ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පට

මම කවදාවත් කිසිකෙනෙක් අපහසුතාවට පත් කරන්න කැමැති කෙනෙක් නෙවෙයි

කැලුම් විජේසූරිය කාගෙත් ආදරය දිනූ කලාකරුවෙක්. නිවේදකයෙක් වගේම රංගන ශිල්පියෙක්, ගායකයෙක් යන විවිධ ඉසව් තුළින් ප්‍රේක්ෂක හදවත් ආදරයෙන් වැලඳගත් කැලුම් මේ දිනවල වැඩි කතාබහට ලක්වෙන්නෙ ඔහුගේ යූ ටියුබ් නාළිකාව තුළින්. පසුගිය දිනෙක මව්බිම පුවත්පතේ ‘හදගැස්ම’ අතිරේකය ඔස්සේ ඔහුගේ සම්මුක සාකච්ඡාවක් කර තිබුණි.  ඔහුගේ සාකාච්ඡාව අපි මෙලෙස ගෙන එන්නෙමු.

මේ දවස්වල යූ ටියුබ් නාළිකාව එක්ක කාර්යබහුල වෙලාද? එහිදී ඔහු පැවසුවේ, අනිවාර්යයෙන්ම ඔව්. Lockdown එක තිබිලත් මම නිකං හිටියෙ නැහැ. පටන් ගත්ත වැඩක් මම මඟදි අතහරින කෙනෙක් නෙවෙයි. මගේ Kalum wijesooriya යූටියුබ් නාළිකාව උපරිම ගුණාත්මක බවකින් ප්‍රේක්ෂකයන්ට දෙන්න කටයුතු කරනවා බව ඔහු පැවසීය. එහිදී එම මාධ්‍යවේදියා ඔහුගෙන් තවත් පැනයක් අසනු ලැබීය. අද පවතින යූටියුබ් නාළිකා බොහොමයකට වඩා ඔබේ යූටියුබ් නාළිකාව වඩාත් හරවත් ලෙස කැපීපෙනෙන බව බොහෝ දෙනකු පවසනවා යනුවෙනි. එහිදී කැලුම් විසින් මෙලෙස පිළිතුරු ලබා දුනි. ඇත්තටම මම කලින් මේ යූටියුබ් නාළිකා ගැන දැනගෙන හිටිය කෙනෙක් නෙවෙයි. ඒ ගැන හරියටම දැනගත්තෙ ගිය අවුරුද්දෙ. කලින් මගේ යාළුවෙක් මට account එකක් ඇරලා දුන්නා. ඒකෙ මම මගේ සින්දු දැම්ම එක විතරයි කළේ. පසුගිය දෙසැම්බර් මාසෙ තමයි චැනල් එකක් විදිහට පටන් ගත්තෙ. ඒකට හේතුවකුත් තිබුණා. නිවේදකයෙක් විදිහට මට කවදාවත් ටෙලි හෝ සිනමා සම්මාන උළෙලක නිවේදන කටයුතු කරන්න ලැබිලා නැහැ වගේම මම නිවේදන කටයුතු කරපු ජාතික රූපවාහිනියේ නුග සෙවණ හෝ ආයුබෝවන් වැඩසටහනක් කරන්නවත් ලැබිලා නැහැ.

ඒ සඳහා ආරාධනාවක් හෝ ලැබිලා නැහැ. ඒ මම රැකියාවක් කරපු කෙනෙක් නිසා වෙන්නත් ඇති. නමුත් සති අන්තයකවත් ලැබුණෙ නැහැ. නිවේදකයෙක් විදිහට අපේ කලා ශිල්පීන් එක්ක මම තරම් ළඟින් ඇසුරු කරපු කෙනෙක් වෙන නැති තරම්. එහෙම වෙලත් මට ඒ අය එක්ක සාකච්ඡා වැඩසටහන් කරන්න ලැබුණෙ නැහැ. ඉතින් දැන් මම මගේ යූටියුබ් එක හරහා ඒ දේ කරනවා. හැබැයි මම නිතර දකින්න ලැබෙන යූටියුබ් රැල්ලට යන කෙනෙක් නෙවෙයි. ගොඩක් යූටියුබ් නාළිකා කරන්නෙ hot topic එකක් පස්සෙ යන එක හෝ පත්තරේක ගිය ආටිකල් එකක් අරගෙන පින්තූරත් දාලා කියවන එක. ඒ කියවීම අහන් ඉන්න බැරි අඳෝනාවක් වගේ. ඒ අතරේ හාස්‍යජනක වැඩසටහන් තියෙන ඒවත් තියෙනවා. අද යූටියුබ් කරන බොහෝ අයගෙ ජීවනෝපාය මාර්ගය ඒක. නමුත් මම මගේ චැනල් එක කරන්නෙ මට ජීවත් වෙන්න නෙවෙයි.

මම ප්‍රධාන පෙළේ බැංකුවක සේවය කරලා එයින් ඉවත් වෙනකොට ලබපු ආදායම මට මැරෙනතුරාවට ජීවත් වෙන්න ඇති. ඒ නිසා මම මේක පටන් ගත්තෙ මට ජීවත් වෙන්න මුදල් හොයන්න නෙවෙයි. නමුත් දැන් මගේ ළඟ කැමරා ශිල්පීන්, සංස්කරණ ශිල්පීන් ඉන්නවා. එයාලා ජීවත් වෙන්නෙ මේකෙන්. එහෙම කියලා මම රැල්ලට යන්නෙ නැහැ. මට ඕන වුණේ ගුණාත්මක රසවින්දනයක් ප්‍රේක්ෂකයන්ට දෙන්න. මේ වෙනකොට මම වැඩසටහන් 90ක් කරලා තියෙනවා. ඒ හැම එකක්ම සර්ව කාලීනව බලන්න පුළුවන්. අපේ ප්‍රවීණයෙක් ගැන දැනගත යුතුදේ දැනගන්න මගේ යූටියුබ් එකෙන් පුළුවන් කියලා කවුරු හරි කියනව නම් ඒක තමයි මගේ සතුට. මට views අඩුයි. ඒත් ඒකට කමක් නෑ. මම කරන්නෙ හොඳ දෙයක්.

ඉන්පසු එම තවත් පැනයක් මෙලෙසය යොමු කරන ලදී, හොඳ දේට views අඩුයි කියන්නෙ ගොඩක් අය කැමැති කුණු රසටද? යනුවෙනි. එහිදී ඔහු මෙසේ පිළිතුරු ලබා දුනි. 80%ක් හොයන්නෙ ඒවා. 20%ක් හොඳ දේ හරවත් දේ බලන්න කැමැතියි. ඒ සියයට විස්සෙන් 10%ක් හෝ මගේ වැඩසටහන් බලන එක මට සතුටක්.

ඔබේ ආරාධනාවෙන් පැමිණෙන ආරාධිතයා වෙනත් පාර්ශ්වයකට ව්‍යංගයෙන් හෝ චෝදනාවක් එල්ල කළහොත් එසේ අගතියට පත් පාර්ශ්වයටත් ඔබේ නාළිකාවෙ ඉඩක් ලබාදී මධ්‍යස්ථ මාධ්‍යකරුවාගේ භූමිකාව ඔබ ආරක්ෂා කරනවාද යන පැනයට ඔහු මෙලෙස පිළිතුරු ලබා දී තිබේ. කවුරුන් හෝ මගේ නාළිකාවේ කතාබහක් තුළින් අගතියට පත්වෙලා මට කතා කරලා ඉල්ලුවොත් එයාගෙ හේතු දක්වන්න මම ඉඩක් දෙනවා. ඒ program එක පටන් ගන්නකොටම එයාගෙ ඉල්ලීමට ඉඩක් දෙනවා කියන සඳහනත් එක්කම. මම කවදාවත් කිසිකෙනෙක් අපහසුතාවට පත් කරන්න කැමැති කෙනෙක් නෙවෙයි. අඩුම ගානෙ එහෙම හෙඩ්ලයින් එකක්වත් දාන්නෙ නෑ. ඉස්සරහට විකාශය වෙන්න තියෙන සමහර සාකච්ඡාවල සමහරු තමන්ට අසාධාරණකම් කළ අයගෙ නම් පවා කියනවා. එතැනදි මම සැලකිලිමත් වෙනවා කාටවත් හානියක් නොවෙන විදිහට කටයුතු කරන්න. උදාහරණයක් කියන්නම්. ගීතා කුමාරසිංහ මහත්මියගෙ සම්මුඛ සාකච්ඡාවෙ ඇය එක තැනක කියනවා දේශපාලනය ගැන කතා කරද්දි මහින්ද රාජපක්ෂ මහතා ඇයට කතා කරලා නංගි ඒ අයගෙ ඒවට රැවටෙන්න එපා මම ඔයාව බලාගන්නම් කියලා. වෙන කෙනෙක්නම් හෙඩ්ලයින් එකට පාවිච්චි කරන්නෙ ඒක. ඒත් මට එහෙම වෙන්න ඕන වුණේ නැහැ. මම කරන දේ ගුණාත්මකයි කියලා මට ලැබෙන ආදරය පිරුණු ප්‍රතිචාරයි මට වටින්නෙ. ඇස්වලට ක¾දුළු පිරෙන ආදරයක් මට ලැබෙනවා. මට ඒ ඇති. මම සල්ලිවලට පෙරේත වෙලා මගේ ආත්මය පාවා දෙන කෙනෙක් නෙවෙයි. මගේ නාළිකාව බලන කෙනෙක්ට දැනෙනවා මම මධ්‍යස්ථව ඉන්න කෙනෙක් කියලා. හදවතට දැනෙන හරවත් දේ බලන්න මගේ යූටියුබ් එකට එකතු වෙන්න කියලා මම හදවතින්ම ආරාධනා කරනවා මගේ රසිකයන්ට.

කැලුම් විජේසූරිය කියන රංගන ශිල්පියා කෝ? එයා ඉන්නවා. හොඳ දේකට එකතු වෙන්න බලාගෙන ඉන්නවා. මම පහුගිය කාලෙ ලොකු වැඩකට ලෑස්ති වුණා. කොවිඩ් නිසා ඒක ටිකක් නතර වුණා. හොඳ නිර්මාණයක මට කරන්න පුළුවන් හොඳ චරිතයක් ලැබුණොත් කරනවා. ඒක මට හිතට දැනෙන්නත් ඕන. ආනන්ද අබේනායක මහතාගෙන් මට ඔහුගේ නිර්මාණයකට ආරාධනාවක් ලැබෙනකල් මං බලන් ඉන්නවා වගේම තමයි රොශාන් රවීන්ද්‍ර කියන අපේ දක්ෂ නිර්මාණවේදියා මට කිව්වොත් එයාගෙ වැඩක එක සීන් එකක් කරන්න තියෙනවා කියලා මම යනවා මගේ වාහනේ මගේ වියදමින්. හොඳ අධ්‍යක්‍ෂවරයෙක් කතා කළොත් මට පිටපත බලන්න ඕනත් නෑ. යනුවෙන් කැලුම් මෙලෙස පිළිතුරු ලබා දුනි.

එදාට සාපේක්ෂව අද නිවේදක නිවේදිකාවෝ වැඩියි සහ භාෂාවේ පොහොසත්කම අඩුයි. ඒ ගැන ඔබේ අදහස මොන වගේද? මෙහෙමයි. රූපවාහිනි නිවේදක නිවේදිකා සංගමය කියලා අපේ එකමුතුවක් තියෙනවා, මමත් ඉන්නවා. ඒකෙ හරි දක්ෂයන් ඉන්නවා භාෂාව වගේම දැනුමෙනුත් පොහොසත්. ඒ අයට හොඳ පරිචයක් තියෙනවා. දිනේශ් උපේන්ද්‍ර, වජිර ජයවර්ධන, සුමිරාන් ගුණසේකර, දිස්නා යමුනා කුමාරි කියන අය ඉන්න දක්ෂයන් ගොඩේ ඉන්නවා. දක්ෂයො ඉන්නවා අඩුයි. සමහරු රූපයේ මාර්ගයෙන් එන අය. රූපය කියන්නෙ නිවේදකයෙක් විදිහට පවතින්න සුදුසුකමක් නෙවෙයි.

ඔබ කාලයක් සින්දුත් කිව්වා. දැන් ගායනයෙන් අයින් වෙලාද? (සිනාසෙමින්) ඔයා කිව්වා හරි මම සින්දු කිව්වා. ගායනා කළේ නැහැ. පොඩි කාලෙ නම් මම ගායනා කළා. ඒත් ලොකු වුණාට පස්සෙ ඒක හරියට වුණේ නෑ. කෙනෙක්ට තමන්ට බැරි දේ පිළිගන්න ආත්ම ධෛර්යයක් තියෙන්න ඕන. මගේ program එකකට නුවන්දිකා සේනාරත්න ආවා. එදා මම ඇයට ගීයක් ගයන්න යෝජනා කළා. මගෙන් විනාඩි පහක කාලයක් ඇය ඉල්ලුවා. ඒ කාලය තුළ ඇය ගයපු ගීයෙ ස්වර අභ්‍යාස කළා. ඊට පස්සෙයි ගායනා කළේ. ශ්‍රියා ගෝෂාල්ගෙ මනවාලාගේ ගීය. එදා මට හිතුණා කෙනකුට මේ තරම් ලස්සනට ගයන්න පුළුවන්ද කියලා. එදා මම තේරුම් ගත්තා මට ගයන්න බෑ කියන එක. දැනුවත්කමක් නැති දෙයක් කරන්න හොඳ නෑ කවුරු වුණත්.

ඔබ තවමත් කඩවසම්. ආදර යෝජනා අදටත් ලැබෙනවා නේද? නැහැ කිව්වොත් බොරු. කාන්තා ආකර්ෂණය අදටත් අඩුවක් නෑ. ඒත් මම තීරණයක් අරන් තියන්නෙ මම කවදාවත් විවාහ වෙන්නෙ නෑ කියලා. දැන් ජීවිතෙන් තුනෙන් දෙකක් ගෙවිලා ඉවරයි. ඉතුරු ටිකත් අවුල් නොවී ගෙවන්න ඕන. මම ලෝකෙ බලන්න ආස කෙනෙක්. මංගල සමරවීර මහතා මගේ සාකච්ඡාවකදි කිව්වා එයා අවුරුදු 70-75 වෙන් කරනවා කියලා ලෝකෙ බලන්න. ඒත් ඔහුට ඊට කලින් යන්න වුණා. මමත් මගේ වයස ඒ කාලෙදි එහෙම කරනවා කියලා හිතපු කෙනෙක්. ඒත් එච්චර කල් ඉන්න පුළුවන් වෙයිද දන්නෙ නෑනෙ. රට ඇරපු ගමන් මම සංචාරය කරනවා. මේ තනිකඩ බව හොඳයි මට.

විවාහ ජීවිතයක්, දරුවෙක් නැති එක ගැන කවදාවත්ම පසුතැවීමක් දැනිලා නැද්ද? නොදැනුණා නෙවෙයි. මගේ හෘද රෝගය නිසා විවාහය මට දුර වුණා. අපි විවාහ වෙන්නෙ ආදරය විඳින්න. මට ආදරය, සොයා බැලීම් ලැබෙනවා. මට දරුවෙක් නැති වුණාට මගේ ළඟම ඉන්න යාළුවන්ගෙ දරුවෝ මගේ වගේ මට. සමහර මවුපියෝ දරුවෝ හදලා දරුවන්ගෙ දරුවොත් හදලා පෙරළා දරුවන්ගෙ ආදරය නොලැබෙනකොට විඳවන විදිහ දකිනකොට මට දරුවෙක් නැති එක හොඳයි කියලත් හිතෙනවා. මගේ හොඳම යාළුවෙක් ඉන්නවා සෞදිවල. එයාට කාලෙකින් ලංකාවට එන්න බැරි වුණා. එයාගෙ චූටි පුතා මට මගේ දරුවෙක් වගේ. ආදරය දෙන්න ආදරය ලැබෙන්න අයිති කරගන්නම ඕන නෑ. මේ නිදහස මට හරි අගෙයි. යනුවෙන් පිළීතුරු ලබා දී ඔවුන් සාකච්ඡාව මෙලෙස අවසන් කරනු ලැබ තිබේ.

සාකච්ඡාව – බුද්ධිනී ජයවර්ධන (මව්බිම පුවත්පත)

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x