ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පට

පුබුදු අයියා නැවත නැවත මගෙන් කැමැත්ත ඇහුවෙ නෑ

අසල්වැසියෙක් විදියට තමයි මම මුලින්ම ඔහුව හඳුනා ගත්තෙ. අපි පදිංචි වෙලා හිටියෙ අත්තිඩියෙ ලේක්ක‍්‍රසන්ට් හවුසින් ස්කීම් එකේ හතරවෙනි පටුමගේ. ඔහු ගාල්ලෙ කෙනෙක් වුණත් රංගන කටයුතුවල පහසුව සඳහා ඒ ස්කීම් එකේම 6 වෙනි පටුමගේ එපාට්මන්ට් එකක ඉන්න බව ආරංචි වෙලා තිබුණත් කවදාවත් දැකල තිබුණෙ නෑ.

දවසක් අම්මියි මමයි ගමනක් යද්දි පුබුදු අයියගෙ කාර් එකේ බ්‍රේක් ඔවුන් එකක් වෙලා එයා පුංචි නොසන්සුන් ගතියකින් ඉන්නව දැක්කා. ඒ බව තේරුම් ගිය සැණින් අම්මි ගිහින් මොකද පුතා වෙලා තියෙන්නෙ කියලා ඇහුවා. එයා ඇක්ටර් කෙනෙක් බව ඒ වෙද්දි අම්මි දැනගෙන තමයි කතා කළේ. යාළුවෙක් උදව්වට එන බව කියල අපට තෑන්ක්ස් කරපු ඔහු මා ගැන අම්මිගෙන් ඇහුවා. ඒ වෙලාවෙ අම්මි කිව්වා. මේ මගේ දුව මෙයත් ටීවී කමර්ෂල්වල ඉන්නවා කියලා.

එදා ඔහු මාව ෆිල්ම් එකකට ගන්න හිතෙනව කියල අම්මගෙ නම්බර් එක ඉල්ල ගත්තා. අදටත් ඒ නම්බර් එක ඔහුගෙ ඡුයදබැ එකේ සේව් කරගෙන තියෙන්නෙ මාෂා නංගි ලේක් ක‍්‍රසන්ට් කියල. කොහොම හරි ඉඳහිට පුබුදු අයියා අම්මිටත් අම්මි පුබුදු අයියටත් ක්‍්කක කරන බව අපේ ගෙදර හැමෝම දන්නවා.

01

 

02

ඒ විතරක් නෙමෙයි ඔහු අපේ ෆැමිලි ෆ්‍රෙන්ඞ් කෙනෙක් වෙන්න වැඩි කාලයක් ගියේ නැහැ. ඒකට විශේෂම හේතුව එයා දකුණෙ කෙනෙක් වීම. මොකද මගේ අම්මිත් දකුණෙනෙ. එයාල ඉතින් නිතරම ගමේ අයට තැන දෙනව. මගේ අක්කි නංගි මල්ලි මේ හැමෝම පුබුදු අයියට පුදුම විදියට ආදරේ කළා.

ඔය කාලෙ අපේ තාත්ති රැුකියාව කළේ පිටරට. තාත්ති ක්‍්කක කළාම අම්මි එයාටත් පුබුදු අයියා ගැන කියනව ඔන්න දැන් අපිට තව පුතෙක් ඉන්නව කියල. ගෙදර විශේෂ කෑමක් හැදුවොත් අම්ම ඒවා මල්ලි අතේ අයියගෙ ගෙදරට යවනවාමයි. ඒ තරම් බොහොම ළෙන්ගතු කමක් අපේ ගෙදර අය ඔහුටත් ඔහු අපේ ගෙදර අයටත් දැක්වූවා.

ඔය අතරෙ මම පාසලෙන් සමුගන්න කාලෙ උදා වෙනවා. එදා කොන්සර්ට් එකේ තරග සඳහා විනිසුරුවරයෙක් විදියට පුබුදු චතුරංග කියන රංගන ශිල්පියාට ප්‍රෙස්බිටීරියන් බාලිකාවෙන් ආරාධනා ලැබිලා ඔහු ඒ සඳහා සහභාගි වෙනවා. එදින උත්සවයේ ප්‍රෙස්බිටීරියන් ක්වීන් විදියට ජයග‍්‍රහණය හිමි කර ගත්ත මට හිමි ඔටුන්න පළඳවන්නෙ පුබුදු අයියගෙ අතින්.

එදා පළඳවපු ඔටුන්න නිසා වෙන්න ඇති ඔහුගෙ ජීවිත කතාවෙ රැුජින ලෙස මාව තෝරගන්න ඔහුට හිත දෙන්න ඇත්තෙත් කියල මට වෙලාවකට හිතෙනව. එදා පාසලේ මිතුරියෝ ඒ විනිසුරුතුමා එක්ක සීමාවක් නැතුව ෆොටෝ ගන්නව දැක්කත් මට ඔහු සමඟ ෆොටෝ ගන්න කිසිම උවමනාවක් තිබුණෙ නැහැ. මම හිතන්නෙ මට ක‍්‍රවුන් එක දන වෙලාවෙ ගත්ත ෆොටෝ එකක් දෙකක් විතරයි අදටත් ඇත්තෙ.

කොහොම වුණත් ඔහු අපි ගැන හොයල බලන ගතියක් එදා ඉඳලම තිබුණා. ඒත් එක්කම අපේ සමහර දේවල්වලට අපි හැමෝම පුබුදු අයියගෙ අවවාද වගේම උදව් උපකාරත් පැතුවා. දවසක් අක්කියි මමයි විතරක් ගෙදර ඉන්න වෙලාවක ගෙදර ටි‍්‍රප් එක ඕෆ් වෙලා. අපි දන්නෙ නෑ මොකද වෙලා තියෙන්නෙ කියල. අක්කි එක පාරටම ක්‍්කක කරල ඒ ගැන කිව්ව විතරයි අයිය ඇවිත් චෙක් කරල ටි‍්‍රප් එක ඔන් කරා. ඒක පුංචි දෙයක් කියල දන්නෙ අදනෙ. ඒත් එදා ඔහු අපට වීරයෙක්.

ඔය විදියට අපේ ළෙන්ගතුකම් දවසින් දවස වැඩෙමින් අවුරුද්දක් විතර ගත වුණා. පුබුදු අයියලගෙ සංගමයක් තිබුණ මිත‍්‍රදාන කියල. ඒ හරහා කෙරෙන්නෙ පිංකම් වගේම සමාජ සත්කාර. ඒකෙන් කළුතර බෝධියේ කරන්න සංවිධානය කරල තිබුණ බෝධි පූජාවකට එන්න කියල අපේ ගෙදර හැමෝමටත් ආරාධනා කළා. එදා නත්තල් දවසක් අපි ගිහින් බෝධි පූජාවට සම්බන්ධ වුණා.

ඒ කටයුතු ඉවර වෙලා අපි ගෙදර එන්න ලෑස්ති වුණා. ඔය අතරෙ මම ආයෙමත් බෝධිය ගාවට ගිහින් වැන්දා. එහෙම ටිකක් ඉන්න කොට මා ළඟින්ම ඉඳ ගෙන කෙනෙක් කියනව ‘‘බුදුන් ඉදිරියේ මේ කියන්නෙ මේක බොරුවක් නෙමෙයි ඇත්තම ඇත්තයි මං ඔයාට ආදරෙයි ,I Love you – I Love you, කියල. මම ඇස් ඇරල බලද්දි ඒ පුබුදු අයියා ඇත්තම කිව්වොත් මට හිතාගන්න බැරි වුණා. මේ වෙන්න යන්නෙ මොකද්ද කියල. මම ප-ස්ස නොබලා අම්මිල ඉන්න තැනට දිව්වත් ඒ සිද්ධිය ර-හ-ස-ක් විදියට තියා ගත්තා.

03

 

04

ඒ සිද්ධියෙන් පස්සෙත් මම පුබුදු අයියව වෙනසක් නැතුව ආශ‍්‍රය කළා. එයත් එහෙමයි. නැවත නැවත බලකර කර මගෙන් කැමැත්ත අකමැත්ත ඇහුවෙ නෑ. අපි සුපුරුදු ලෙන්ගතුකම් ඒ විදියටම තියාගෙන ආශ‍්‍රය කළා. ඒ වෙනකොට අම්මිට මේ ගැන ඉව වැටිලා තිබුණු බව සමහර අවස්ථාවල මට දැනුනා. ඔය වෙද්දි අම්මි ඔහු ගුණ යහපත් කෙනෙක් කියන එක තාත්තිටත් කියල තිබුණා. කොහොම හරි ඔන්න ඉතින් හරියටම වසරකට පස්සේ ඒත් නත්තල් දවසෙම මම ආදරණීය පුබ්බට I Love you කියලා මැසේජ් එකක් දැම්මා.

තත්පරයක් ගත වුණේ නැහැ Thank You කියන වචන දෙක විසිපාරක් විතර ටයිප් කරලා අන්තිමට I am happy කියලා මැසේජ් එක්ක ආවා. ඊට පස්සේ තමයි ක්‍්කක කරලා ඒ සංතෝෂය ගැන මට කිව්වේ. ඇත්තටම කිව්වොත් අපි අතරෙ ඒ කාලෙ ලොකු සහෝදර බැඳීමක් තිබුණා. වෙනසකට තිබුණේ දෙන්නට දෙන්න I Love you කියා නොගත්තු එක විතරයි.

මගේ අම්මි මුල ඉඳලම පුබුදු අයියට එයාගෙ දරුවෙකුට වගේ සැලකුවෙ, ආදරේ කළේ. ඒ නිසාම පිටරට හිටපු තාත්තිට කියලා ඔහුගේ ආශිර්වාදයක් අරන් දුන්නා. පුබුදු අයියා එයාගෙ අම්ම තාත්තට මා ගැන කිව්ව ගමන් ඔයාගෙ කැමැත්තට අපිත් කැමතියි කියලා මාව බලන්න ආවා. දෙපාර්ශ්වයේ කථාබහ වගේම තීන්දු තීරණවලට අනුව ආශිර්වාද මැද මම ඔහුව හඳුනගෙන වසර හතරක් ගත වෙද්දී අපි අපේම වුණා.

(ධම්මික හේවාවසම් – නවලිය පුවත්පත) 

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x