ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පට

තවම පොඩි මල්ලි සමග එකට වැඩකිරීමට අවස්ථාව ලැබුණේ නැහැ

70 දශකයේ සිදුවුණු භීෂණ කතාවන් පිළිබඳවද, ඒ භිෂණ කාලයේ සිදුවුණු සිදුවීම් ගැනද ඔබ අප අනන්තවත් අසා ඇත. ඒ අත්දැකීම් යළි අවදි කරවන සිදුවීම් පෙළකින් සමන්විත ‘අඳුන් ගිර’ ටෙලිනාට්‍යයේ ‘රත්නසීලී’ ලෙසින් ඔබට සමීප වන ඇය, මාධවී ඇන්තනී. ඒ භීෂණ සිද්ධි දාමයට ඇය මුහුණ දුන් අයුරු ගැන මාධවී අපට කිව්වේ මේ විදියට.

මාධවී කොහොමද මේ දවස්වල ඔබේ දවස ගෙවෙන්නේ? සුපුරුදු පරිදි පවුලේ අයත් සමග සතුටින් කාලය ගතකරනවා. 70 දශකයේ පැවැතුණු භීෂණයේ කතා නායිකාවක් වුණා කියන්නේ ඇත්තද? ඔව්. ඉන්දික ධර්මරත්න කියන්නේ සුවිශේෂ නිර්මාණවේදියෙක් විදියට මම දකිනවා. ඔහු නිර්මාණය කළ ‘ගිරිදේවි’ ටෙලිනාට්‍යය ගොඩාක් ප්‍රේක්‍ෂකයන් වැළඳගත්තා.

මමත් ගොඩාක් නරඹපු ටෙලිනාට්‍යයක් තමයි ‘ගිරිදේවි.’ ඉතින් ඔහුගේ නවතම නිර්මාණය ‘අඳුන්ගිර’ ටෙලිනාට්‍යය 70 දශකයේ භීෂණ කාලය මූලාශ්‍ර කරගනිමින් සැකසුණු නිර්මාණයක්. ස්වාධීන රූපවාහිනියේ රාත්‍රි 8ට එය විකාශය වෙනවා. ‘අඳුන්ගිර’ ටෙලිනාට්‍යයේ ‘රත්නසීලී’ චරිතය තමයි මම නිරූපණය කරන්නේ.

01

 

02

ඇත්තටම… ‘රත්නසීලී’ විතරක් නෙවෙයි ‘අඳුන්ගිර’ ටෙලිනාට්‍යයේ සියලු චරිත අභියෝගාත්මක චරිත ලෙස මම දකිනවා. ගොඩාක් දක්‍ෂ ශිල්පින් මේ ටෙලිනාට්‍යයේ චරිත වෙනුවෙන් කැපවුණු හැටි මම සියැසින්ම දැක්කා. මටත් වෙඩි තියන අවස්ථාවන් පවා කරන්න තිබුණා. ඒ විතරක් නෙවෙයි, වෙ-ඩි-බෙ-හෙ-ත් බැ-ඳ-ගෙ-න මට කටයුතු කරන්න තිබුණා. ඒ අවස්ථාවල නම් මගේ හිතට බ-ය-ක් වගේ දැනුණා. ඒත් චරිතයට තිබුණු ආශාව නිසා මම ඒ අභියෝගයට මුහුණ දෙමින් කටයුතු කළා.

ඔබේ පවුල සුවිශේෂ පවුලක්. ඉතින් පවුලේ අය එක්ක එකට වැඩ කරද්දි කොහොමද දැනුණේ? පවුලේ අය සමග වැඩකරන්න ලැබෙන එක මට අලුත් දෙයක් නෙවෙයි. රූගතකිරීම් තුළ මට මගේ පවුලේ අය කියලා විශේෂයක් දැනෙන්නේ නැහැ. ‘මහ විරු පණ්ඩු’ ටෙලිනාට්‍යයේ මගේ අම්මා මගේ ලොකු මල්ලිත් සමග වැඩකරනවා. ‘අඳුන්ගිර’ ටෙලිනාට්‍යයේ මගේ පොඩි මල්ලි එක්ක රඟපාන්න තිබුණා. නමුත් ඔහුට ඒ අවස්ථාවේ කො-රෝ-නා රෝගය වැලඳුණු නිසා එය මඟහැරුණා. තවම පොඩි මල්ලි සමග එකට වැඩකිරීමට අවස්ථාව ලැබුණේ නැහැ.

03

 

04

ඔබේ ආදරණීය අප්පච්චි නිර්මාණය කරන නවතම සිනමා කෘතියට ඔබේ දායකත්වය කොයි වගේද? ‘සම්බුලා දේවි’ චිත්‍රපටයේ චරිත තුනයි තියෙන්නේ. මම ඒ චිත්‍රපටයට පසුබිම් ගායනයෙන් සම්බන්ධ වෙනවා. මේ චිත්‍රපටය සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් හඬ මුසුකරන නිසා මටත් භාෂා දෙකෙන්ම ගායනා කිරීමට සිදුවෙනවා.

ඔබේ අලුත් සිංදුව හිටිහැටියේම අන්තර්ජාලයෙන් ඉවත් කළේ ඇයි? මම ඒ ගීතය නිර්මාණය කළේ මුදල් හොයන්න නෙවේ. හොඳ ප්‍රතිචාර තිබුණා මගේ ඒ ගීතයට. ඉතින් විවිධ ප්‍රශ්න මතුවුණු නිසා සහ අනවශ්‍ය ප්‍රශ්න දාගන්න මම කැමැති නැති නිසා මම එය ඉවත් කර දැම්මා.

-වසන්ත විතාරණගේ – මව්රට පුවත්පත ඇසුරින් 

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x