ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පට

කිසා හි සිරින්ට හඬ දෙන පුංචි කෙල්ල

‘‘කිසා නාට්‍යය නරඹන බොහෝ දෙනා ඇයට වෛර කරන බව කියන්න පුළුවනි. ඒ වෙන කාටවත් නොවෙයි, ‘‘සිරින්ට’’. දන්නවනෙ කැරලි – කැරලි ලස්සන කෙස් කළඹක් ඇති මේ ‘‘සිරින්’’ කවුද කියලා ? තුර්කි ටෙලි මාලාවක් වන කාඩින් (Kadin) හෙවත් වුමන් (Woman) නාට්‍ය මෙරට දී හඬ කවා විකාශය වන්නෙ ‘‘කිසා’’ නමින්. ‘‘කාඩින්’’ කියන්නෙ ‘‘කාන්තාව’’ යන අදහසය.

ඉතින් ලොව පුරා අතිශය ජනප්‍රියත්වයක් ලැබූ මෙම නාට්‍යයේ ‘‘සිරින්’ ලෙස රඟපාන්නේ සෙරේ කායා (Seray Kaya) නමැති තුර්කි ජාතික රංගන ශිල්පිනියයි. 1991 පෙබරවාරි 4 වැනි ඇය උපත ලැබුවේ තුර්කියේ ‘‘ස්තාන්බුල්’’ නගරයේදීය. හැබැයි අපි අද කතා කරන්නට සූදානම් වන්නේ, මේ ‘‘සෙරේ කායා’’ ගැන නම් නොවෙයි.

ඇය දායක වූ ‘‘සිරින්’’ ගේ චරිතයට හරි අපූරුවට හඬ කැවීම් කරන පහනි වික්‍රමආරච්චි සමගයි. ‘‘කොහෙවත් ඉන්න ගෑ-ණි-යෙ-ක් ඔයාට අම්මෙ කියලා කතා කරනකොට මං ඉවසන් ඉන්නෙ කොහොමද? මගේ තාත්තා මාත් එක්ක කතා නොකර බහාර්ලා එක්ක හිනාවෙලා කතා කරන කොට, මං ඒක ද-රා-ගෙ-න ඉන්නෙ කොහොමද?’’

සිරින් වූ ‘‘පහනි’’ ගෙන සම්පූර්ණ නම කියමු ? පහනි ඉමන්දි වික්‍රමආරච්චි. හැබැයි භාවිත කරන්නෙ පහනි වික්‍රමආරච්චි කියලයි. රෝහිත වික්‍රමආරච්චි මගේ තාත්තා. ආශා වික්‍රමආරච්චි මගේ අම්මා. මට ඉන්නෙ අයියා විතරයි. එයාගේ නම භූමික වික්‍රමආරච්චි. අම්මයි – තාත්තයි ව්‍යාපාර කරන්නෙ. අයියා ගුවන් නියමුවෙක්.

මං උසස් පෙළ කලා අංශයේ ශිෂ්‍යාවක්. ඉගෙන ගන්නෙ මිලාගිරිය ශාන්ත පාවළු විද්‍යාලයේ. 2019 – 2020, වසරවල පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙස කටයුතු කළේ මම. දැන් විභාගයට සූදානම් වෙමින්, පාඩම්වල යෙදෙනවා. ගම බෙල්ලන්විල.

බොහෝ දෙනෙක් වගේ පාසලෙන් තමයි මාත් කලාව පටන් ගත්තෙ. නිවේදනය, නාට්‍ය ඇතුළු බොහෝ අංශවලට දායක වුණා. නිවේදනය සහ නාට්‍ය අංශයෙන් සමස්ත ලංකා ජයග්‍රහණ බොහෝමයක් ලබා තිබෙනවා. අපේ පාසලේ විදුහල්පතිතුමිය ඇතුළු ගුරු මඬුල්ල ලබාදෙන මග පෙන්වීම නිසා, විෂය සමගාමී වැඩ වගේම, බාහිර වැඩ බොහොමයකට දායක වෙන්න පුළුවන් වුණා. මාධ්‍ය සංසදයේ පවා කටයුතු කරනවා.

01

 

02

පාසලේ කලා වැඩවලින් පසුව අතුල ජයසිංහ සර්ගෙ හඬ කැවීම් පාඨමාලාවට ගියා වෙළඳ දැන්වීම්වලට වගේම ළමා චිත්‍රපටවල චරිතවලට හඬ කැවීමට අවස්ථාව ලැබුණෙ එතැනදීයි. අනුර ජයන්ත ‘‘සර්’’ හඳුනා ගත්තෙ ඒ අවස්ථාවේදීයි. ඒ නිසා තමයි ‘‘කිසා’’ නාට්‍යයේ ‘‘සිරින්’’ගේ චරිතයට හඬ කැවීමේ අවස්ථාව ලැබුණෙ.

තාම රඟපාලා නැහැ. දැනට හඬකැවීම් ශිල්පිනියක් විතරයි. උසස් පෙළ ඉවර වුණාට පස්සෙ ඒ ගැන හිතනවා. තෝරා ගැනීමේ පරීක්ෂණයට ගිහින් ඇවිත් මම පුදුම ආශාවකින් හිටියෙ. අනේ මම තේරුණොත් කොච්චර හොඳද කියලා. හිත හිතා ඉන්නකොට මාව තෝරා ගත්තා කියලා අනුර ජයන්ත සර්ගෙන් ඇමතුමක් ආවා. හැබැයි ඊට පස්සෙ තමයි මට එහි සංකීර්ණ බව තේරුණෙ. ‘‘සිරින්’’ කියන්නෙ අසාමාන්‍ය ගති ඇති තරුණියක්.

හැබැයි සැබෑ ජීවිතයේ දී ඒ විදියෙ කළබලකාරී චරිතයක් නොවූ මට ඒ චරිතයට දෙබස් කැවීම එක අතකට හරිම විනෝදජනක දෙයක්. සාමාන්‍ය ජීවිතයේ දී කෑ-කෝ ගහන චරිතයක් නෙවෙයි මම. සමහර අවස්ථාවල දී ‘‘බේ-රා-ග-නි-යෝ’’ කියලා ‘‘සිරින්’’ කෑ-ග-හ-න අවස්ථා තියෙනවා. ඉතින් හඬ කවන මැදිරියේ මම ඒක කෑ-ග-හ-ල කියද්දී, අවට අහළ පහළ මිනිස්සු ඇත්තටම ඇවිත් බලනවා. සිරස ස්ටයින් මැදිරිය දෙදරන්න කෑ-ග-හ-න-වා. ‘‘සිරින්’’ නිසා මට ආදරය කරනවාට වඩා මිනිස්සු වෛර කරන බව ප්‍රතිචාරවලින් පෙනෙන දෙයක්.

මොකද ‘‘සිරින්’’ කියන්නෙ හොඳ කෙනෙක් නෙ-වෙ-යි-නෙ. ඉතින් සමහරු ‘‘සිරින්’’ට හඬ කවන කෙනා අ-හු-වු-ණො-ත්, ග-හ-න-වා, ම-ර-ණ-වා පවා කියලා ප්‍රතිචාර දාලා තිබුණා. එතනදී ඇත්තටම මම සාර්ථකයි. මොකද මිනිස්සු මට වෛ-ර කරන්නෙ සිරින්ගේ චරිතයට හඬ කැවීමෙන් මම සාධාරණයක් කරලා තියෙන නිසයි. පුද්ගලිකව ගත්තොත් ‘‘කිසා’’ ඩ්‍රාමා එකේ මම ‘‘ඩබිං’’වලට යනවා කියන්නෙම හඬ කැවීම් පාඨමාලාවකට යනවා වගේ දෙයක්.

03

 

04

සැබෑ ජීවිතයේ දී මම කොහොමටවත් ‘‘සිරින්’’ වගේ කෙනෙක් නෙවෙයි. මට හීන ගොඩාක් තියෙනවා. අනෙක් හැමෝටම උදවු කරගෙන ගමනක් යන අතරේ, රංගනය හඬ කැවීම් හෝ සංගීතය වෙතින් හරි, මගේ අනන්‍යතාවය ඇති කිරුළක් දැරීමට උත්සාහ ගන්නවා.

‘‘පහනි’’ ගෙදර වැඩිපුර කරන්නෙ මොනව ද?  මේ දිනවල නම් පාඩම් කරනවා. විවේකයක් ගත්තාම ෆිල්ම්ස් නැරඹීම, සිංදු අහනවා. සිංදු අහන්නෙ මනස සැහැල්ලුවට. ගෙදර දී පහනි, සිරින් වගේ හැසිරිලා නැද්ද? ගෙදර එකම ගැහැණු ළමයා නිසා ඉතින් පාළු මැකෙන්නත් එක්ක පොඩ්ඩක් ස-ද්ද-ය-ක් එහෙම දාගෙන ඉන්න එපායැ.

අයියාගෙන් ‘‘නංගීට’’ තෑගි එහෙම ලැබෙනවා ඇති? ඔව්, අයියා තමයි මට ඇඳුම් එහෙම ගෙනැල්ලා දෙන්නෙ. අයියා නිවාඩුවට ඉන්නකොට, මේ වැඩවලට මාව එක්කගෙන යන්නෙ, එක්කගෙන එන්න පවා එනවා. ගෙදරින් සෑම දේකටම ලොකු සපෝට් එකක් ලැබෙනවා. මනෝවිද්‍යා අංශයේ උපදේශිකාවක වීම මගේ අරමුණයි.

රංගන ක්ෂේත්‍රයේ ඉදිරියට යන අතරේ, සංගීත භාණ්ඩයක් පුරුදු පුහුණු වෙන්නත් ආසයි. ගීත ගයන්නත් අරමුණක් තිබෙනවා. හිරු නාලිකාවේ නාට්‍ය දෙක තුනක තේමා ගීත ගැයුවා. හිරු නාලිකාවේ විකාශය කෙරෙන ‘‘සිත් අහසේ ආදරේ’’ නාට්‍යයේ ඩබිං කරන අතරේ ගීතයකුත් ගැයුවා. ‘‘සිත් අහසේ’’ නාට්‍යයේ’’ ‘‘හර්ලින්’’ ගෙ චරිතයට හඬ කවන්නෙත් මම.

පහනිගෙ හොඳම පුරුද්ද ? හැමෝම එක්ක හිනාවෙන එක. හදාගන්න තියෙන අඩුපාඩුව? ත-ර-හා යන එක.  ගෙදර පහන් තියන්නෙත් පහනි ද? මාත් තියනවා. අම්මත් තියනවාව. ගෙදර හැමෝම තියනවා. ‘‘පහනි’’ ගෙදරට ආලෝකයක් ? එහෙම වෙන්න ඕනෑ නේද ?

සඳුන් ගමගේ – සාරවිට වෙබ් අඩවිය ඇසුරෙන් 

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x