ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පටවිශේෂාංග

තාත්තා කිව්වෙ මට නීතිඥවරියක් වෙන්න කියලයි

ඇය පාසල් වේදිකාව මත කථිකත්වයට දැක් වූ දක්ෂතාවන් තුළින් ජය ලැබුවේ වරක් දෙවරක් නොවේ. ඒ නිසාම ඇයට රුහුණු සේවයේ ළමා වැඩසටහන්වලට එක්වීමට අවස්ථාව ලැබෙන අතර පසුව ඇය ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප‍්‍රධාන කාර්යාලයට එක්වෙනවා. එහි සහන නිවේදිකාවක් ලෙස කටයුතු කරමින් ඇරඹි ගමන පියවරෙන් පියවර ඉදිරියට පැමිණ වර්තමානයේ ශ‍්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් වැඩසටහන් ලෙස කටයුතු කරන්නට ඇය සමත් වී තිබෙනවා.

මෙවර සෙනෙහසේ නවාතැන නවලිය පුවත්පත සමග ඇය කල සාකච්ජාව මෙලෙස ගෙන එන්නට සූදානම් ඇය අන් කවරෙකුවත් නොවේ ඔබ හඳුනන මයුරි අබේසිංහයි.

මම ඉපදුනේ කොළඹ. එවකට මගේ පියා දෙහිවල නගර සභාවේ ගබඩා පාලකවරයෙකු ලෙස කටයුතු කළා. මම මූලික අධ්‍යාපනය ලබන්නේ ගාල්ල සවුත්ලන්ඞ් බාලිකාවේ. එවකට පියා රැුකියාව කළේ ගාල්ල නගරසභාවේ ගබඩා පාලකවරයා ලෙස. මගේ පියා පාලටුවාවේ අම්මා තෙලිජ්ජවිල. පසුව මම පාලටුවාව ගුණරත්න මධ්‍ය මහා විද්‍යාලයෙත්,තෙලිජ්ජවිල මධ්‍යමහා විද්‍යාලයේත් අධ්‍යාපනය ලැබුවා. මගේ පවුලේ මල්ලිලා තුන්දෙනයි නංගියි මමයි.

පාසල් යන අවධියේ මම කථික තරගවලින් සුවිශේෂී දක්ෂතා දැක්වූවා. සමස්ත ලංකා තරග විශාල සංඛ්‍යාවක් ජයග‍්‍රහණය කරලා තියෙනවා. ඒ හරහා පාසල් ළමන් අතර ජනප‍්‍රිය චරිතයක් වුණා.මම ලැබූ ජයග‍්‍රහණයන් නිසා මගේ විස්තර පුවත්පත්වල වුණා. කොළඹ ඉස්කෝලවල පවත්වන තරගවලට ගියාම මයුරි අබේසිංහ ඇවිල්ලා එයා තමයි මේ පාරත් දිනන්නෙ කියලා ළමයි කතා වෙනවා.

තාත්තා මාව තරගවලට එක්කන් ගිහිං තියෙනවා. එහෙම ගිහිං දිනුවාම එයා මාව අගය කරන්නේ නැහැ. මෙතැන හිටපු ළමයි එක්කනෙ තරග කරලා දින්නෙ. තව කොයි තරමි දක්ෂ ළමයි ඉන්නවා ද කියලා කියනවා.. ඒත් ඔහුගෙ සතුට ඇස්වලින් මම දකිනවා.

ඉගෙන ගන්න දක්ෂතාවයක් තිබුණා. අග‍්‍රාමාත්‍ය සිරිමාවෝ මැතිනිය. ජේ. ආර් ජයවර්ධන ජනාධිපති වැනි ඉහළ පෙළේ නායකයන් අතින් සම්මාන සහතික අරගෙන තියෙනවා. වාර විභාග ඉවර වුණාම අපේ ගෙදර සුවිශේෂ කෑම මේසයක් හදනවා. අපේ යාළු ළමයි එනවා. ඒ අයත් එක්ක අම්මයි තාත්තයි විශේෂ හිතවත්කම් පැවැත්වුවා. නමුත් කවදාවත් ඒ ළමයි කවුද? දෙමාපියන් කවුද ? කියලා සොයා බලන්න ගියේ නෑ..

1980 දී එක්සත් ජාතීන්ගෙසංවිධානය, සංවිධානය කළ කථික තරගයක් තිබුණා. දකුණු පළාත කේන්ද්‍ර ගනිමින් මම එහි ප‍්‍රථම ස්ථානය දිනුවා. එය පටිගත කරන්න ඇවිල්ලා හිටියා රුහුණු ගුවන්විදුලියේ එස්. ලියනගෙ. ඔහු ගායකයෙක් නිවේදකයෙක් ලෙසත් නමක් දිනා ගත්ත කෙනෙක්. ඔහුගෙ ආරාධනාවෙන් තමයි රුහුණු සේවයේ ළමා වැඩසටහන්වලට ගියේ.

තාත්තාට හොරෙන් ගියේ. ඒත් අම්මාට කියලා. අම්මා තාත්තාට කියන්න ඇති මම රුහුණ සේවයට යනවා කියලා. තාත්තා කිව්වේ නීතිඥවරියක් වෙන්න කියලා. කලාව ගැන පැහැදීමක් තාත්තාට තිබුණේ නෑ. පසුව මම රුහුණ සේවයේ සහන නිව්දිකාවක් ලෙස කටයුතු කළා. ඉන්දියානු සාමසාධක හමුදාව ලංකාවට ආපු කාලයේ රුහුණ සේවය ගිනි ගත්තා. එහි සිටි අපේ කණ්ඩායම කොළඹ ප‍්‍රධාන කාර්යාලයට අනුයුක්ත කළා.

රුහුණු සේවය දැවුණාට පසු අපි කොළඹට ආවා. මම සහය නිවේදිකාවක් ලෙස ගුවන් විදුලිය ට එකතු වුණා. ගමෙන් කොළඹට ඇවිල්ලා බාප්පා කෙනකුගෙ ගෙදර නැවතිලා තමයි වැඩට ආවේ. ඒ කාලයේ අපිට ලොකු මුදලක් ලැබුණේ නෑ. විනෝදයට වුණත් සමාජයට මට යමක් කළ හැකිය කියන අරමුණ ඇතිව මම සේවයට වාර්තා කළා. අශෝක කරුණානායක සමඟ ආනන්ද, නාලන්ද සුලෝහිත සංග‍්‍රාමය ක‍්‍රිකට් තරගාවලියේ විස්තර ප‍්‍රචාරය කරන මැදිරියෙ තමයි මට මුලින්ම වැඩ කරන්න ලැබුණේ.

01

කාලෙත් එක්කම එවකට ගුවන් විදුලි සභාපති වුණ විලී විජේමාන්න කිව්වා ගුවන් විදුලියට පමණක් නොවෙයි රූපවාහිනියටත් ගැළපෙන ළමයින් මෙතන ඉන්නවා කියලා. ඉතින් මම රූපවාහිනියට අයදුම් පතක් යොමු කළා. ඒකාලේ මං කොණ්ඩෙ කොටට කපලා හිටියේ. සම්මුඛ පරීක්ෂණයට ගියාම එවකට රූපවාහිනීි සභාපතිතුමා කිව්වා කටහඬ නම් හොඳයි නමුත් ලංසි ළමයි අපි ගන්නෙ නෑ කියලා. මට හරි ලැ-ජ්ජ හිතුනා. සමහරු කොණ්ඬේ කපන්නේ ගමෙන් කොළඹ ඇවිත්.

මම කොළඹ ඇවිත් කොණ්ඬේ වැව්වා. අධිෂ්ඨානයක් කර ගත්තා කවදා හරි රූපවාහිනියේ ප‍්‍රවෘත්ති කියනවා කියලා. කොහොම හරි 1989.09.09 දින මම රූපවාහිනියේ ප‍්‍රවෘත්ති කිව්වා. මේ කටයුත්ත සාර්ථක කර ගන්න ආශෝක කරුණානායක, දයා අල්විස් විශාල අභිපේ‍්‍රණයක් දුන්නා. ප‍්‍රාදේශීයව අපි භාවිත කරන වචන තියෙනවා. නමුත් ප‍්‍රවෘත්ති කියන විට ඒ වචන භාවිත කරන්න බෑ. නියම පැහැදිලි වචනය උච්චාරණය කළයුතුයි.

ගුවන්විදුලියේ වැඩ කරන ගමන් රූපවාහිනියේ ප‍්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස කටයුතු කරන්න හැකි වුණා. කාර්යාල දෙකම ඉතා ආසන්නව පිහිටා තිබෙන්නේ. ගුවන් විදුලියේ සහ රූපවාහිනීයේ වැඩ කිරීම හාත්පසින්ම වෙනස් අත්දැකීමක්. ගුවන්විදුලියේදී මට හුඟක් සමීපව සිටියේ අශෝක කරුණානායක. ඇත්තටම එවකට ඔහුත් මාත් ආදරවන්තයන්. ඔහු කීවා රූපවාහිනියේ ප‍්‍රවෘත්ති කීම අභියෝගයක් කියලා. ඒත් මට හිතුණා ඒ අභියෝගය ජය ගන්න. මම ඒ අභියෝගය ජය ගත්තා. එය ලෙහෙසි කටයුත්තක් වුණෙ නෑ. මම ප‍්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස පමණක් නොවෙයි වෙනත් වැඩසටහන් කිහිපයකටම දායක වුණා.

මට කවදාවත් මාධ්‍ය ජීවිතයේදී දේශපාලන කැ-පි-ලි තිබුණා කියලා මං හිතන්නේ නෑ. නමුත් මෙහෙම දෙයක් මතකයේ තියෙනවා. මගේ සීයා ඒ කියන්නේ තාත්තාගේ තාත්තා දේශපාලන සම්බන්ධකම් පවත්වපු කෙනෙක්. ඔහු වාමාංශික ව්‍යාපාරය ප‍්‍රබල චරිතයක් කිව්වොත් හරි. ඒ කාලේ වාමාංශික ව්‍යාපාරයේ ප‍්‍රබල සාමාජිකයන් අපේ ගෙදර යනවා එනවා. හැබැයි මම කවදාවත් දේශපාලනය කරපු කෙනෙක් නෙමෙයි. වරක් කථික තරගයකින් ජයග‍්‍රහණය කරන ලද අයට තරුණසේවා සභාව හරහා ගුරු පත්වීම් දුන්නා. නමුත් ඒ තරගයේ ජයග‍්‍රාහකයෙකු මට ඒ අවස්ථාව ලැබුණේ නෑ. මගේ සීයා දේශපාලනය කරන නිසා.

02

මම මුලින්ම කිව්ව නේ මම කථික තරගවලින් ජයග‍්‍රහණ ලබලා ඒ කාලේ ප‍්‍රසිද්ධියක් ලබා තිබුණා ඒ හරහා යම් තැනකට ගිය විට හඳුනා ගන්න ලක්ෂණයක් තිබුණා, ගුරු පත්වීම් දෙන සම්මුඛ පරීක්ෂණයකට යනවිට මාව ඔවුන් හඳුනා ගත්තා. අසුවල් පවුලේ සාමාජිකාවක් කියලා. දෙමාපිය පාර්ශ්වයේ දේශපාලන සබඳකම් නිසා එදා මට ඒ අවස්ථාව නැතිව ගියා. ඒ පිළිබඳව ලොකු ක-නගා-ටුව-ක් නැතත් හිතේ පුංචි දුකක් තියෙනවා. දේශපාලනය නිසා මගේ තාත්තාගේ රැුකියාව අහිමි වුණා. මගේ සැමියාගේ රැුකියාව අහිමි වුණා. දේශපාලනේ නිසා හෝ වෙන යම් කාරණාවක් නිසා කෙනකු පී-ඩා-ව-ට පත් නොකළ යුතුයි කියලයි මම විශ්වාස කරන්නේ.

කොහොම නමුත් රූපවාහිනියේ විවිධ වැඩසටහන් කරන්න අවස්ථාව ලැබුණා. එළිමහන් පටිගත කිරීම් එළිමහනේ සිට වැඩසටහන් ඉදිරිපත් කිරීමටත් මට අවස්ථාව ලැබුණා. එතෙක් රූපවාහිනියේ ගුවන්විදුලියේ පිරිමින් පමණක් කළ ඇතැම් වැඩසටහන් මට භාර දුන්නාම ඉතා හොඳින් හා සාර්ථකව කරගන්න අවස්ථාව ලැබුණා.

විශේෂයෙන් සාක්, පොදුරාජ්‍ය මණ්ඩල උත්වසව වැනි වැඩසටහන, රාජ්‍ය උත්සව, චන්ද්‍රිකා බණඩාරනායක ජනාධිපතිනියගේ ඉදලා ජනාධිපතිවරුන් සහභාගි වුණු උත්සව මම ආවරණය කරලා තියෙනවා. මහනුවර මඟුල් මඩුවේ සිට මහනුවර ප‍්‍රකාශය එළි දැක්වූදා ගෙනා වැඩසටහන සුවිශේෂයි. එදා මට මහා සංඝරත්නයේ ද ආශිර්වාදය ලැබුණා.

ගුවන්විදුලිය ප‍්‍රවෘත්ති ප‍්‍රකාශනයන් සිදු කර තිබුණත් රුපවාහිනී සජීවීව ඉදිරිපත් කිරීම අභියෝගයක්.

ඒ දවස්වල ප‍්‍රවෘත්ති විකාශනය අවසන් වු වහාම ආචාර්ය මහාචාර්යවරු කතා කරලා ඒ පිළිබඳව අදහස් දක්වනවා. එක්තරා අවස්ථාවකදී මට නොකළ ව-ර-ද-ක-ට ද-ඬු-ව-ම් වි-ඳි-න්න සිදු වුණා. ප‍්‍රවෘත්ති ප‍්‍රකාශනයකදී ඔක්තොබර් වෙනුවට ඔක්තෝම්බර් යනුවෙන් පැවැසීමයි වැ-රැු-ද්ද. එය මා අතින් සිදු වූවක් නොවෙයි. එවකට ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂක හිටියේ මොහාන් සමරනායක. එවකට සභාපති මහාචාර්ය තිස්ස කාරියවසමි. වැරැුද්ද කාගේද කියලා හෙළිවෙන කොට මම මාසයක් ද-ඬු-ව-ම් වි-ද-ලා ඉවරයි. එදා එහෙමයි. භාෂාව ගැන, වචන උච්චාරණය ගැන වඩාත් සැළකිලිමත් වුණා.

ගුවන්විදුලියෙන් ඇසුන මගේ කටහඬ රූපවාහිනිය හරහා වඩාත් ජනප‍්‍රියත්වයට පත් වුණා. මේක ඉ-වස-ග-න්න බැ-රි පිරිසක් එකතු වෙලා මට රුහුණෙට මාරුවක් දුන්නා. මට හුඟාක් දු-ක හිතුණා. ඒත් මම ඒ අභියෝගයත් බාර ගත්තා. මගේ ගම මාතර, පාලටුවාව. උදේ පාන්දරින් අවදි වෙලා රුහුණ සේවයට ගොස් උදාවරුවේ වැඩසටහන් කරලා දහවල් 12.30 ඕෆ් වෙලා නැවත කොළඹ එනවා. ඒකාලේ අද වගේ කිසිම පහසුකමක් නෑනේ. පාරේ බස් එකේ මම එනවා.

03

සමහර දාට ඉඳ ගන්නවත් නෑ. සමහර දවසට ස්ට‍්‍රයික්. එහෙම දවසට මාතර බස් නැවතුම්පොළේ අය මාව කතරගම බස් එකකට නංවනවා ”අපේ මිස්ව කොහොම හරි කොළඹ යවන්න ඕනි” කියලා. කිසිම වෙහෙසක් පෙන්නුම් නොකර කල්වේලා ඇතිව ඇවිත් සූදානම් වෙලා ප‍්‍රවෘත්ති කියනවා. එය අවසන් වුණාම රාත‍්‍රී නවයට පමණ අශෝක මාව පිටකොටුවෙන් බස් එකකට නග්ගනවා. මාතරට තාත්තා ඇවිල්ලා ඉන්නවා සෑහෙන කාලයක් මේ විදියට ප‍්‍රවෘත්ති කිව්වා.

හැබැයි ඒ බව කිසි කෙනෙක් දන්නේ නෑ. මගේ පවුලෙ අය වගේම අශොක මා ළඟින් හිටියා. ප‍්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස බොහෝ දේශපාලන සම්බන්ධකම් තිබුණා. එයින් මේ මාරුව අවලංගු කර ගන්නත් හොඳටම ඉඩකඩ තිබුණ. ඒත් මම ඊට දේශපාලනය ගාව ගත්තෙ නෑ. අශෝක කිව්වේත් මට එහෙම උත්සහ නොකර රුහුණට ගොස් වැඩ කරන්න කියලයි.

ඇත්තටම මම හුඟාක් හඬ පිළිබඳව සැලකිලිමත් වෙන කෙනෙක්. ඒ දවස්වල රූපවාහිනී ටී. වී තමන්ගෙරූපය ගැන වඩාත් සැලකිලිමත් වෙන අය රූ රැුජිණියන්, නිළියන්. මම එහෙම ලස්සන කෙනෙක් නොවෙයි. එදා අශෝක මම රූපවාහිනියට යනවාට විරුද්ධ වෙන්න ඇත්තෙ එකයි කියලා මට හිතෙනවා කොහොම නමුත් වරක් සාක් රාජ්‍ය සමුළුවේ ප‍්‍රවෘත්ති නිවේදිකාව ලෙස කටයුතු කරන්න අවස්ථාව ලැබුණා. එදා අපිට උපදෙස් ලැබුණා වෙනදාට වඩා වෙනසකින් පැමිණිය යුතුයි කියලා.

ඒ වෙනස කරන්න තමයි මම ලා කොළපාට හෑන්ඞ්ලූම් සාරියක් ඇන්දේ. ලස්සන අය ලස්සනට ඇන්දාට එයාලාගෙපිළිවෙළක් නෑ. මම ඒ වෙනස කරා. ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය පවා එදා මගේ සාරිය ගැන කතා කළා. අපි නිවේදිකාවන්, මාධ්‍යවේදීන් ලෙස සමාජයේ ඉදිරියෙන් සිටියි යුතුයි. මයුරිගෙ සාරිය කියලා සමහරු කියන්නේ පටන් ගත්තා. එවන් යහපත් වෙනසක් කරන්න ලැබීම ගැන මම හුඟාක් සතුටු වෙනවා.

මම විවාහ වුණේ අශෝක කරුණානායක සමඟ 1992 දී. ඔහු දැනට ලක්හඬ ගුවන්විදුලියේ සේවයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කරනවා. අපි කවදාවත් රාජකාරි ගැටලූ ගෙදරදී කතා කරන්නේ නෑ. අපි නිතර එකිනෙකාගෙ රාජකාරි ස්ථානවලට ගිහිං කතා කර කර ඉන්නෙ නෑ. පොදු ගැටලූවක් තිබුණොත් පමණක් කතා කරනවා.

මට දුවෙක් සහ පුතෙක් සිටිනවා. දැනට ඔහුන් උසස් අධ්‍යාපන කටයුතුවල නියළී සිටිනවා. මම ස්වභාවධර්මය පිළිබඳව දැඩි ලෙස විශ්වාස කරනවා.

මයුරි අබේසිංහ ශ‍්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් වැඩසටහන්

සුගත් ශාන්ත
මොරගහකුඹුර 

නවලිය පුවත්පත ඇසුරිනි 

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x