ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පට

‘රස රිසි ගී’ වැඩසටහන හරහා ටෙලිවිෂන් ඇතුළේ ගොඩනැඟිලා තිබුණ ආකෘතිය වෙනස් වුණා

අවුරුදු ගණනාවකට කලින් ලංකාවේ Chart Show අතර පළමු ස්ථානයේ රැදුණු වැඩසටහනක් තමයි ‘රස රිසි ගී’ කියන්නේ. ප්‍රේක්ෂක ජනතාවට නවමු අත්දැකීමක් වුණු මේ වැඩසටහන සමඟ කරළියට පැමිණෙන ඔහු කවුද කියලා කියන්න අමුතුවෙන් හැඳින්වීමක් අවශ්‍ය නොවෙන තරමට ඔහු ප්‍රේක්ෂකයන් අතර අදටත් ජනප්‍රියයි. මෙවර හදගැස්ම පිළිසඳරට එකතු වෙන මේ සොදුරු කලාකරුවා නමින් නාරද බක්මීවැව. මේ මව්බිම පුවත්පත සමග ඔහු දැක්වූ අදහස් කිහිපයක්

ගොඩක් වෙලාවට ඉතින් ගෙදරම තමයි ඉන්නේ. කිසි දෙයක් අලුතින් පටන් ගන්න විධියක් නැහැ. මොකද පටන් ගත්ත ගමන්ම නතර කරන්න සිද්ධ වෙනවා. ‘රස රිසි ගී’ වැඩසටහනේ 25 වැනි වසර සපිරීම නිමිත්තෙන් වාර්තාමය වැඩසටහනක් කරන්න සැලසුම් කරමින් ඉන්නවා. ඊට අමතරව මවිසින් පවත්වාගෙන යන නිෂ්පාදන ආයතනයේ වැඩටික කරගෙන ‘Sri Lanka Together’ YouTube නාළිකාවේ වැඩ ටිකත් කරගෙන ගෙදරට වෙලා ඉන්නවා.

‘රස රිසි ගී’ වැඩසටහන එක්ක නාරද – තනූජා’ කියන නම් යුගලය බ්‍රෑන්ඩ් එකක් බවට පත් වුණා. ඒ ගැන මතක් කළොත්? ඒක නම් ඇත්තටම බලාපොරොත්තු නොවුණු දෙයක්. අපිට අවශ්‍ය වුණා වෙනස් විධියේ දෙයක් කරන්න. සරල විනෝදාස්වාදය තුළින් හොඳ පණිවුඩයක් සමාජගත කළා. කැමරා ශිල්පීන්ගේ ඉඳලා වැඩසටහන් නිෂ්පාදකවරයා දක්වා වූ පිරිස සහයෝගයෙන් තමන්ගේ කාර්යභාරය ඉටු කළා. වැදගත්ම දේ තමයි වෙනස් විධියේ දෙයක් කරන්න අවශ්‍ය කරන නිදහස අපිට ලැබුණා.

වර්තමානය වෙනකොට අපි දකිනවා සාමූහික ප්‍රයත්නය කියන දේ ටිකක් බැහැර වෙලා තනි තනි මිනිස්සු වැඩ කරන්න පටන් අරන් තියෙනවා. මම අදහස් කරන්නේ නැහැ ඒක සම්පූර්ණයෙන්ම අසාර්ථක ක්‍රියාවක් කියලා. නමුත් අර සාමූහිකත්වය කියන දේ තුළින් අපිට පුළුවන් සාර්ථක නිර්මාණයක් බිහි කරන්න. ‘රස රිසි ගී’ වැඩසටහන හරහා ටෙලිවිෂන් ඇතුළේ ඒ වෙනකොට ගොඩනැඟිලා තිබුණ ආකෘතිය වෙනස් වුණා කියලා මම හිතනවා. ඒ වෙනස දරාගන්න බැරි වුණු පිරිසකුත් හිටියා.

01

 

02

මාධ්‍යයට සම්බන්ධ වෙනවා කියන එක මගේ තුන් හිතකවත් නොතිබුණු දෙයක්. මම මාධ්‍යයට සම්බන්ධ නොවුණා නම් අද මොනවගේ පුද්ගලයෙක් වෙලා ඉඳීද කියන එකට මට සෘජු පිළිතුරක් දෙන්න අ-මා-රු-යි. මම ගොඩක් ආස කළා තාක්ෂණික දේවල් ගැන ඉගෙනගන්න.

සමහරවිට විශ්වවිද්‍යාල උපාධියත් එක්ක පරිපාලන සේවයේ හෝ ගුරුවරයෙක් ලෙස හෝ සේවය කරමින් ඉන්න තිබුණා. නමුත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබමින් ඉන්න අවධියේදිම මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණු නිසා මම නිරායාසයෙන්ම මාධ්‍යයට යොමු වුණා. සමහරවිට මම මාධ්‍යවේදියකු නොවුණානම් දේශපාලනයට යොමු වෙන්න අවස්ථාවකුත් තිබුණා. මොකද මගේ තාත්තා දේශපාලනයට සම්බන්ධ වෙලා හිටපු නිසා.

මවුපියන්ගේ ඇරියස් වුණු හීන තම දරුවන් තුළින් සපුරා ගැනීමට උත්සාහ ගැනීම අනාගත පරපුරේ නිර්මාණශීලීත්වයට වැ-ට බැඳීමක් නේද? ඒක මම හිතන්නේ වර්තමාන සමාජය තුළ බහුලව දකින්න තියෙන දෙයක්. මවුපියෝ ළමයින්ට අරක කරන්න මේක කරන්න මෙහෙම කරන්න තව පාඩම් කරන්න කියලා මාර පී-ඩ-න-ය-ක් දෙනවනේ. එහෙම කළාම සමාජයට නිරාවරණය වෙන්නේ නිර්මාණශීලී මිනිස්සු නෙමෙයි. එකම රාමුවකට කො-ටු වුණු චින්තන ශක්තියක් නැති ඒකාකාරී ක්‍රියාපටිපාටියක් සහිත පිරිසක් තමයි බිහි වෙන්නේ. මෙතැනදී අධ්‍යාපන ක්‍රමයේ සහ මවුපියන්ගේ ප්‍රශ්නයකුත් තියෙනවා.

මේක හරියට ගාර්මන්ට් එකක රෙදි මහනවා වගේ. කට්ටියක් කොලර් එක මහනවා. කට්ටියක් අත මහනවා. කට්ටියක් බොත්තම් අල්ලනවා. බහුතරයකට සම්පූර්ණ කමිසයක් මහලා නිම කරන්න බැහැ. මම හිතන්නේ බහුතරයකට සීමාවන් ක-ඩා බි-ඳ දා-ලා ඉදිරියට යන්න උත්සාහ කරන්නෙත් නැහැ අවශ්‍යතාවයකුත් නැහැ. මේ ලෝකෙ බිහි වෙන හැම මනුෂ්‍යයෙක්ටම ආවේණික වුණු කුසලතාවක් තියෙනවා. මම කියන්නේ මවුපියන්ගේ හීන ප්‍රමෝට් නොකර දරුවන්ගේ කුසලතාව ප්‍රමෝට් කිරීම තුළින් සමාජයට වැඩදායි පුරවැසියෙක් නිර්මාණය කරන්න පුළුවන්.

අපිත් රැල්ලක් නිර්මාණය කළානේ ‘රස රිසි ගී’ වැඩසටහන හරහා අපිත් අලුත් රැල්ලක් හැදුවා. ඒක සමාජයට යම් තාක් දුරට බ-ල-පෑ-ම් කළා. එතකොට ඒ නිර්මාණය වෙන රැල්ලේ අන්තර්ගතය ගැන තමයි අපි සැලකිලිමත් වෙන්න ඕනි. ඇත්තටම ඒක මිනිස්සුන්ගේ චින්තනයට බ-ල-පෑ-ම් කරනවා. සමාජයට බ-ල-පෑ-ම් කරනවා.

කෙනෙක් ඒක අනුමත කරනකොට තව කෙනෙක් ඒක වි-වේ-ච-න-ය කරන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ නිර්මාණය වුණු රැල්ලට කෙනෙක් වි-රු-ද්ධ වෙනවා නම් වි-වේ-ච-න-ය කරනවා නම් ඒකට ප්‍රති රැල්ලක් හදන්න කවුරුත් උත්සාහ කරන්නේ නැති එක. මම හිතන්නේ ප්‍රති රැලි නිර්මාණය වෙන්න ඕනි. රැල්ල හොඳ නම් කමක් නැහැ. නමුත් අපි රැල්ලට යට වෙනවද නැත්තන් ඒක අභිභවා යනවද කියන එක හොඳට හිතලා බලන්න ඕනි.

03

කලාකරුවෙක්, චරිතාපදානයකට පමණක් සීමා කළ හැකිද? මම හිතන්නේ ඒක සමාජය විසින් පිළිගත්ත ප්‍රසිද්ධ පුද්ගලයන්ට පමණක් සී-මා විය යුතු නැහැ. සාමාන්‍ය මනුස්සයෙක් ගත්තොත් ඔහු හෝ ඇය නැති කාලෙක ඒ අදාළ පවුලට ඔහු හෝ ඇය ගැන නිරන්තරයෙන්ම කතා කරන්න, මතක් කරන්න පුළුවන් තරමේ හොඳ දේවල් ඒ මනුස්සයාගේ ජීවිතය තුළ තියෙන්න ඕනි. කලාකරුවෙක් ගත්තොත් සමස්ත ප්‍රේක්ෂක ජනතාවට බ-ල-පෑ-ම් කරන්න පුළුවන් මට්ටමක ඉන්න කෙනෙක් වෙන්න ඕනි.

ඒ අය කරන දේ සමාජයේ යහපත සහ අභිවෘද්ධිය වෙනුවෙන් කරන්න ඕනි. පෞද්ගලික අභිමතාර්ථයන්ගෙන් එහාට ගිය විශ්වීය මිනිසෙක් විය යුතුයි කියන එක තමයි මගේ අදහස. ජාතියක, ආගමක, විෂයකට හිර නොවුණ ස්වාධීන පුද්ගලයෙක් විය යුතුයි. මට ඕනි එහෙම වෙන්න.

කලාකාරයෙක් සතුව පුළුල් දැක්මක් තියෙන්න ඕනි. ආ-ග-ම්වා-දී, ජා-ති-වා-දී ක-ල-බ-ල-ය-ක් වෙලාවක ඒක උ-සිග-න්වන-වා නම් ඔහු හෝ ඇය කලාකරුවෙක් නෙමෙයි. ඇත්තටම චරිතාපදානයකින් ජීවිත කතාව ලියලා අවසන් කරන්න බැරි පුද්ගලයෝ ඉන්නවා. විජය කුමාරතුංග ගැන අපි කොච්චර කතා කරනවද? රංගන ශිල්පියෙක්, දේශාපාලඥයෙක්, මනුස්සයෙක් විධියට අපි තවමත් කතා කරනවනේ. තව සෑහෙන පිරිසක් ඉන්නවා. කලාකරුවෙක් අකාලික විය යුතුයි. කාලීනව ගත්තොත් අතීතයෙත් එවැනි පුද්ගලයන් හිටියා. වර්තමානයෙත් ඉන්නවා.

අපි ඉගෙනගත්ත මාධ්‍ය ආචාරධර්මවලින් එහාට ගිහිල්ලා දේශපාලන බල ව්‍යාපෘතිවලට හි-ර වෙලානේ තියෙන්නේ. ඒක බොහොම පැහැදිලිව පේන කතන්දරයක්. ප්‍රගතිශීලීයි කියන මාධ්‍ය වුණත් තව කාගෙහරි පිටපතකට අනුව තමයි වැඩ කරන්නේ. ලංකාව ඇතුළේ ආදර්ශයට ගත හැකි මාධ්‍ය සදාචාරයක් සහිතව කටයුතු කරන සමූහ නැහැ. නමුත් ජනමාධ්‍යවේදීන් ඉන්න පුළුවන්. සමාජ මාධ්‍ය කියන දේ මිනිස්සුන්ට හදුන්වලා දෙනකොට අපි හරි සතුටු වුණානේ.

මොකද මේ හරහා මිනිස්සුන්ට ඔවුන්ගේ හැකියාවන් ඉදිරිපත් කරන්න වේදිකාවක් නිර්මාණය වුණා. මේ වෙනකොට අර අපි හොඳයි කියලා හිතපු දේ අනෙක් පැත්තට කැරකිලා තියෙන්නේ. ඒ කාලේ කෙළින් කතා කරන්න බැරි කොන්ද පණ නැති මිනිස්සු කැලෑ පත්තර ගැ-හු-වා වගේ දැන් සමාජ මාධ්‍ය ඇතුළේ ෆෙ-ක් ප්‍රොෆයිල්ස් සෑහෙන තියෙනවා.

ඒ හරහා වෛ-රී-ස-හ-ග-ත, අනවශ්‍ය දේවල් සමජගත කරනවා. මේ තත්ත්වය සමනය කරන්න පුළුවන් වෙන්නෙත් නිර්මාපකයන්ට විතරනේ. මම හිතන්නේ අපි සමාජ මාධ්‍ය සාක්ෂරතාවයක් ගොඩනඟාගන්න ඕනි. පුරවැසියෝ විධියට අපි තේරුම් ගන්න ඕනි අපිට අවශ්‍ය ගැළපෙන දේ පමණක් තෝරා ගන්න.

උපුටාගැනීම – මව්බිම පුවත්පත 

Related Articles

3 1 vote
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x