ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පට

දරුවන්ට සාපේක්ෂව වැඩිහිටියන් කාටුන් බලනවා

පුංචි තිරය තුළ ප්‍රහසනයෙන් හා උත්ප්‍රාසයෙන් පෙරළියක් කළ ඔවුන් අපූරු රස සංකලනයකි. චූටි මල්ලි, පොඩි මල්ලි යන නම ඇසූ සැණින් ඒ මතකය සජීවී වන තරමටම ඔවුන් අපගේ සිත් තුළ අරක් ගෙන හමාරය. සුනෙත් චිත්‍රානන්ද, ගාමින්ද ප්‍රියවිරාජ් යන අපූරු ද්විත්වයෙන් අද හදගැස්මට එක් වන්නේ සුනෙත් චිත්‍රානන්දයි. “ගාෆීල්ඩ්, මණ්ඩුක, සොනික්, පුතානෝ කොටානො, සූටින්, පෝලි” වැනි කාටුන් චරිතවලට පණ පොවන්නේ ඔහුගේ හඬයි. මව්බිම පුවත්පත සමග ඔහු කළ සංවාදය මෙලෙස ගෙන එන්නට අපි අද හිතුවා.

කොහොමද මේ දවස්වල ජීවිතේ? රූපගත කිරීම් කටයුතු මේ දිනවල සිදුවන්නේ නැහැ. ඉතාමත් සීමාසහිත වැඩ කටයුතු කිහිපයක් පමණයි මේ දිනවල සිදු කරන්නේ. නමුත් හඬකැවීම් කටයුතු සාමාන්‍ය විදිහට සිදුවෙනවා.

වැඩසටහන් මෙහෙයවන්නන් ගොඩනඟා ගත යුතු වෘත්තීය සදාචාරයන් මොනවාද? එය වැඩසටහන අනුව විවිධයි. කෙනෙක්ගේ දුර්වලකමක්, අඩුපාඩුවක් උලුප්පලා ඔවුන් අපහසුතාවට පත්කරලා ප්‍රේක්ෂකයන්ට වින්දනයක් ලබාදීම සදාචාරාත්මක නැහැ කියලා මං හිතනවා. ඕනෑම කෙනෙක්ට සමාජ වගකීම් හා පුද්ගල වගකීම් කියන ද්විත්ව කාර්යයන් හිමිවෙනවා.

අපේ නිවේදන කාර්යය තුළ සමාජ වගකීම්වලට හානි වීමක් වගේම පෞද්ගලික වගකීම්වලට හානියක් වීම කිසි විටෙකත් අනුමත කළ නොහැකියි. ඒ නිසා නිවේදන කටයුතු ඉතාමත් ප-රිස්ස-මෙ-න් බුද්ධිමත්ම කළ යුතුයි. රූපවාහිනි මාධ්‍ය තුළින් ගොඩනැංවූ සදාචාර රාමුව සමාජ මාධ්‍ය තුළින් සුනු විසුණු කරල තියෙනවා ඕනෑම දෙයක් කරලා ඕනම දෙයක් කියලා ජනප්‍රිය වන තරගයක තරඟ වදිනවිට එවැනි විවෘත වීම අරුමයක් නොවෙයි.

01

 

02

උත්ප්‍රාසයෙන් සමාජ දු-ර්ව-ලක-ම්ව-ලට අතුල් පහර එල්ල කරන “අපි නොදන්න ලයිව්” වගේ වැඩසටහන්වලට වස්තු බීජ දැන් ඕනෑවටත් වැඩියි. නමුත් ගැ-ට-ලු-ව එවැනි වැඩසටහන් නිර්මාණය නොවීමයි.

වර්තමානයේ පවතින තරගකාරී තත්ත්වයත් සමඟ එවැනි වැඩසටහනක් කරන්න අ-ප-හ-සු-යි. අපි වැඩසටහනක් කළොත් ඊට තරගකාරී වැඩසටහන් ගණනාවක්. ඒත් සමඟම බිහි වෙනවා. එවිට අපට තෝරා බේරා ගැනීම්වලින් පිට පනින්න සිදුවෙනවා. ජනප්‍රිය තදබදය තුළ එවැනි නිර්මාණශීලී වැඩසටහනක් කරන්න අපහසුයි. ගුණාත්මක නිර්මාණයක් නොවනවා යැයි පවසනවා නොවෙයි. එවැනි ගුණාත්මක නිර්මාණයක් වුණත් බොහෝ දෙනෙක් රස විඳින්නේ පුංචි තිරයෙන් නෙමෙයි සමාජ මාධ්‍ය ඔස්සේයි. පුංචි තිරය වගේ සීමාවන්වලට යටත් වීමක් එවිට එහිදී සිදුවන්නේ නැහැ.

ඔබ දෙදෙනාගේ youtube channel එක දැන් සක්‍රිය තත්ත්වෙ නැහැ නේද? ඔව්. ඒ කාරණයට මාත් එකඟයි. මම විශ්වාස කරනවා අපි දෙන්නට ඒ රහ වැටුණේ නැහැ කියලා. youtube චැනල් එකක් තුළ අපට සී-මා-වක් නැති වැඩ ගොඩක් කරන්න පුළුවන්. අපට අදහස් තියෙනවා. සංකල්ප තියෙනවා. කවුරුත් හිතන්නේ නැති පැතිකඩයන් අප හිතලා තියෙනවා.

ඒත් පොඩි කම්මැලි කමක් නිසා ඒ හැම වැඩක්ම පස්සට යනවා. අපේ එදිනෙදා කටයුතු වගේම දින චර්යාව ගලාගෙන යන විට යූටියුබ් චැනල් එකක් පස්සේ දුවන්න අපහසුයි. අපි හදපු සංකල්ප නිර්මාණවලින් විතරක් දවසට එක වීඩියෝ එකක් ලේසියෙන් කරන්න පුළුවන්. නිර්මාණ ශක්තිය වගේම සියලු සම්පත් අප සතු වුණත් අපි දැන් comfortable zone එකකට ළඟාවී හමාරයි. ඒ නිසා හති වැටෙනකම් දුවන්න දැන් අපට අවශ්‍යතාවක් නැහැ.

අපේ නිර්මාණවල දියුණුවක් විය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසාම අපි චිත්‍රපටයක් කළා. එහි තව සුළු වැඩකොටසක් තවම ඉතුරු වෙලා තියෙනවා. ලොකු වියදමක් ගියත් අපේ පරම්පරාවේ අපි මුලින්ම චිත්‍රපටයක් කළා කියන හැඟීම ඉතුරු වීමයි. වඩාත් වැදගත් මාධ්‍ය නාළිකාවල යම් යම් පැතිකඩයන් රියැලිටි සම්ප්‍රදාය යන ක්‍ෂේත්‍රයන් ඒ චිත්‍රපටයෙන් ආවරණය කර තිබෙනවා. එය මේ වන විටත් යාවත්කාලීනයි. ලබන වසරේදී එය එළි දැක්වීමට අවස්ථාව ලැබෙයි කියා විශ්වාස කරනවා.

අපේම කාටුන් එකක් නිර්මාණය නොවීමට ප්‍රධාන හේතුව විශාල වියදමක් වැය වීමයි. ඒ නිසා වෙනත් රටක නිර්මාණය කළ කාටුන් අපේ රටේ මාධ්‍ය ආයතන විසින් මිලදී ගැනීම සිදුකරනවා. මෙහිදී පැන නඟින ප්‍රධානතම ගැටලුව ඇතැම් කාටුන් නිර්මාණ දරුවන්ට නැරඹීමට නොහැකි මට්ටමක පැවතීමයි.

ඇතැම් කාටුන් තුළ දේශපාලනය වගේම ලිං-ගි-ක-ත්වය පිළිබඳවත් කතාබහ කරනවා. හඬකැවීම් ශිල්පීන් ලෙස සමහර වචන නොකියා සිටිය හොත් එහි තේරුම ඒත්තු ගැන්වීම අපහසුයි. ඒ නිසා ඒ වචන අකමැත්තෙන් වුණත් අපට කියන්න සිද්ධ වෙනවා. එවැනි කාටුන් වැඩිහිටියන් නරඹන ටයිම් බෙල්ට් එකට දානවා නම් ඊට වඩා හොඳ ප්‍රතිචාර ලබන්න පුළුවන්. සූර පප්පා කාටුන් එක රාත්‍රි 8ට විකාශනය වීම ඒ කාලේදි වඩාත් ජනප්‍රිය වුණා. එයින් පැහැදිලි වන්නේ දරුවන්ට සාපේක්ෂව වැඩිහිටියන් කාටුන් නරඹනවා කියලයි.

අපට නොතේරුනාට එවැනි වෙළෙඳ දැන්වීම් නිර්මාණය නොවනවා කියා කියන්නත් අපහසුයි. වෙළෙඳ දැන්වීම් කලාව තුළත් දැන් තරගකාරිත්වය වැඩියි. එදා ටයිල්වලට ඇඩ් තිබුණේ. ආහාර වර්ගත් එසේමයි. නාළිකා ප්‍රමාණය අඩුයි. වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය කළ භාණ්ඩ ඉතාමත් සීමිතයි. ඒ නිසා ඒ වෙළෙඳ දැන්වීම් මතකයේ රැඳෙන අවකාශය වැඩියි. දැන් රූපවාහිනිය ගාලගෝට්ටියක් වෙලා ඉවරයි. ඒ නිසා එයින් හොඳ දෙයක් උකහා ගැනීම අ-ප-හ-සු-යි. මාධ්‍ය තුළ තවමත් අල්ලං ඉන්න පිරිසක් සිටිනවා. ඒ අයට අවශ්‍ය දේ මාධ්‍ය ආයතන සම්පාදනය කරමින් සිටිනවා. ඒ ඒ බනිස්වලට ඒ ඒ කෙසෙල් ගෙඩි සැපයීමයි එහිදී සිදුවන්නේ.

03

ප්‍රහසනය තුළින් සමාජ ශෝධනය කළ හැකියි කියා ඔබ විශ්වාස කරනවද? අප තරම් බණ කියූ රටක්, සදාචාරය ඉගැන්වූ රටක් තවත් නැතිව ඇති ප්‍රහසන තුළිනුත් යම් අතුල් පහරක් සමාජයට එල්ල වෙනවා. නමුත් සමාජයක් ගොඩනඟන්න තරම් ඒ ප්‍රමාණවත් සාධකයක් නෙමෙයි. ඊට වඩා ක්‍රමවත් වැඩපිළිවෙළක් එයට අවශ්‍යයි.

පොඩි මල්ලි චූටි මල්ලි බැඳීම කාලයක් පුරා පැවැති දෙයක් මාධ්‍ය තුළ යුගලයන් එයින් වෙන් වී තනි තනියෙන් production කරන යුගයක ඔබ දෙපළ තාමත් ඒ බැඳීම එලෙසින්ම රකිනවා. ඒ අපූරු බැඳීම ගැන කිව්වොත්?

ලබන අවුරුද්දේ ජනවාරි 15 වැනිදාට අපි දෙදෙනා හම්බෙලා අවුරුදු 25ක්. ඒ හමුවීම සිදුවන්නේ ජාතික තරුණ සේවා සභාවේදීයි. අපේ අදහස් සමීප වීම තුළ අපට වැඩ කිරීමට පහසු වුණා. දෙදෙනාම එකම මාධ්‍ය ආයතනයවලට සම්බන්ධ වුණා. වගේම එයින් ඉවත් වුණා. අපේම වැඩක් කරන්න කල්පනා කළා වගේම එයත් සිදුකළා. ජය වගේම පරාජය දෙදෙනාම සම සිතින් ද-රා ගත්තා. අප දෙදෙනාගේ බැඳීමයි ශක්තිමත් වුණේත් කිසිදාක පලුදු නොවුණොත් ඒ නිසයි.

මෙතෙක් ආපු ගමන් මග ගැන තෘප්තිමත්ද? අතිශය තෘප්තිමත්.

විශ්මි ජයනිකා – මව්බිම පුවත්පත 

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x