ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පට

හදවතින්ම සුබ පතපු අය ගැන මං සතුටු වෙනවා

ප්‍රියසාද් ත්‍රී සිස්ටර්ස් කියන්නෙ නිතර සමාජ මාධ්‍ය තුළින් කතාබහට ලක්වෙන, පුවත් මවන සහෝදරියන් ත්‍රිත්වයක්. තවත් විදිහකට කියනවා නම් නින්දා, අපහාස වැස්සක් වැස්සත් ඒ වැස්සේ නට නටා හිනා වෙන්න තරම් හිත හයිය කෙල්ලො තුන් දෙනෙක්. මෑතකදී යළි ඔවුන්ගේ මතකය අලුත් වුණේ ශේෂාද්‍රි ප්‍රියසාද්ගේ විවාහ මංගල උත්සවයත් සමඟිනුයි. විවාහයත් සමඟ ආදරණීයව ගැහෙන ශේෂාද්‍රිගේ හදගැස්මට කන තිබ්බා. මේ මව්බිම පුවත්පතේ හදගැස්මත් එක්ක ශේෂාද්‍රි කල සාකච්ජාවයි. ඒ සාකච්ජාව අපි අද මෙලෙස ගෙන එන්නට හිතුවා.

කොහොමද මේ දවස්වල ජීවිතේ? සාමාන්‍ය විදිහට සරලව, සුන්දරව ගත කරනවා. විවාහය කියන්නේ ජීවිතේට ලොකු වෙනසක්. ගෙදර හිටියට වඩා ලොකු වගකීමක් හිතට දැනෙනවා. ඒ සොදුරු වෙනසට ටිකෙන් ටික හැඩගැසෙමින් පවතිනවා.

ශේෂාද්‍රිගේ කෑමවල රහට ක්‍රිෂාන් වහවැටිලා කියන්නේ ඇත්තද? මට ඇත්තටම බත් වර්ග, වෑංජන වර්ග රහට උයන්න පුළුවන්. මගේ කෑම රස විඳපු ගොඩක් දෙනා රහයි කියල හොඳ කමෙන්ට්ස් දෙනවා. ක්‍රිෂාන් කියන්නේ කෑමවලට වැඩි රුචිකත්වයක් තියෙන කෙනෙක් නෙමෙයි. මොන කෑම වර්ගය හදලා දුන්නත් රහයි කියලා කාලා, ස්තුති කරන්නත් අමතක කරන්නේ නැහැ.

අපි වසරකට කලින් තීරණය කළා මේ අගෝස්තු මාසේ අපේ විවාහය සිදු කරනවා කියලා. අපි දෙන්නම කතෝලික ආගමේ නිසා අපිට ඕන වුණේ කතෝලික සභාවට අනුව අපේ වෙඩින් එකේ චාරිත්‍ර වාරිත්‍ර සිදු කරන්න. අපේ රෙජිස්ටේෂන් එක පල්ලියේ සිදු කිරීමයි මෙහිදී අපගේ මූලිකම පරමාර්ථය වුණේ. කොවිඩ් තත්ත්වය නිසා අප ඇරයුම් කිරීමට සිටි පිරිසත් මඟ හැරුණා. පවුලේ අය පමණක් සහභාගී වෙමින් පල්ලියේ රෙජිස්ටේෂන් එක විතරක් අපි සිදුකළා.

01

 

 

02

එයා ඇත්තටම මට ගොඩක් උදවු කරන කෙනෙක්. ගොඩක් අහිංසකයි. හැම දෙයක් ගැනම හොයලා බලන කෙනෙක් වගේම ඕන කෙනෙක් වෙනුවෙන් හිත උණු වෙන කෙනෙක්. ඕනම දෙයක් කතා කරලා විසඳගන්න පුළුවන් චරිතයක්. මගේ පවුලේ අයත් එක්ක සුහදව ගනුදෙනු කරන හොඳ ඉවසීමක් තියෙන කෙනෙක්.

මම බලාපොරොත්තු වුණ හැම ගතිගුණයක්ම ඔහු ළඟ තියෙනවා. මං කියන්නේ නැහැ ඔහු සර්ව සම්පූර්ණයි කියලා. නමුත් ජීවිතයේ යම් යම් සිදුවීම්වලදී ඔහු ප්‍රශ්නවලට අනුගත වෙන විදිහ, ඒවාට ක්‍රියා කරන විදිහත් එක්ක ඔහු සමඟ ජීවත් වෙන්න පහසුයි කියලා මට දැනෙනවා. යුගදිවියක් ගත කරන්න අත්‍යවශ්‍යම ගතිගුණය ඉවසීම. දෙවියන් වහන්සේගේ ආශිර්වාදයෙන් මට ඒ ගතිගුණය ලැබිලා තියෙනවා. විවාහ දිවියත් සමඟ එකතු වෙන්නේ අලුත් පවුලකට. ඒ නිසා ඒ පවුලේ සාමාජිකයන් ගැන වගේම අපි දෙන්න අතර හොඳ අවබෝධයක් තියෙන්න අවශ්‍යයි. විවාහයේ පැවැත්ම තීරණය වන්නේ විශ්වාසය මත. ඒ නිසා ඒ ගතිගුණයත් අනිවාර්යයි.

වගකීම් වැඩිවන බව දැනගෙනයි මං විවාහ දිවියට එළැඹෙන්නේ. ගෙදරදී නිවාඩු දවස්වලට මම උදේ 10, 11 වෙනකම් නිදා ගන්නවා. එතකොට අම්මවත් තාත්තවත් මගේ නින්දට බාධා කළේ නැහැ. නමුත් මං දන්නවා විවාහයත් එක්ක ඒවට යම් සීමාවක් පැනවෙන බව. ක්‍රිශාන් රැකියාවට යන්න පටන් ගත්තම උදේ පාන්දර නැඟිටලා කෑම උයන්න සිද්ධ වෙනවා. ඒ හැමදේටම ලෑස්ති වෙලයි මං ඉන්නේ. එය එකම එක පුංචි උදාහරණයක් විතරයි. ජීවිතයේ හැම වගකීමකටම එසේ මුහුණ දෙන්න මට හැකියාව තියෙනවා.

ක්‍රිෂාන්ගෙ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, නංගියි. නංගි විවාහ වෙලා විදේශගතවයි සිටින්නේ. ක්‍රිෂාන්ගෙ අම්මයි තාත්තායි කාලෙන් කාලයට විදේශගත වෙනවා. අපේ විවාහය නිසා මේ දිනවල ඔවුන් ඉන්නේ ලංකාවේ. ඔවුන් හැමවිටම අපේ නිදහස උපරිමයෙන්ම අපිට විඳින්න ඉඩ සලසලා දෙනවා. ක්‍රිෂාන්ට හිමිවෙන ආදරය, කරුණාව මටත් ඒ විදිහටම ඔවුන්ගෙන් ලැබෙනවා. ක්‍රිෂාන්ගේ නංගිට ඔවුන් දක්වන ආදරයයි, මට දක්වන ආදරයයි අතර මම කිසිම වෙනසක් දකින්නේ නැහැ. නිදහස කියන්නේ විවාහ වූ දෙන්නෙක්ට අත්‍යවශ්‍ය දෙයක්. එය ඔවුන්ගෙන් උපරිමයෙන්ම අපි දෙන්නටම ලැබෙනවා.

බොහෝ දෙනෙක් හිත හොඳින්, ආදරණීයව සුබපැතුවා. ඔවුන්ට මං හදවතින්ම ස්තූතිවන්ත වෙනවා. නමුත් ඒ අතර මේ කීවැනි එකද දන්නෙ නැහැ, ඕක තියෙයිද දන්නේ නැහැ වගේ ප්‍රතිචාරත් ලැබුණා. මිනිස්සුන්ට ඕන දෙයක් ඕන විදිහට කියන්න පුළුවන්. ඒක අපිට වළක්වන්නවත් නවත්තන්නවත් විදිහක් නැහැ. ඒ ප්‍රතිචාරය ඉදිරියේ මොකුත් නොකිය ඉඳීමයි හොඳම දෙය. n-e-g-at-ive comments ගැන හිත හිත දුක් වෙන්නැතුව හදවතින්ම සුබ පතපු අය ගැන මං සතුටු වෙනවා.

පවුල් ජීවිතයේ සැලැස්මක් නැතිව සිටීමයි මගේ එකම සැලැස්ම. කිසිම දෙයක් ප්ලෑන් කරල සිදු කරන පුරුද්දක් මගේ නැහැ. ඒ මොහොතේ කතා කරලා දෙන්නත් එක්ක තීරණ ගැනීමටයි අපි අපේ ජීවිතේ සැලසුම් කරන්නේ.

03

 

04

මේ ප්‍-රශ්නෙ-ට ඉක්මන් වැඩි වුණත්, අහන්න නැතුවත් බැ-හැ. ඉක්මනින්ම පවුලට තුන්වැන්නෙක් එක්කර ගන්න බලාපොරොත්තුවක් තියෙනවද? කාලයත් එක්ක ඒ හැමදේම සිදුවෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. මේ කාලේදී ගෙයක් හදනවා, මේ කාලෙදී දරුවෙක් හදනවා කියල මගේ සිහිනයක් නැහැ. දෙවියන්ගේ ආශිර්වාදයෙන් මට ලැබිය යුතු වේලාවේදී ලැබීමට අවශ්‍ය දේ ලැබෙයි කියලා මං හිතනවා.

බොහොමයක් රංගන ශිල්පිනියන් විවාහයත් සමඟ කලාවෙන් අෑත් වෙනවා ඔබටත් ඒ වගේ අදහසක් තියෙනවද? එහෙම බලාපොරොත්තුවක් නැහැ. මං හැමතිස්සෙම එන විදිහට ප්‍ර-ශ්න-ව-ලට මුහුණ දෙන කෙනෙක්. ඒ වගේම ඕනම තත්ත්වයක් සම සිතින් භාර ගන්න කෙනෙක්. දැනට මගේ රංගන ජීවිතයට කිසිම ත-හං-චි-ය-ක් නැහැ. මේ වසංගත තත්ත්වය නිසා මට ආරාධනා ලැබුණු නිර්මාණ කිහිපයක්ම මඟ නැවතුණා. කොවිඩ් ප්‍රශ්නය නිම වුණාම ඒ නිර්මාණවලට නැවත ආරාධනා ලැබුණොත් මා රංගනයෙන් දායක වේවි.

අධ්‍යක්ෂණ කාර්යයට යොමු වීමට ඔබට ජානමය බලපෑමක් තියෙනවා. අධක්ෂණයට හා නිෂ්පාදනයට යොමු වීමට බලාපොරොත්තුවක් තියෙනවද? නිෂ්පාදනයට යොමුවෙන්න තරම් සල්ලි මං ළඟ නැහැ. තාත්තා ෆිල්ම් ඩිරෙක්ට කෙනෙක් කියලා මට ඩිරෙක් කරන්න බැහැ. එය ගොඩක් අධ්‍යයනය කළ යුතු විෂයයක්. රංගන ක්ෂේත්‍රයේ සිටි කෙනෙක් නිසා අධ්‍යක්ෂණය ගැන ප්‍රමාණාත්මක දැනුමක් තියෙනවා. නමුත් එය හැදෑරිය යුතුයි. ඊට අවස්ථාවක් ලැබුණොත්, කරන්න පුළුවන් කියලා හිතුණොත්, මං ඒ දේ කරයි.

උපුටා ගැනීම – මව්බිම පුවත්පත 

Related Articles

5 1 vote
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x