ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පට

හැමෝම කතාවෙන අලුත් බබා ගැන සමිතා මුල්වරට හෙලිකල කතාව

සමිතා මුදුන්කොටුව කියන්නේ මෙරට ගීත කලාව වෙනස්කල ආදරණිය ගායිකාවක්. ඒ හඩට ආදරය කරන බොහෝ පිරිසක් මෙරට වගේම විදෙස් රටවලද ජිවත් වෙනවා. ලංකාවේ ඇයගේ හඩට හිමිවන්නේ සුවිශේෂී තැනක්. අතුල සමිතා සුසංයෝගය කාලයක් පුරාවට මෙරට ප්‍රසනාග වේදිකාවේ ආදරණිය යුවලක් බවට පත්වුනා. ඔවුන් දෙදෙනාගේ යුග ගීත අදටත් එලෙසින්ම ජනප්‍රියයි. විවාහයෙන් වෙන්ව සිටියද මේ දේපල අදටත් ආදරයෙන් කටයතු කරනවා මෙන්ම ගීත ගායන කරනවා දැකගන්න පුළුවන්. ඔවුන් දෙදෙනාගේ ඒ මිහිරි හඩ මුසුව බාවනාවක් වගෙයි.

සමිතා කියන්නේ නිශ්ශබ්ද චරිතයක්. ඇය ගොසිප් වලට නිතර පිළිතුරු දෙන චරිතයක් නෙවෙයි. කවුරු මොනවා කිවුවත් ඇය නිදහසේ සිය ජීවිතය සුන්දරව ගත කරනවා. අතුලගෙන් වෙන්වෙලා කාලයක් තිස්සේ ඇය දරුවන් දෙදෙනා සමගින් ඉතාමත් ආදර්ශමත් ජිවිතයක් ගත කරා. ඒ බව ලංකාවේ ඉන්න හැමෝම වගේ දන්නවා. නමුත් ඇයගේ ජිවිතයට නැවතත් ආදරයක් ලැබීමත් සමග දරුවන් දෙදෙනාගේ කැමැත්ත ඇතිව යලි විවාහ දිවියට .ඇතුලත් වුනා

.ඒ චිරන්තන සමගින්. මේ වෙද්දී ඇය ඔහු සහ කවී සහ ෂේන් සමගින් ආරණිය විනොදබර ජිවිතයක් ගත කරනවා. මේ විවාහයත් සමග ඇයට නොයෙකුත් මඩ ගහන්න බොහෝ දෙනාකටයුතු කරා. ඇයව විවේචනය කරා. නමුත් තමුන්ගේ ජිවිතේ සතුට තියෙන තැන ඔනෑම කෙනෙක් රැදෙනවා. ඒකට මිනිස්සු කියන කතා අදාළ වෙන්නේ නැහැ. ජිවිතේ විදින අය දැක්කම සමහරුන්ට ඉවසගන්න බැරි වුනාම විවිධ දේ කියනවනේ. ඉතින් ඇය ඒ කිසිවක් ගණන් ගත්තේ නැහැ. අදටත් ඔවුන් හොදින් සතුටින් ජිවත් වෙනවා. දරුවන් දෙදෙනාද එලෙසින්මයි.

සමිතාගේ ආදරණිය මව අහිමිවීම ඇයට ලොකු වේදනාවක් ගෙන දුන්නා. ඇය ඒ ගැන කියා සිටියේ කෙදිනකවත් ඒ දුක නැති නොවන බවයි. කෙසේ වෙතත් සමිතාට නැවත දරුවකු බිහි වූ බවට විවිධ සමාජ මාද්‍යවල පළවුනා චායාරූප දාලා. ඉතින් මේ ගැන සමිතා මොනවත්ම කිවුවේ නැහැ. නමුත් සමිතා ප්‍රථම වතාවට මේ කතාවට පිළිතුරක් දුන්නා. ඇය කියා සිටියේ පුතා ෂේන් මේකට උත්තරයක් දෙන්න අම්මේ කියලා කිවුවා. ඒකයි මම මේ වීඩියෝ එකක් කරන්නේ. බොරු කියන්න එපා. මට රත්තරන් දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මට තවත් දරුවෝ ඕනේ නැහැ. එයාලා එක්ක මම සතුටින් ඉන්න විදිය හැමෝම දන්නවා. ඉතින් බොරු කතා හදන්න එපා. කොහොමද එහෙම කියන්නේ කියලා හිතාගන්න බෑ. මට ඉන්නේ ෂේන් කවී විතරයි. බොරු කතා හදන්න එපා . හැමෝම සතුටින් ඉන්න. කියලා තමයි ඇය කියා සිටියේ. දෙයක් කියන්න කලින් හොදට හොයලා බලලා කියන්න කියලා තමයි ඇය කියන්නේ.

ඇය මේ පිළිබඳව ඇගේ යූටියුබ් නාලිකාව ඔස්සේ මෙවැනි දෙයක් කියා සිටියා. එම දේවල් දැන ගන්න මෙම් වීඩියෝව අනිවාර්යෙන්ම නරඹන්න කියලා ආරාධනා කරනවා.

Related Articles

5 1 vote
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x