ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පට

ලබන අවුරුද්දේ බඳින්න හිතන් ඉන්නේ

පසුගිය දවස්වල ක්‍ෂේත්‍රයේ ශිල්පීන් එක දිගට මෙගා නිර්මාණවල වැඩ කිරීමට අපහසු බව සඳහන් කර තිබුණා. ඒ වෙන කිසිවක් නිසා නොව මේ කොරෝනා වසංගතයත් එක්ක ජීවිතයට තිබෙන ආදරය නිසා ඔවුන් නිර්මාණ ප්‍-ර-තික්‍-ෂේප කළා.

ඉතින් එලෙස කාලයක් තිස්සේ නිර්මාණ රැසකට දායක වුණු නයෝමි තක්ෂිලා ගත්ත තීරණය කොයි වගේද කියා දැනගැනීමට අපි ඇය සමග කතා කළා. මව් රට පුවත්පත ඇය සමග විශේෂ සාකච්ජාවක් කර තිබුණා. මේ එම සාකච්ජාවයි.

පසුගිය දවස්වල මම එක දිගට නිර්මාණවල වැඩ කළා. කොරෝනා වසංගතයක් කියලා වැඩ නොකර හිටියේ නැහැ. ඒ සියලුම වැඩ ඉවර කරලා මම අනුරාධපුරේ මගේ ගමට ඇවිල්ලා පවුලේ අයත් එක්ක මේ දවස්වල කාලය ගතකරනවා.

01

 

02

මම ‘නීල පබළු’ නාට්‍යයේ අවුරුදු දෙකක ඉඳලා වැඩ කරනවා. ඒ වගේම ‘ඇය’ ටෙලිනාට්‍යයේත් වැඩ කරනවා. කොරෝනා තියෙනවා කියලා අපිට නිර්මාණ අතරමග දාලා යන්න බැහැ. පසුගිය දවස්වල මමත් දැක්කා මගේ ආදරණීය ශිල්පීන් මේ ප්‍-ර-ශ්න නිසා වැඩ කරන්න බැහැ කියලා සඳහන් කරලා තියෙනවා. අපිට කොරෝනාව නවත්වන්න බැහැ. රෝගයෙන් ආරක්‍ෂා වෙලා වැඩ කිරීමයි වැදගත්.

‘රන්තිලි වැව’ ටෙලිනාට්‍යයේ ‘මුතු මැණිකා’ මගේ ජීවිතයේ සන්ධිස්ථානයක්. මම ගොඩාක්ම ආශාවෙන් කරපු චරිතයක්. ඒ චරිතය නිරූපණය කරපු හැටි මට මතක් වෙද්දී තවමත් බය හිතෙනවා. අභියෝග රැසකට මුහුණ දෙමින් මම ඒ චරිතය ජීවත් කිරීමට උත්සාහ කළා. නැවැත ප්‍රේක්‍ෂකයන්ට ‘රන්තිලි වැව’ නැරැඹීමට අවස්ථාව උදාවෙලා තියෙනවා. මම හිතනවා වෙනදාට වඩා හොඳ ප්‍රේක්‍ෂක ප්‍රතිචාරයක් මට ලැබෙයි කියලා.

‘අඳුන්ගිර’ ටෙලිනාට්‍යය සැප්තැම්බර් දොළොස් වැනිදා ඉඳලා විකාශය වීමට නියමිතයි. ඒ නිර්මාණයේ ‘පද්මාවතී’ ගැන කියනවාට වඩා හොඳයි ප්‍රේක්‍ෂකයන් එය නරඹලා මට දක්වන ප්‍රතිචාරය කොයි වගේද කියලා දැනගැනීමට. මම සම්බන්ධ වුණු නිර්මාණවල චරිත එකිනෙකට වෙනස් බවක් තිබෙනවා. ඒ හැම චරිතයකම ඉන්නේ නයෝමි තක්ෂිලා විදියට නෙවෙයි.

03

 

04

මගේ බාහිර ස්වරූපය එකිනෙකට වෙනස් කරලා තියෙන්නේ. ඒ නිසා ප්‍රේක්‍ෂකයින්ගෙන් ලැබෙන ප්‍රතිචාර අඩුවක් නැහැ. තවත් කරුණක් තමයි මටවත් එහෙම එ-පා වෙලා නැහැ. නිතර දෙවේලේ මගේ රූපය දකින නිසා තව තවත් රඟපෑමට තමයි හිත යොමුවෙන්නේ.

ඔය කරුණු කාරණා අතර ඔබ ජීවිතයට වෙනසක් කිරීමට සූදානම් වෙනවා නේද? ඔව්… ඉතින් හැමදාම මෙහෙම ඉන්න බැහැ. මම දැන් පෙම්වතියක්. පෙම්වතා ව්‍යාපාරයක් කරගෙන යනවා. ඉතින් ලබන අවුරුද්දේ විවාහ වීමට තමයි අපි හිතාගෙන ඉන්නේ. විවාහ වුණා කියලා රඟපෑමෙන් ඉවත් වීමට මගෙ අදහසක් නැහැ.

ඔහු මට උපරිම නිදහස දීලා තියෙන්නේ මගේ මේ වැඩකටයුතු කරගෙන යෑමට. මම ක්‍ෂේත්‍රයේ සියලුම ශිල්පීන්ට ආදරය කරනවා. ඒ සියලුම දෙනා මගේ සහෝදරයන් වගේ. ඉතින් එහෙම බැඳීමක් හැර වෙන සම්බන්ධයක් ගොඩනඟා ගැනීමට හිතුවේ නැහැ.

වසන්ත විතාරණගේ – මව්රට පුවත්පත 

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x