ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පට

ප්‍රේම සම්බන්ධයක් නම් තිබුණා. ඒක දැන් නැහැ.

ඇයගේ නම සචින්තනී කෞශල්‍යා. සචින්තනී මේ දවස්වල ටෙලි නාට්‍යයක ප්‍රධාන චරිතයක් නිරූපණය කරනවා. නාට්‍යයේ නම කියාදෙන්න ආදරේ තරම්. සචින්තනී නාට්‍යයේ රඟපාන්නේ දිගැසි කියන ප්‍රධාන චරිතය. සරසවිය පුවත්පත විසින් ඇය සමග කරනු ලැබූ සාකච්ඡාවක් මෙලෙස අපි ගෙන එනු ලබනවා.

සචින්තනී ඇය රංගනයට පිවිසි ආකාරය ගැන මෙලෙස පවසා තිබුණා. ඉස්කෝලේ යන කාලේ මම හරි දක්ෂයි නැටුම් කරන්න. මම නැටුම් පැත්තෙන් බොහෝ හැදෑරුවා. ඒ අතරතුරදී පාසලෙන් අයින් වෙලා 2015 විතර රන්වල බළකාය එක්ක සම්බන්ධ වෙනවා. මම තවමත් රන්වල බළකාය ඉන්නවා. 2017 වසරේ රූපවාහිනී අවුරුදු කුමාරි තරගයෙන් අන්තිම දොළොස්දෙනා අතරට ආවා. ඔය අතරතුරදී මාව කැම්පස් සිලෙක්ට් වුණා. කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ මම දැනට ඉගෙන ගන්නේ. 2019 වසරේ හිරු අවුරුදු කුමරි තරගාවලියෙත් අන්තිම දොළොස් දෙනා අතරට ආවා. ඉන් අනතුරුව මට මුතු ලෙන්දොර නාට්‍යයේ සිතූ කියන චරිතය ලැබුණා. ඒ නාට්‍යය විකාශය වුණේ දෙරණ නාළිකාවේ. ඉන් අනතුරුව ලක්ෂ්මන් පුෂ්පකුමාර මහත්මයාගේ ධවල රාක්ෂ කියන නාට්‍යයේ දෙමළ චරිතයක් සඳහා ආරාධනා ලැබුණා. ඒ නාට්‍යය නම් තවම විකාශය වුණේ නැහැ. ප්‍රධාන චරිතයක් කියලා කරන්නේ මේ දිගැසි කියන චරිතය තමයි. චරිතයට මට ආරාධනා කළේ කියාදෙන්න ආදරේ තරම් නාට්‍යයේ අධ්‍යක්ෂක ධනුෂ්ක රත්නායක අයියා.

ඇයව මේ දිනවල ඉතාමත් ජනප්‍රියත්වයට පත් වන්නේ දිගැසි චරිතය හරහායි. ඒ පිළිබඳව ඇය මෙසේ පවසා තිබුණා. දිගැසි ජීවත් වෙන්නේ රෙදි මෝල වත්ත කියන ප්‍රදේශයේ. ඒක එක ළඟ ගෙවල්, අර අපි කියන්නේ පේළි ගෙවල් කියලා. අන්න එහෙම ප්‍රදේශයක්. දිගැසි හරි දක්ෂයි ඉගෙන ගන්න. ඒ වගේම එයා කටකාර චරිතයක්. දිගැසි ප්‍රධාන පෙම්වතියන් දෙදෙනාගෙන් එක් කෙනෙක්. ඇත්තටම ඉතාමත් හොඳයි. ප්‍රතිචාර සෑහෙන්න ලැබෙනවා.

දිගැසි චරිතය රඟපාන්න ගිහින් වෙච්ච අමතක නොවන අත්දැකීම් ගැන ඇය මෙලෙස පැවසුවා. ඇත්තටම අපි ටෙලිනාට්‍යය රූපගත කිරීම් කළා සංචරණ සීමා තිබුණු කාලයේදිත්. එක්තරා අවස්ථාවකදී පාරක රඟපාන්න ඕනෑ දර්ශනයක් තිබුණා. ඒකට ලැහැස්ති වෙලා ඉන්නකොට පොලිස් නිලධාරියෙක් ඇවිල්ලා අපිට බැනගෙන බැනගෙන ගියා, මාස්ක් නැහැයි කියලා. මම හොඳටම බය වුණා ඒ බැනපු බැනිල්ලට. අපි ඔහුට පැහැදිලි කළා මෙතැන රූපගත කිරීමක් වෙනවා කියලා. එතකොට තමයි ශේප් වුණේ. ඔය සිදුවීම මට අමතක වෙන්නෙ නැහැ. මෙහිදී ඇය පවසා තිබුණා ඇය ආදර වන්තියක් නොවන බවත්, ප්‍රේම සම්බන්ධයක් නම් තිබුණා. ඒක දැන් නැහැ යනුවෙනි.

ඔබට දිගැසි වෙනුවෙන් ආදර දර්ශන ගොඩක් ඉදිරිපත් කිරීම ගැන පවසා තිබුණේ මෙවැන්නකි. ඇත්තටම ඔව්. මං මේ වෙලා මතක් කරන්න ඕනේ මගේ පෙම්වතාට රඟපාන අයියව. ඔහු මට ගොඩක් ලොකු සහයක් වෙනවා ඒ වගේ දර්ශන කරන්න.

මේවනවිට ඇය නීති ශිෂ්‍යාවක් විදිහට කටයුතු කරනු ලබයි. විශ්වවිශ්වවිද්‍යාලයෙ අධ්‍යාපනයෙන් පසුව ඇයගේ බලාපොරොත්තුව ගැන මෙසේ පැවසීය. ඇත්තටම මේ රංගනය දිගටම කරනවා. ඊට අමතරව මම නීතිඥවරියක් විදිහට වැඩ කරන්න සූදානමින් ඉන්නෙ. මනෝවිද්‍යාත්මක උපදේශකවරියක් විදියටත් මම කටයුතු කරන්න ඉන්නවා. ඒ වෘත්තීන් කළාට රංගනයෙන් ඉවත් වෙන්නේ නැහැ.

ප්‍රසාද් සමරතුංග – සරසවිය පුවත්පත

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x