ගොසිප් පුවත්ප්‍රධාන පුවත්

චිචීගේ පූසා එයි – සියලු විස්තර මෙන්න

අතුරුදහන් වූවා යැයි කියූ අගමැති පුත් රෝහිත රාජපක්ෂ (චිචී) ගේ සූරතල් පූසා හමුවී ඇති බවට තොරතුරු වාර්තා වනවා. තමන් සුරතලයට ඇති කළ, සුරතල් පූසා අතුරුදන්ව ඇති බව,ට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ බාල පුත්‍ රෝහිත රාජපක්ෂ සිය මුහුණු පොතේ සටහන් කර තිබුණා.

බැද්දගානේ ඔහුගේ නිවසේ සිටි මෙම ඉහළ වටිනාකමකින් යුතු මෙම පුසා සොයා දෙන අයෙකුට විශේෂ තෑග්ගක් පිරිනමන බවටයි එහි වැඩිදුරටත් සඳහන් වුනේ. කෙසේ වෙතත් බළලා හමුවී ඇති නිසා රෝහිත රාජපක්ෂ ඔහුගේ ගිණුමේ පළ කර තිබූ සටහන ද ඉවත් කරගෙන තිබෙනවා.

ඒ වෙනුවට රෝහිත විසින් සිය සුරතලා හමුවූ බව සඳහන් කරමින් සියලු දෙනාට ස්තුති කරන්නට ද අමතක කර තිබුනේ නැහැ. කෙසේ වෙතත්, රටේම අවධානය දිනූ ඡායාරුපයේ සිටි, එම බළලුන් අයත් වන්නේ Turkish Angora වර්ගයටයි.

Turkish Angora යනු එකල මධ්‍යම ඇනටෝලියාවේ (වර්තමානයේ තුර්කිය, අන්කාරා කලාපය) ආරම්භ වූ පෞරාණික, ස්වාභාවික බළලුන් විශේෂයක්. 17 වන සියවස තරම් ඈතකදීත් මෙම වර්ගය අභිජනනය කළ ලේඛන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අභිජනන බළලුන් Angora හෝ Ankara බළලුන් ලෙසද හැඳින්වෙනවා. බ්‍රිතාන්‍ය හා ඇමරිකානු බළලුන් ඇති කරන්නන් විසින් පර්සියානු බළලා Turkish Angora විකෘති වලින් වර්ධනය කරන ලද බව ද සඳහන්.

 

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x