්‍ය නිහතමානී පොළොවේ පය ගහලා ඉන්න කෙනෙක්.

තරු දියණියක් විධියට තියෙන ජනප්‍රියකම ගැන මොන වගේ හැඟීමක්ද කවීට තියෙන්නේ?

මං හැම තිස්සෙම හිතන්නේ ජනප්‍රියම දෙන්නෙක්ගෙ දුව වෙන්න ලැබීම වාසනාවක් කියලා. මොකද එහෙම අම්මා, තාත්තා දෙන්ම ජනප්‍රිය වුණු අයගෙ දරුවො ඉන්නෙ අතළොස්සයි. මම ඒ අතළොස්සෙන් කෙනෙක්වීම වාසනාවක් කියලයි මං හිතන්නේ. ඒ ගැන මට සතුටුයි වගේම ආඩම්බරයි.

අම්මා ගැන හොඳටම කියන්න දන්නේ ඔයා. ඇයව කවුරු කොහොම දැක්කත් හරියටම දකින්නෙත් ඔයා. ඒ නිසා සමාජය නොදැකපු නොදකින සමිතා ගැන කියන්න?

අපි කවුරුවත් 100%ක් සම්පූර්ණ නැහැ. වැරැදි කරනවා. ඒ වැරැදි හදාගන්නවා මේ ජීවිතේ. මගේ අම්මා ගැන කතා කරනවා නම් හැම ප්‍රශ්නයකටම නිශ්ශබ්දව මුහුණ දෙන කෙනෙක්. හැම මොහොතකම මායි, මල්ලියි ගැන හිතනවා. ජීවිතේ ගන්න ඕනෑම තීරණයක් ගැන මාත් එක්ක අම්මා කතා කරනවා. අම්මාගෙ විවාහය වුණත් එහෙමයි. අපේ ළඟින් ඉන්න අය පවා ඒ ගැන මගෙන් ප්‍රශ්න කළා. නමුත් මං දන්න එකම දේ අම්මා මටයි, මල්ලිටයි හීනෙකින්වත් වරදක් කරන්නේ නෑ කියන එක. අම්මා කෙනෙක් විධියට ඇය උපරිමයටත් එහා අපි වෙනුවෙන් කැපකිරීමෙන් කටයුතු කරනවා. ඇය Husband වෙනුවෙන් වුණත් එහෙමයි. කරන දේ කැපවීමෙන් කරන කෙනෙක් මගෙ අම්මා. මගේ ලොකු වාසනාවකට ඇය මගේ අම්මා වුණේ. කෙටියෙන්ම කියනවා නම් මගේ අම්මා මට දෙවියෙක්.

දරා ගැනීම හා ඉවසීම උපරිමයටත් එහා ගිය තරුණියක් විධියට කවීව අපි දකිනවා. කලින් කලට විවිධ වූ දේ ඇහෙනකොට එය දරාගන්න මේ තරම් ශක්තියක් ලැබුණේ කොහොමද?

දරා ගැනීම කියන දේ මුලදී නම් මට තිබ්බේ නැහැ. ජීවිතේ ලොකුවට දරාගන්න පුළුවන් වූයේ 2010න් පස්සේ. ඒ තාත්තා අපිව දාලා ගිය අවුරුද්ද. එතකොට මට අවුරුදු 14යි වයස. තාත්තා එදා අපිව දාලා ගිය දවසෙන් පස්සේ තමයි මම ගොඩක් දේවල් දරාගන්න පුරුදු වුණේ. ඒ කාලේ සමාජයෙන් ආව දෝෂාරෝපණ දරාගන්නත් බැරි තරම්. මිනිස්සු මේ තරමටම කුහකකමින්, වෛරයෙන් ඉන්නවද කියලත් හිතුණා. නමුත් පස්සේ කාලෙක සෝෂල් මීඩියාවලින්ම මම දකිනවා ජනප්‍රිය ලෝකෙ අයට මෙහෙම දේවල් වෙනවා කියලා. ඒ නිසා මිනිස්සු අපහාසයට කියන දේවල් ලොකුවට අහන් ඉන්න ඕන නෑ කියන තැනට ආවා. කවුරු මොන මොන දේවල් කිව්වත් අපේ ජීවිත ගැන දන්නේ අපිනෙ. වෙන කවුරුත් නෙවෙයිනෙ. ඒ හින්දා කියන හැම කතාවම ඔළුවට ගන්න ඕන නැහැ. එක අතකට ගත්තොත් එළියෙ ඉන්න අයට අපේ ඒවා හොයන්න අයිතියක් තියෙනවා කියලා හිතෙනවා. අපේ නිර්මාණ එයාලා රසවිඳින නිසානේ අපි සල්ලි හම්බ කරන්නේ. ඉතින් මම එහෙම හිතලා හිත හදාගන්නවා.

සමහර වෙබ් පිටු ඔයාලා නොකියූ දේවල් පළකරනවා. පුවත්පතක පළවුණු ඔයාලගෙම ලිපිවල ඇති යම් කොටස් තුළින් කිසිදෙයක ඇත්ත නැත්ත නොදැන සමහරු ඉතාම පහත් කමෙන්ට් දානවා. ඒ ගැන කවී දකින්නේ මොන විධියටද?

අපි සින්දු කියලා, රඟපාලා සල්ලි හම්බ කරනවා වගේ ඔය වෙබ් පිටු කරන අය තමන්ගේ පවුලේ අයට, දරුවන්ට කන්න බොන්න, අඳින්න දෙන්නේ ඒවායින් උපයන මුදලින්. ඉතින් එයාලා බලන්නේ තමන්ගේ වෙබ් පිටුවෙ දාන දේ අනිත් වෙබ් පිටුවට වඩා විශේෂ කරගන්න. එතැනදී එයාලා ඕන දෙයක් පළ කරනවා බොරුවක් ඇත්ත විධියට ලියලා. මං ඒවා ගැන හිතන්නේ නැහැ. අපිව දන්න අය අපේ ඇත්ත දන්නවනෙ. නොකළ සහ නොකියූ දෙයක් පළ කළොත් ඒක ගැන දැනුවත් කරනවා. මම එතැනින් එහාට ඒ ගැන හොයන්නෙ නැහැ. කවුරුත් මට වෛර කළාට මම පෙරළා එයාට වෛර කරන කෙනෙක් නෙවෙයි. තරහක් ආවත් සෝඩා බෝතලයක් වගේ. අපිට අපහාස වෙන විධියට බොරු දාන අයට විරුද්ධව නඩුදාලා ඒ වෙබ් පිටු නතර කළොත් ඒ අයට කන්න බොන්න නැති වෙනවා. ඒක පවක්. ඒ නිසා ඒ අයගේ සතුටට ඉඩදීලා මම නිහඬව ඉන්නවා.

සෝෂල් මීඩියාවල පළවන ඕපාදූපවලට ගැහැනියකට අපහාස වෙන විධියට වැඩිපුරම කමන්ට්ස් දාන්නේ තවත් ගැහැනියක්. එහෙම වෙන්න හේතුව තරුණියක් විදිහට දකින්නේ කොහොමද?

ඒක නම් හරිම අප්‍රසන්නයි. කාන්තාවක් ගැන කාන්තාවකට තරම් වෙන කාටවත් තේරෙන්නේ නැහැ කියලයි මම නම් හිතන්නේ. මම නම් කාගෙ හරි සිදුවීමක් ගැන දැක්කම මම ඔළුවෙන් “එයා” වෙනවා. එහෙම වෙලා හිතනවා ඒ දේට මම මොන විධියට මුහුණ දෙයිද කියලා. හැම දේකටම හේතුවක් තියෙනවා. සමහරු ඉන්නෙම කාට හරි ‍ෙදාසක් කියන මානසිකත්වයෙන්. ගෙදර ඉඳන් වැඩක් කරන සමහර ගෘහණියන්ට කතා කරන්න කවුරුත් නැති වුණාම එයා ඉන්නේ FB එකේ එල්ලිලා. කාටද ගොසිප් හැදිලා තියෙන්නේ කියලා හොයනවා. හොය හොයා ඒවාට මොනාහරි දාන එක තරම් සතුටුක් නැහැ. ගෘහණියො විතරක් නෙවෙයි රස්සාවල් කරන අයත් ඉන්නවා. හොඳට බැලුවොත් එහෙම දාන්නෙ මොන දේ තිබුණත් තමන්ගේ ජීවිතේ සතුටක් නැති අය, තමන්ගේ ජීවිතය අසාර්ථක අය. ඉස්සර නම් මම අපි ගැන ලියලා තියෙන ඒවා කියවලා අඬලා තියෙනවා. පස්සෙ හිතුවා ඇයි මං ඒවා භාරගන්නේ කියලා. ඒ නිසා එහෙම ඒවා මට දාලා තිබුණත් මං බලන්නේ නැහැ. ඉවසීමෙන් ඒවා ඉවත දමනවා. ඕවා බලලා කලබල වෙලා උත්තර දෙන්නෙ නැහැ. කලබල වෙලා කියන වචන හරි සැරයි. ඒවා කිව්වට පස්සෙ හිතට අමාරුයි. කාටහරි කිව්වත් ඒක එයාටත් අමාරුයි. ඒ හින්දා හොඳම දේ අපිට අහේතුවකට කියන දේ භාර නොගෙන ප්‍රතික්ෂේප කරලා සතුටින් ඉන්න එක.

ඉදිරි කලා කටයුතු ගැනත් කියන්න. රඟපෑම් ඉදිරියේදී දකින්න පුළුවන්ද?

අලුතෙන් රඟපෑවෙ නැහැ. සින්දු කීපයක් Voice කරන්න ඉන්නවා. ඒ ඔක්කොටම වඩා මම අපේ කලායතනයේ වැඩ ටික කරගෙන යනවා. ලංකාවේ ප්‍රථම කලායතනය තමයි ඒ එරන්දතී කලායතනය. මම්මා සහ අම්මා වෙනුවෙන් මම ඒ කටයුතු බලනවා. මම කවදාවත් කිසිදෙයක් ප්ලෑන් කරලා කරන්නෙ නැහැ. එන දේට මුහුණ දීලා කරන දේ හරියට කරනවා.

හිතට සතුටක් ආවම ඒක බෙදා ගන්නේ කාත් එක්කද?

අම්මත් එක්ක.

හිතට දුකක් දැනුණම බෙදා ගන්නේ කාත් එක්කද?

දුකක් දැනුණම ඒක තනියම දරාගන්න කෙනෙක් මම. අම්මට කියන්නේ නැත්තෙ අම්මා ඒ ගැන වද වෙන නිසා. දුකක් දැනුණම තනියම අඬලා සින්දුවක් අහලා හිත නිදහස් කර ගන්නවා.

 

කවී මේ වෙනකොට ආදරවන්තියක්ද?

නැහැ.

හුඟක් අය හිතුවා ඔයාගෙයි ගයාන් ගුණවර්ධනගෙයි ආදර කතාව ආයෙමත් පටන් ගනියි කියලා. ඔයාලා විවාහ වෙයි කියලා අදටත් හිතන අය ඉන්නවා නේද?

ඔව්. ඒත් ආයේ කවදාවත් වෙන්නෙ නැති දෙයක් ඒක. අපි දෙන්නා වෛරයෙන් වෙන් වුණේ නැහැ. අපි දෙන්නටම හොඳ මානසික මට්ටමක් තියෙනවා. අපි එකට වැඩ කරනවා. සමහර අතරමඟ නතර වුණ ආදර කතාවල පෙම්වතුන් හැසිරෙන විදිහ දකිනකොට අපි දෙන්නම මනසින් උසස් කියලා හිතනවා. අපි ආදරවන්තයො වෙන්න කලින් ඉඳන් හොඳ යාළුවො. අදටත් ඒ යාළුකම තියෙනවා. අපි ජීවිතය ගැන කොහොම බලාපොරොත්තු තියාගත්තත් උඩ ඉන්න කෙනායි අපේ ජීවිත කතාව ලියලා තියෙන්නෙ. අපි එකට රඟපානවා. අපිට අපි උරුම නැතිව ඇති. අපි එකට වැඩසටහන් කරද්දී වැඩිහිටියෝ පවා අපි ගැන ආදරෙන් කතා කරනවා. ඒ ලැබෙන ආදරේ වටිනවා මට ගොඩක්.

මව්බිම – හදගැස්ම

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x