ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පට

ඓතිහාසික කතාවක චරිතයක් කරන්න ආසාවෙන් ඉන්නවා

ඇය රූ සපුවෙන් වගේම නර්තන හැකියාවෙන්ද අගතැම්පත් තරුණියක්. රැකියාවෙන් බැංකු නිලධාරිනියක වන ඇය නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඉතින් මේ දිනවල කවුරුත් කතාවෙන ‘විහාරා ටීචර්’. එසේත් නැතිනම් දමිත්‍රි සුබසිංහව මෙවර හදගැස්ම සමග කරනු ලැබූ සාකච්ඡාවක් මෙලෙස ගෙන එන්න හිතුවා.

මේ දවස්වල මගෙ ඩිග්‍රි එකේ ෆයිනල් ඉයර් එකේ අධ්‍යාපන කටයුතු පටන් ගත්තා. ඊට අමතරව ඉස්කෝලේ ඩ්‍රාමා එකේ ෂූටින්වලට යනවා. තව ඉතින් සුපුරුදු පරිදි මගේ රැකියාවේ වැඩත් කරගෙන පරිස්සමින් ඉන්නවා. ඇත්තටම ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ගොඩක් රසිකයන් දැන් මට කතා කරන්නෙත් විහාරා ටීචර්, චූටි ටීචර් වගේ නම් කියලා තමයි. ඇත්තටම ඉතින් ගොඩක් සතුටුයි ඒ ගැන.

දමිත්‍රි එකවර ක්ෂේත්‍ර ගණනාවක වැඩ කරන කෙනෙක්. කොහොමද ඒ සියල්ලම සමබරව කරගෙන කාරණාව පිළිබඳව ඇය මෙසේ පැවසුවා. පොඩි කාලේ ඉඳන්ම මම ආස වුණේ එකපාර වැඩ කිහිපයක් කරන්න තමයි. ඉතින් හැමදේම ආසාවෙන් කරන නිසා කරගෙන යන්න හැකියාව තිබෙනවා. බොහෝ දෙනා ඇයව දැන හැදින ගන්නේ අවුරුදු කුමාරියක් වීම කාරණාව තුළින් මේ පිළිබඳය ඇය මෙලෙස පැවසුවා. අවුරුදු කුමාරි තරගයට අයැදුම් කරන්න ලොකුම ආසාව තිබුණේ මගේ අම්මට. මගෙත් කැමැත්ත ඇතිව අම්මා තමයි අයැදුම් පත්‍රය දැම්මේ. ඇත්තටම අන්තිම 12ට තේරුණු පසුව ජයග්‍රහණයක් හිමිවෙයි කියලා හිතුණත් පළමු තැන ලැබෙයි කියලා නම් හිතුවේ නැහැ.

මෙහෙමයි මම මුලින්ම දිලූක ගුණතිලක අයියා අධ්‍යක්ෂණය කළ ‘නොනිමි’ කියන ටෙලි ෆිල්ම් එක තමයි කළේ. ඉන්පසුව ‘පාවෙලා වලාකුළේ ඒවිද අම්මා’ ටෙලි නාට්‍යයේ නිවුන් සහෝදරියන්ගේ චරිත නිරූපණය කළා. ඉන්අනතුරුව තමයි ඉස්කෝලේ කතාවේ විහාරාගේ චරිතය ලැබුණේ. ඇත්තටම මගෙ රංගන ජීවිතයේ පළමු ගුරුතුමා තමයි දිලූක ගුණතිලක අයියා. එතුමාගෙන් ලැබුණු ගුරුහරුකම් සමඟ මට ප්‍රධාන චරිතයක් කරන්න එහෙම ලොකුවට බයක් ඇතිවුණේ නැහැ. පොඩි හරි චකිතයක් ඇතිවුණා නම් ඒ ‘පාවෙලා වලාකුළේ ඒවිද අම්මා’ නාට්‍යයෙදි විතරයි. ඉස්කෝලේ කතාවේ විහාරගේ චරිතය මට සාර්ථකව කරන්න හැකි වුණා.

දක්ෂ නර්තන ශිල්පිනියක්ද වෙන කාරණාව ගැනත් ඇය මෙලෙස සඳහන් කර තිබණා. ඔව්. මම පාසලේ 6 ශේ‍ර්ණියේ ඉඳන්ම නර්තන කටයුතු කරගෙන යනවා. නර්තනයට මම ගොඩක් ආසයි. ඒ වගේම ඉතාම කෙටි කාලයක් ඇතුළත Damithri Subasinghe කියන මගේ Youtube Channel එකේ Subscribers ප්‍රමාණය ලක්ෂයේ සීමාව පසු කළා. ඒ ගැනත් හරිම සතුටුයි. ඇත්තටම Dancing covers 13ක් වගෙ තමයි මම තවම කරලා තියෙන්නේ. නමුත් ඉතින් ඒ coversවලට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඇත්තටම ගෙදරින් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. දැනටත් මම රූගත කිරීම්වලට සහභාගි වෙන්නේ මගෙ අම්මත් සමඟ. ඉතින් අද මම ඉන්න තැන ගැන එයාලට ගොඩක් සතුටුයි. ඇත්තටම මේ වනතුරු මට මුණගැසුණු ප්‍රවීණයන් සියලුම දෙනාගෙන්ම ඉතා හොඳ සහයෝගයක් ලැබෙනවා. අපේ කුමක් හෝ අඩුපාඩුවක් දුටු විගසම ඒ දේවල් ඉතාම ආදරයෙන් පහදලා දීලා සාදාගත යුතු තැන් නිවැරැදි කරනවා.

රංගනය ක්ෂේත්‍රය තුළ අපිට දමිත්‍රිව දිගටම දැක ගන්න ලැබෙයිද? ඇත්තටම මම දැනට ඉස්කෝලේ ඩ්‍රාමා එකට පමණයි සම්බන්ධ වෙලා ඉන්නේ. පුළුවන් තරමින් හොඳ නිර්මාණවලට සම්බන්ධ වෙන්න තමයි බලාපොරොත්තුව. මම තව වැඩිදුරටත් රංගනය හදාරන්න අවශ්‍යයි. ඇත්තටම මම ගොඩක්ම ආස කරන ක්ෂේත්‍රයක් තමයි රංගන ක්ෂේත්‍රය. ඉතින් රංගනය ගැන වැඩිදුරටත් හදාරන්න, තවත් අලුත් දේවල් අධ්‍යනය කරන්නත් අවශ්‍යයි. හැදෑරීමක් සමඟ මේ ක්ෂේත්‍රයේ ඉදිරියට යෑම තමයි මගෙ අරමුණ. ඇත්තටම එහෙම දේවල්වලට තවම මට මුහුණදෙන්න නම් සිදුවෙලා නැහැ. ඒ වගේම මම හිතන්නේ මට අභියෝගයක් තිබෙන්නේ මාත් සමඟමයි. මොකද මට වෙනත් කෙනෙක් වගෙ වෙන්නට අවශ්‍ය නැහැ. ලංකාවේ නම් මාලනි ෆොන්සේකා මහත්මියට තමයි ගොඩක්ම කැමැති. පිටරට නම් මධුරි ඩික්සිත්ට සහ ශ්‍රී දේවිට තමයි පොඩි කාලේ ඉඳන්ම මම ගොඩක්ම ආස කළේ. පොඩි කාලේ ඉඳන්ම ශ්‍රී දේවිගේ නර්තන විලාසයන් එහෙම මම ෆලෝ කරනවා. ඒ දෙන්නාගේ නර්තන හැකියාව නිසාමයි මම ඒ දෙදෙනාට එතරම්ම කැමැති.

ඉදිරියේදී රංගන දායකත්වය දෙන්න ආසාවෙන් ඉන්න චරිත ගැන ඇය මෙලෙස පවසා තිබෙනවා. මට ඓතිහාසික කතාවල චරිත නිරූපණය කරන්න ලොකු ආසාවක් තිබෙනවා.  ස්කෝලේ කතාවට අමතරව තවත් ටෙලි ඩ්‍රාමා 4 -5කින්ම කතා කළා. ඒ වුවත් මම දැනට ඉස්කෝලේ කතාවට පමණයි සම්බන්ධ වෙලා ඉන්නේ. එක් චිත්‍රපටයකට ආරාධනා ලැබුණා. ඒත් කොරෝනා ගැටලුව නිසා එහි ඉදිරි වැඩ ගැන තවම නිසි තීරණයක් නැහැ. අනාගත බලාපොරොත්තු මොනවද? මගේ හීන සැබෑ කරගන්නා අතරතුර හැම මොහොතේම සතුටින් ඉන්න තමයි මගේ බලාපොරොත්තුව.

ඇත්තටම ඉතින් පිරිමි ළමයින්ගේ විතරක් නෙවෙයි ලොකු – පොඩි භේදයකින් තොරව හැමෝගේම ආදරය මට ලැබෙනවා. නමුත් ඉතින් දමිත්‍රිට ආදරය කරන්න විශේෂ කෙනකුත් ඉන්නවා කියලා අපිට ආරංචි වුණා? ඔව් ඉන්නවා. ඇත්තටම විවාහය සිදුකරන්න තවම එහෙම කාලසීමාවක් තීරණය කරලා නැහැ. තව වයස තිබෙනවානේ. ඉදිරියේදී ඒ දේවල් ගැන අනිවාර්යයෙන්ම කියන්නම්. මම පවුලේ එකම දරුවා. ගෙදර ඉන්නේ අම්මයි තාත්තයි මමයි පමණයි. මගෙ පාසල ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලය, මිලාගිරිය. ලක්සිරි වික්‍රමගේ සර්ට, දිලූක ගුණතිලක අයියට, දෙරණ ආයතනයට, චරිත් කොතලාවල, සමන්, ධම්මික, සුරංග කියන අයියලටත්, විශේෂයෙන්ම ටෙලිඩ්‍රාමාවලදී තිරය පිටුපස ඉඳන් අපට සහයෝගය දෙන කාර්ය මණ්ඩලයේ සියලුදෙනාටත් මගෙ ගෙදර අයටත් ගොඩක් ස්තුතියි.

(දිනූෂා මනෝරි නිශ්ශංක – මව්බිම පුවත්පත)

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x