ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පට

රොෂානා හා මනූශ නානායක්කාරගේ දියණියගේ උපන් දින සැමරුම

දේශපාලන වේදිකාවන් තුළ ඇතැම් පිරිස් ආදරය කරන මෙන්ම ඇතැම් පිරිස් අකමැත්තක් දක්වන කෙනෙක් තමයි මනුෂ නානායක්කාර කියලා කියන්නේ . ඔහුගේ හඬ පෞරුෂය නිසා ම ඇතැම් පිරිස් ඔහුට ආදරය කරනවා. ඉතින් දේශපාලනයේ දී බහුතරයක් දෙනා දන්න හඳුනන චරිතයක් තමයි ඔහු.

ඉතිං ඔහුගේ දියණියගේ උපන්දිනය පසුගිය දවසක යෙදිලා තිබුණා. ඔහුගේ දියණිය මෙනාශා නානායක්කාරගේ 18 වන උපන් දිනය තමයි ඒ විදිහට යෙදිලා තිබුනේ.

වැඩිදුරටත් මනුෂ නානායක්කාර කියන චරිතය පිළිබඳව කතාබහ කරනවා නම් මනූශ කියලා කියන්නේ සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරයෙක්. ඔහු දේශපාලන කරළියට පැමිණෙන්න ඉස්සෙල්ලා සන්නිවේදන ක්ෂේත්‍රය සමග තමයි සම්බන්ධ වෙන්නේ. ඔහුගේ හඬ නිසාම කාලයක් බොහෝ ප්‍රේක්ෂකයන් ප්‍රමාණයක් ඔහුට හිටියා. පසුකාලීනව ඔහුගේ සන්නිවේදන හැකියාව දේශපාලන කරළියට ඔහු භාවිතා කරන්නට පටන් ගත්තා.

මනූශ පළමු වතාවට විවාහ වෙන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් සමඟයි. ඇය තමයි රොශානා ඔන්ඩච්චි.රොශානා කියන්නේ රූපයෙන් වගේම දක්ෂතාවයෙනුත් පිරි කාන්තාවක් විදිහට හඳුනාගන්නට පුළුවන්. රංගන ක්ෂේත්‍රය තුළ ඇය “සිඳූ” ටෙලි නාට්‍යයට වගේම “හේලි” ටෙලි නාට්‍යයටත් සහභාගි වෙනවා. ඊට ප්‍රථමයෙන් ඇය නිර්මාණ කටයුතු වලට දායක වෙලා සිටියත් ඇය ප්‍රේක්ෂකයන් හඳුනා ගන්නේ සිදූ ටෙලිනාට්‍ය සහ හේළි ටෙලි නාට්‍යයත් සමඟ .

කොහොම වුණත් රොෂානා ඔන්ඩච්චි සහ මනුෂ නානායක්කාරගේ විවාහය වැඩිකල් පවතින්නේ නැහැ. ඒ මනූශ වෙනත් විවාහයක් හා සමග සම්බන්ධ වීම හේතුවෙන්. කොහොම වුණත් මනූශගේත් රොෂානාගේත් දියණිය වන මෙනාශා ඇයගේ මව සමඟ ජීවත් වෙනවා. ඇගේ මව සමඟ ජීවත් වුවත් මනුෂ නානායක්කාර ගේ සැලකිලි ලබනවා කියලා තමයි ආරංචි වෙන්නේ. කොහොම වුණත් මනුෂගේ දෙවන විවාහයෙන් දරුවන් තිදෙනෙක් ද ඉන්නවා.

ඉතින් මෙනාශා ගේ 18 වැනි උපන් දිනය බොහොම චාමෙට පහුගිය දවසක පවත්වලා තිබුණා. ඒ හා සමගාමීව ඡායාරූප කිහිපයකුත් ඇය සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරණය කරලා තිබුණා. ඇයගේ 18 වන උපන්දිනයටත් ඉදිරි අනාගත කටයුතු සුබපැතුම් එකතු කරනවා.

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x