ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පට

ඒ වෙනස තමයි ‘ගජමෑන්’ ජනප්‍රිය වීමට හේතුව

මේ දවස්වල සුවිශේෂී නිර්මාණයක සුවිශේෂී චරිතයක් අපට දැකගන්න ලැබෙනවා. මල් ගස්වටේ පෙම් කරන චරිතවලට වඩා ප්‍රේක්‍ෂක ආදරය දිනාගත් සුවිශේෂී චරිතයක් තමයි ‘ගජමෑන්’ චරිතය. ‘ගජමෑන්’ගේ මුවින් නිතරම පිටවූයේ මට ‘බඩගිනියි,’ එහෙමත් නැතිනම් ‘ප්ලේන්ටියක්’ කියන වචන දෙක විතරයි.

පුංචි කඩමණ්ඩියක නිතර දෙවේලේ කැරැකි කැරැකි සිනාමුසුවෙන් පිස්සු චරිතයක් රඟන ‘ගජමෑන්’ එක රැයකින් ජනප්‍රිය වුණා. ඔහු ගැන ගොඩදෙනෙක් හොයන්නට පටන්ගත්තා. ඔහු තමයි ශෂ්මිත දිල්ශාන්. ඔහු ටෙලිනාට්‍ය ගණනාවකම සහාය අධ්‍යක්‍ෂවරයකු ලෙසට කටයුතු කළත් ඔහුව දැනහඳුන ගත්තේ ‘ගජමෑන්’ ලෙසටයි. ඉතින් ඒ කරුණු කාරණා සියල්ල ගැන ‘ගජමෑන්’ සමඟ අප කතා කළා. මේ මව්රට පුවත්පත ඔහු සමග කල සංවාදයයි.

මම පුංචි කාලේ ඉඳලා ටෙලිනාට්‍ය, චිත්‍රපට ආශාවෙන් නැරැඹුවා. ඒ නිර්මාණවල චරිත මමත් ගෙදර කණ්ණාඩිය ඉදිරියේ දෙබස් කියමින් රඟපානවා. මගේ හිතේ ලොකු ආශාවක්, බලාපොරොත්තුවක් තිබුණා මේ ක්‍ෂේත්‍රයට සම්බන්ධ වීමට. ඉතින් මගේ අධ්‍යාපන කටයුතු ඉවර කරලා මගේ අරමුණ ගැන හිතුවා.

01

 

02

‘දස්කොන්’ ටෙලිනාට්‍ය රූපගත කිරීම කළේ අපේ ගම්පළාතේ. ඉතින් මගේ මවුපියන්ගේ දැන හැඳුනුම්කම මත මට ඒ ටෙලිනාට්‍යයට සම්බන්ධ වීමට අවස්ථාව ලැබුණා. මගේ තාත්තා තමයි ‘අස්වැසුම’ චිත්‍රපටයට මැණික් ගල හදලා දුන්නේ. ‘දස්කොන්’ ටෙලිනාට්‍යයෙන් පස්සේ මම ටෙලිනාට්‍ය කිහිපයක සුළු චරිත රඟපෑවා.

ඔබ ටෙලිනාට්‍යවල රඟපානවට වඩා වැඩිපුර ඔබේ දායකත්වය සපයා දුන්නේ කැමරාවෙන් පිටුපස ඉඳගෙන නේද? ඔව්… මම එහෙම සම්බන්ධ වුණේ මට මේ ක්‍ෂේත්‍රය ගැන හොඳ අවබෝධයක් ගැනීමට. ඒ නිසාම මම සහාය කලා අධ්‍යක්‍ෂවරයෙක් විදියට වැඩකටයුතු කළා. පස්සේ ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂ සමීර හසුන් අයියා මගේ දක්‍ෂතාවය හඳුනාගෙන මාව සහාය අධ්‍යක්‍ෂවරයකු ලෙසට පත්කළා. ඔහු අධ්‍යක්‍ෂණය කළ ‘මෝදර බඹරු’ ටෙලිනාට්‍යයේ සහාය අධ්‍යක්‍ෂවරයකු ලෙසට මම මුලින්ම වැඩ කළා.

මට දැනෙන විදියට මම තවම පොඩි මිනිහෙක්. ‘ගජමෑන්’ චරිතය ජනප්‍රිය වෙලා කියලා ගොඩදෙනෙක් කියනවා. ‘ගජමෑන්’ කවුද කියලා ගොඩදෙනෙක් හොයන්නට පටන්ගත්තා. ඒ හෙවිල්ලත් එක්ක මම ගැන ගොඩ දෙනෙක් කතාබහ වුණා. විශේෂයෙන්ම විදේශීය රටවලින් තමයි ප්‍රතිචාර ගොඩාක්ම ආවේ ‘ගජමෑන්’ චරිතයට. මම හිතනවා මේ ලැබෙන ප්‍රතිචාරත් එක්ක මම ‘නාඩගම්කාරයෝ’ ටෙලිනාට්‍යයට සාධාරණයක් කරලා කියලා.

ඔබ නිරූපණය කරන ‘ගජමෑන්’ චරිතය තුළ අපිට වෙනසක් දැනුණා? ඒ වෙනස තමයි ‘ගජමෑන්’ ජනප්‍රිය වීමට හේතුව. මොකද ‘ගජමෑන්ට’ දෙබස් කීමට ලොකුවට තිබුණේ නැහැ. ඔහු අ-සා-ධා-ර-ණ-ය-ට අකැමැති කෙනෙක්. ‘ගජමෑන්’ යම් දෙයක් වටහා ගත්තා නම් හිනාවෙන් තමයි එය සම්මත කරන්නේ. වැඩිපුරම කටේ තිබුණේ බඩගිනියි, එහෙමත් නැතිනම් ප්ලේන්ටියක් කියන වචන දෙක විතරයි කතා කරන්න තිබුණේ.

03

ටෙලිනාට්‍යවල සහාය අධ්‍යක්‍ෂවරයකු ලෙසට කටයුතු කරපු ඔබ ‘ගජමෑන්’ වුණේ කොහොමද? ඇත්තටම මම ඒ හැම දේම කළේ නළුවෙක් වෙන්න හිතාගෙන තමයි. සද්ධාසූරිය මංගල බණ්ඩාර අයියා කිව්වා මට මල්ලි ‘ගජමෑන්’ කියලා පිස්සු චරිතයක් තියෙනවා කරමු කියලා. ඉතින් මගේ හිතේ ලොකු ආශාවක් තිබුණා එවැනි චරිතයක් කිරීමට. ඒත් මම හිතුවේ නැහැ මේ තරම් ඉක්මනට එවැනි චරිතයක් මට කරන්න ලැබෙයි කියලා.

මේ විදියට තාත්වික රඟපෑමක් කරන්න ඔබ තුළ සැඟැවුණු හැකියාවන් තියෙන්නට ඇති නේද? ඒ හැකියාව නිසා තමයි මම නළුවෙක් වෙන්න හිත දැක්කේ. හැකියාවත් තියෙන දක්‍ෂ පිරිසක් කොච්චර සැඟවිලා ඉන්නවාද. ඔවුන්ට එන්න විදියක් නැතුව මේ ක්‍ෂේත්‍රයට. අන්න ඒ වගේ තැනක ඉඳලා තමයි මමත් ආවේ. මම රංගනය කියන දේ කවදාවත් හදාරලා නැහැ. පාඨමාලාවකට මගේ කාලය වැය කළා නම් ආර්ථික ප්‍රශ්න මතු වෙනවා. මම ගොඩාක් දු-ක්වි-ඳ-ලා මේ තැනට ආවේ.

ජයප්‍රකාශ් සිවගුරුනාදන් සමඟ ඔහුගේ ටෙලිනාට්‍ය රැසක ඔහු සමඟ වැඩ කළා. ඔහු මට ගොඩාක් උදවු කළා. මේ ක්‍ෂේත්‍රයේ මගේ ගුරුවරයා ඔහුයි. ඒ විතරක් නෙවේ චින්තන ශ්‍රීමාල් අයියා මට ගොඩාක් උදවු කළා. අපි සියලුම දෙනාම එකම පවුලක කණ්ඩායමක් විදියට බැඳිලා ඉන්නේ. ඉතින් ඔවුන්ගේ නිර්මාණයකින් ලෝකවාසී සියලුම ප්‍රේක්‍ෂකයන් ‘ගජමෑන්’ ලෙසට දැන් මාව අඳුරනවා.

සහාය අධ්‍යක්‍ෂණයෙන් සමුගෙන දැන් ඉදිරියේදී නළුවෙක් ලෙසට ඔබ වැඩ කරාවිද? අ-පෝ කවදාවත් මම ආපු තැන අමතක කරන කෙනෙක් නෙවේ. මට තව යෑමට පියවර කිහිපයක් තිබෙනවා. මම මොන දේ කළත් සහාය අධ්‍යක්‍ෂණයයෙන් ඉවත් වෙන්නේ නැහැ. මගේ එකම අරමුණ ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂවරයෙක් වීම තමයි.

මට ඉන්නේ අම්මයි, මල්ලියි විතරයි. අම්මා මුලදි නම් කොහොමත් කැමැති වුණේ නැ-හැ. මම මේ වැඩ කරනවාට මොකද මම පි-ස්සු නටයි කියලා බ-ය-ට. හැබැයි දැන්නම් එහෙම ප්‍රශ්නයක් නැහැ. මගේ අම්මා, මල්ලි සතුටු වෙනවා නම් මට ඒ ඇති.

වසන්ත විතාරණගේ – මව්රට පුවත්පත 

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x