ගොසිප් පුවත්තරු හුට පට

”යොහානි නිසා ලංකාවේ හැමෝටම සතුටු වෙන්න පුළුවන් කාලයක් තමයි මේක” – තීක්ෂණ අනුරාධ

සංගීත ලෝකයේ ඉන්න ජනප්‍රියත්වය වගේම සිත් ඇදගන්නා පෙනුමකින් යුතු හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න ගායකයෙක් තමයි තීක්ෂණ අනුරාධ කියන්නේ.

තීක්ෂණ මුලින්ම ප්‍රේක්ෂකයන් අතරට එන්නේ සුපර් ස්ටාර් වේදිකාව හරහායි. රියැලිටි වේදිකාවලින් බිහි වෙන තරු බොහොමයක ජනප්‍රියත්වය රැඳිලා තියෙන්නේ බොහොම කෙටි කාලයක් පමණක් නමුත් තීක්ෂණ අනුරාධ අදටත් ලාංකේය ප්‍රේක්ෂකයන් අතර ගොඩක් ජනප්‍රිය චරිතයක්. ඉතින් මේ දවස්වල ගෙදරට කොටුවෙලා ඉන්න තීක්ෂණ අලුත් වැඩක් පටන් අරගෙන.

ඉතින් ඒ පිලිබඳ තීක්ෂණ අප සමග කිවුවේ මෙහෙමයි… ”ඔව් පොඩියට අලුත් වැඩක් පටන්ගත්තා ‘Theekshana Anuradha Music’ කියලා යූටියුබ් චැනල් එකක්. මගේ පරණ ‘Theekshana Anuradha’ කියන යූටියුබ් චැනල් එකත් තියෙනවා. ඒක හරහා සංගීතයට වඩා වෙනස් දේවල් ගෙන්න තමයි අපි උත්සහා කලේ. මම ගායන ශිල්පියෙක් නිසා සංගීතයටම වෙන්වුන චැනල් එකක් පටන්ගන්න ඕන කියලා මට හිතුනා. දැන් සංගීත වැඩ එකක අනිත් ඒවා එකක එතකොට පිලිවෙලයිනේ” කියලයි.

මේ දිනවල ලංකාවේ ගීතයක් ඉන්දියාවේත් ජනප්‍රියයි. ඉතින් අපේ ගායක ගායිකාවන්ගේ අනාගත පිලිබඳ තීක්ෂණ කිවුවේ මේ වගේ කතාවක්..

”ඇත්තම කියනවනම් මේ වනවිට ලංකාවේ හැමෝටම සතුටු වෙන්න පුළුවන් කාලයක් තමයි මේක. මොකද අපේ නවක වගේම ගොඩක් දක්ෂ ගායිකාවක් වන යොහානි ගායනා කල ගීතයක් ජාත්‍යන්තරය ජය ගෙන තියෙනවා…. ඕනම සංගීත ශිල්පියෙකුගේ හීනය තමයි ඒ තැනට යන එක. දැන් ලෝකයම දන්නවා අපේ කලාව පිලිබඳ. එතැනින් තව ඉදිරියට යන්න තමයි අපි උත්සාහ කරන්න ඕන. කොහොම වුනත් මම තදින්ම විශ්වාස කරන දෙයක් තමයි ගීතයක් ජනප්‍රිය වෙන්න වාසනාව තියෙන්න ඕන කියන එක…. අපි නොහිතන ඇතැම් නිර්මාණ අතිශයින් ජනප්‍රිය වෙනවා… කොච්චර මහන්සි වෙලා කලත් සමහර නිර්මාණ ජනප්‍රිය වෙන්නේ නෑ” කියලයි ඔහු පැවසුවේ.

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x