ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පට

ඇයත් ව්‍යාපාරික කාන්තාවක් – අපි විවාහ වුණේ හරිම චාම් විදියට

හර්ෂණ බෙත්මගේ කිව්වම ලංකාවේ නොදන්න කෙනෙක් නෑ.තරුණියන්ගේ ආකර්ෂණය නිබඳවම හිමි කර ගත් ඔහු නව පරපුරේ සිටින දක්ෂ රංගන ශිල්පියෙක්.විවිධ ටෙලි නාට්‍ය ඔස්සේ මෙන්ම සිනමාව ඔස්සේ ද ඔහු පෑ දස්කම් නිසාම රංගන ක්ෂේත්‍රය තුළ ඔහුට ඇත්තේ විශාල පිළිගැනීමක්.ඒ වගේම ඔහු රංගනයට පමණක් නොව නිවේදනයට ද නර්තනයට ද ගීත ගායනයට ද එක සේ දස්කම් දක්වනවා.

ඉතින් ඔහු කලා ලොවේ බැබළෙන තරුවක් කිව්වොත් මා නිවැරදියි.තරුණියන්ගේ නෙත් සිත් ඇද බැඳ තබාගැනීමට සමත්වූ මෙම කඩවසම් තරුණයා පළමු වරට විවාහ වූයේ රංගන ක්ෂේත්‍රයේම සිටින එක්තරා රංගන ශිල්පිනියක් සමඟයි.

යම් යම් ගැ-ට-ලු-කා-රී තත්ත්වයන් හේතුවෙන් ඔහුගේ පළමු විවාහය දෙ-ද-රා ගියා. ඒත් සමගම සිය කලා ක්ෂේත්‍රයෙන් තාවකාලිකව සමු අරන් සිටි ඔහු නැවතත් රංගන දිවියට පිවිසෙන්නේ ඔහුගේ දෙවන විවාහයත් සමගයි. දෙවන වරට විවාහ වූ ඔහුගේ ආදරණීය බිරිඳ වන අරුණි පිළිබඳව ඔහු පවසා සිටියේ මෙවන් දෙයක්.

01

 

02

“ඇත්තටම රංගන ක්ෂේත්‍රයෙන් ටික කලකට සමු-ග-න්නට මට සිදුවුනා යම් යම් ගැ-ට-ලු-කා-රී හේතූන් නිසා. ඒ වගේම මගේ ව්‍යාපාර කටයුතුත් රංගනයෙන් ටිකක් ඈත් වෙන්න බ-ල-පෑ-වා.

ඒකට මං මගෙ රසිකයන්ගෙන් මුලින්ම සමාව අයදිනවා. ඇත්තටම පළමු විවාහය ගැන කථා කරන්න මං අකමැතියි. අපි නීතියෙන් වෙන් වුනේ අපි අතර තිබුන යම් යම් නො-ගැ-ළ-පී-ම් නිසා. නො-ගැ-ල-පී-ම් ගලපගෙන ජීවත් වනවාට වඩා ගැලපෙන අදහස් තියෙන කෙනෙක් එක්ක ජීවත්වන එක වඩාත් පහසුයි කියන එක තමයි මම හිතන්නේ.”

“දැන් මම විවාහ වෙලා ඉන්නේ මට ගොඩක් ආදරේ කරන ආදරණීය කාන්තාවක් සමග. ඇයගේ නම අරුණි. ඇත්තටම ඇයව හම්බුනේ මගේ ව්‍යාපාර කටයුතු කරගෙන යෑමේදී. ඇයත් ව්‍යාපාරික කාන්තාවක්.

03

 

04

අපි විවාහ වුණේ හරිම චාම් විදියට. අපි තාමත් ආදරේ කරපු කාලේ වගේම ආදරයෙන් ජීවත් වෙනවා. අරුණි කියන්නේ මාව හොඳින් තේරුම් ගත්ත කෙනෙක්.

එයාට මං ගැන හොඳ අවබෝධයක් තියෙනවා.මටත් එහෙමයි. මං හිතන්නේ ඇයව ලැබීම නිසා මගේ ජීවිතයට අලුත් වටිනාකමක් එකතු වුනා කියලා. මගේ නිර්මාණ කටයුතුවලට ඇය ලොකු සහයෝගයක් දක්වනවා.ඉතින් මං හරි වාසනාවන්තයි ඒ වගේ කෙනෙක් එක්ක විවාහ වීමට ලැබීම ගැන.”

හර්ෂණ කියන්නේ කලා ලොවට මහඟු සේවයක් සිදු කරන නව පරපුරේ දක්ෂ රංගන ශිල්පියෙක්. ඉතින් ඔහුගේ නව යුග දිවියට අපිත් සුබ පතනවා.

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x