ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පට

දැන්වත් ළමයෙක් හදාගන්න, ඒ වගේ විදිහෙ කමෙන්ට් දානවා

පුංචි තිරයේ වැඩි ආකර්ෂණයක්, ආදරයක් ලබමින් ප්‍රේක්ෂක හදවත් තුළ ලැගුම්ගත් ටෙලි නිර්මාණයක් වූ ‘අමා’ නැවත විකාශයත් සමගින් ඒ පිළිබඳ බොහෝ දෙනෙක් නැවතත් කතාබහ කරන්නට පටන් අරන්. ඒ නිසාම එහි ප්‍රධාන චරිතයට පණ පොවමින් අතිවිශාල ජනප්‍රියත්වයක් ලබාගන්නට සමත් වූ ඒ ආදරණීය රංගන ශිල්පිනිය ෂෙරිල් ඩෙකර් සමගින් එහි මතකය නැවතත් ආවර්ජනය කරන්නට සිතුවෙමු. මේ සාරවිට වෙබ් අඩවිය ශෙරිල් සමග සිදුකල ආදරණීය සංවාදයයි.

‘අමා’ නැවත විකාශනයත් එක්ක ෂෙරිල්ට පෙර තිබූ ප්‍රේක්ෂක ප්‍රතිචාර නැවතත් එකතුවෙලා ඇති? මීට වසර 8කට පෙරදි විකාශය වූවක්නෙ ‘අමා’. ඉතින් මෙහි නැවත විකාශයත් එක්ක මගේ චරිතය ගැන ආයෙත් කතා කරන්න පටන් අරන් තියෙනවා. බොහෝ දෙනෙක්ගෙන් ලොකු ප්‍රතිචාරයක් ලැබෙනවා. ඉතින් ඒ ගැන ගොඩක් සතුටුයි.

‘අමා’ චරිතය ෂෙරිල්ගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යයක් වුණා නේද? අනිවාර්යයෙන්ම. නමුත් මම මුලින්ම මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නෙ 2006 වසරේ ස්වාධීන රූපවාහිනී අවුරුදු කුමාරි තරගාවලියෙන්. ඉන්පසු ‘ඩාන්සින් ස්ටාර්’ තරගාවලියට සම්බන්ධ වුණා. එතැනින් පසුව බෙනට් රත්නායක මහත්මයාගේ ‘ඉර හඳ යට’ සිනමා නිර්මාණයට තමයි දායකවෙලා හිටියෙ.

01

 

02

ඒ සියල්ල හරහා ක්ෂේත්‍රයේ රැඳී සිටියත් මම ප්‍රේක්ෂකයො අතරට ගියේ ඔවුන් මට ආදරේ කළේ ‘අමා’ නිසා. දැනටත් මාව දකින අය කතා කරන්නෙ ෂෙරිල් කියලා නෙමෙයි ‘අමා’ නමින්. ඉතින් ඒ ප්‍රතිචාර විදෙස් රටකට ගියත් ලැබෙනවා. ඒ හැමදේකින්ම මම හිතෙනවා මම ඒ චරිතයට සාධාරණයක් කරලා තියෙනවා කියලා. ඒකනෙ අදටත් ඒ වෙනුවෙන් ඉතා ඉහළ ප්‍රතිචාර ලැබෙන්නෙ.

විශේෂයෙන්ම ඒ වෙනුවෙන් ස්තුතිවන්ත වෙන්න ඕනෑ ‘අමා’ ටෙලි නිර්මාණ අධ්‍යක්ෂවරයා ශාන්ත අයියා සහ මහේෂ් අයියාට. ඒ දේපල මේ චරිතය වෙනුවෙන් මාව විශ්වාස කරලා තෝරාගත්තට. ඇත්තටම කියනව නම් මේ මම ඉන්න විදියට හාත්පසින්ම වෙනස් චරිතයන්නෙ. ඇත්තටම ලොකු අභියෝගයක්. නමුත් ගොඩාක් දෙනෙක් මගේ ඒ රංගනයට, ඒ විදියට, ඇඳුමට, හැසිරීමට කැමැති වුණා.

මම කොළඹ නාගරික පරිසරයක ජීවත් වුණත් ගැමි විදියට ඒ චරිතය අවශ්‍ය විදියට නිරූපණය කළා. හොඳ ප්‍රතිචාරයක් ලැබුණා. අදටත් ඒ ප්‍රතිචාර ඒ විදියටම තියෙනවා. ඉතින් මේ චරිතය කරන්න මට සහය වුණු අධ්‍යක්ෂකවරයා, රංගන ශිල්පීන්, කාර්මික ශිල්පීන් ඇතුළු සියලු දෙනාත් ආදරයෙන් මතක් කරන්න ඕනෑ. ඒ හැමෝගෙම ශක්තිය මත තමයි මට මේ චරිතය ගොඩනගාගන්නට හැකි වුණේ.

මම හැම තිත්සෙම බලන්නෙ මට ගැළපෙන හොඳ චරිතයකින් ප්‍රේක්ෂකයා පිනවන්න. ලැබෙන හැම ආරාධනාවක්ම භාරගන්නෙ නැහැ. අමා අවසන් වෙලා කොයිතරම් කාලයක් ගත වුණත් ඒ චරිතය තවමත් ප්‍රේක්ෂක සිත්වල තියෙනවා. ඒ චරිතය එක්ක බැඳිලා ඉන්නවා. ඉතින් හැමෝටම තමන් සම්බන්ධ වුණු නාට්‍යයක රංගනයක් වෙනුවෙන් ප්‍රතිචාර මේ තරම් ලබාගන්න බැහැ. නමුත් මට ලොකු වාසනාවක් තියෙනවා මේ විදියෙ ආදරයක් ප්‍රතිචාරයක් ලබන්න.

ඉතින් මම හිතනවා ප්‍රේක්ෂක ආශිර්වාදයත් දෙවියන් වහන්සේගේ ආශිර්වාදයත් මට මේ ගමන් මගට ලැබෙනවා ඇති. මොකද මේ නිර්මාණය තුළින් මගේ ජීවිතේට කලා ගමනට ලොකු වටිනාකමක් ලැබුණා. අදටත් ලැබෙනවා. ඒ නිසා ආරාධනා ලැබුණත් මම චරිතයක් ආවට ගියාට කරන්නන්වාලේ කරන්නෙ නැහැ. ගැළපෙන චරිතයකින් හොඳ නිර්මාණයකින් ප්‍රේක්ෂකයන්ගෙ හිතේ රැඳෙන චරිතයකින් ඉදිරියට එයි.

මේ දිනවල ෂෙරිල්ව නිර්මාණවල දකින්න ඉන්නවද? නැහැ. ආරාධනා නම් ලැබිලා තියෙනවා. නමුත් රටේ ඇතිවෙලා තියෙන ව-සං-ග-ත තත්ත්වයත් එක්ක රූගත කිරීම් කල් ගිහින් තියෙනවා. නමුත් නර්තනය පැත්තෙන් අලුත් නිර්මාණ කිහිපයක් එළිදක්වන්න සූදානමින් ඉන්නවා මගේ යූටියුබ් නාළිකාවෙන්. මොකද මගේ නර්තනයන්ට කැමැති ආදරේ කරන පිරිසක් ඉන්නවා. ඔවුන් ඒ ගැන මගෙන් අහනවා. ඒ නිසාම ඉදිරියේදී ඒ අංශයෙ ලස්සන වැඩක් දකින්න ලැබෙයි.

විශේෂම දෙයක් නම් කළේ නැහැ. රුවන්ගෙත් අලුත් වැඩ කටයුතු ටිකක් සැලසුම් කරගෙන යනවා. නමුත් මේ වසංගත තත්ත්වයත් එක්ක ඒ හැමදේම මඳකට නැවතිලා තියෙන්නෙ. ඉදිරියේදී සමහරවිට ඒ වෙනුවෙන් දායක වෙයි. මේ දිනවල ඇත්තටම නිරූපණය පැත්තට යොමු නොවුණෙත් ගොඩක් පරිස්සම වටින නිසා. මේ හැමදේමත් එක්ක මම රූපලාවන්‍යාගාරයක් කරගෙන යනවා. ඒදේත් එක්ක මම කාර්යබහුල වෙලා ඉන්නවා. මම කොහොමත් කාර්යබහුල වෙන්න ගොඩක් කැමැති කෙනෙක්. ඉතින් හරි ආසාවෙන් එහි වැඩ කටයුතු කරගෙන යනවා.

03

 

04

ඇත්තටම මම මේ දේ කරගෙන යන්නෙ හරිම කැමැත්තෙන්. මගේ ළඟට එන සේවාදායකයන්ට හිත පිරිසිදුව මගේ දැනුමත් එක්කම ඔවුන්ව හදවතින්ම ලස්සන කරන්නෙ. ඉතින් මගේ ළඟට එන හැමෝම හරිම සුහඳව මගෙත් එක්ක වැඩ කරනවා. සාධාරණ සේවාවක් කරලා ඔවුන්ව ලස්සන කරලා යවන්න තමයි මම බලාපොරොත්තු වෙන්නෙ. කලාවෙන් රංගන ශිල්පිනියක් සහ නර්තන ශිල්පිනියක් ලෙස ප්‍රේක්ෂකයා පිනවනවා වගේම රූපලාවන්‍ය ශිල්පිනියක් ලෙස ඒ අංශයෙන් ඔවුන්ව සතුටු කිරීම තමයි මගේ අරමුණ වෙන්නෙ. ඒක මට ලොකු තෘප්තියක්.

ෂෙරිල් සුරතල් සතුන්ට වැඩි ආදරයක්, නැඹුරුවක් දක්වන කෙනෙක් නේද? අනේ ඔව්. මම ගොඩක් ආදරෙයි සත්තුන්ට. මගේ ගෙදර සුරතල් සතුන් ඉන්නවා. ඔවුන් එක්ක ගත කරන කාලය හරිම ආදරණීයයි. විශේෂයෙන්ම දෙයක් කියන්න ඕනෑ සුරතල් සතුන් ගැන කතා කළ නිසාම. මම FB හරහා බල්ලෙකුගේ හෝ පූසෙකුගෙ පින්තූරයක් එකතු කළාම සමහරු හරිම කැ-ත විදියට ඒවාට කමෙන්ට් කරනවා.

ඒ පින්තූරවලට දාලා තියෙන්නෙ, ‘සත්තුන්ගේ ෆොටෝ දැම්මට වැඩක් නැහැ, දැන්වත් ළමයෙක් හදාගන්න’ ඒ වගේ කැත විදිහෙ කමෙන්ට්. ඇත්තටම ඒවගේ සිදුවීම් වෙද්දි මම ඒවට ප්‍රතිචාර දක්වනවා. මොකද මම කෙළින් කතා කරන කෙනෙක්. මම කැමැති නැහැ අපේ පෞද්ගලික ජීවිතයට ඇඟිලි ග-හ-න-ව-ට. අපේ පෞද්ගලික ජීවිතේ කාරණා අවශ්‍ය කාලෙදි අපිට විසඳගන්න පුළුවන්. ඒවා තමන්ට ඕනෑ විදියටනෙ විසඳගන්නෙ. මම කැමැති අපේ කලා ජීවිතය පිළිබඳව කතා කරනවනම්.

ඇත්තටම ඒ විදියේ අනවශ්‍ය කමෙන්ට් දාලා තිබුණෙත් ගැහැනු පාර්ශ්‍වයෙන්. ගැහැනියකට වළ ක-ප-න්න තවත් ගැහැනියක් කියන කතාව සම්පූර්ණයෙන් ඇත්ත. මම ඇත්තටම ඒ දේ නො-බි-ය-ව කියනවා. සතුන්ගෙ ඒ ආදරය සුන්දර බව විඳින එක මගේ පෞද්ගලික ජීවිතේ කාරණාවක්. ඒ සුන්දරත්වය විඳින්නත් කරුණාවන්ත හදවතක් තියෙන්න ඕනෑ කියන දේ තමයි මට අවසානයේ කියන්න තියෙන්නෙ මේ දේවල්වලට කතා කියන පිරිසට.

ධනු විජේරත්න – සාරවිට වෙබ් අඩවිය 

Related Articles

5 2 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x