ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පට

300 කට වැඩිය ඉදිරිපත් වෙලා තියෙනවා – දැන් මම නිලියක්

නිරූපිකාවක් ලෙස රංගනය එකතු වුන මාෂි චතුරිකා බොහෝ දෙනෙක් දන්න අදුරන චරිතයක්. ඉතින් අපි අද කතා කරන්නේ ඇය ගැන. නිරූපිකාවක විදියට කළා ලෝකයට පය තියලා මේ වනවිට ඇය හැමෝම දන්නා රංගන ශිල්පිනියක් ඉතින් අපි ඇයගෙන්ම ඇයගේ ගමන ගැන ඇසුවා. ඇය අපට දුන්නේ මේ වගේ පිළිතුරක් “නිරූපිකාවක් විදිහට තමයි මම මුලින්ම ජනතාව අතරට එන්නේ. මම ෆො⁣ටෝ ෂු-ට් 300 කට වැඩිය ඉදිරිපත් වෙලා තියෙනවා. දැන් මම නිලියක්.

චමින්ද ගුණතිලක මහතා අධ්‍යක්ෂණය කරපු ‘කු-ණු කොල්ලා’ කතාංගයේ මම මාධ්‍යවේදිනියක ලෙස මගේ රංගනය ඉදිරිපත් කළා. සුනිල් ප්‍රේමරත්න මහතා⁣ගේ ‘විසි එක’ චිත්‍රප⁣ටයේ මයුරි විදිහටද, ගිහාන් ප්‍රනාන්දු මහතා⁣⁣ගේ ‘ගුඩ් නිවුස්’ ටෙලි නාට්‍යයේ පත්තර කාරිනියක ලෙසද මම මගේ දායකත්වය දුන්නා. මේ වෙද්දි කෙටි නාට්‍ය ⁣කිහිපයකත්, වෙළඳ දැන්විම මෙන්ම ගීතරූප රචනා කිහිපයකින්ද මම ජනතාවගේ ආදරය දිනාගෙන තියෙනවා.

01

 

02

ඇත්තටම මම හිතන්නේ අපි රඟපාන චරිතය ලොකුද පොඩිද කියන එක අපිට අදාල නෑ. මොකද අපි අපිට ලැබෙන චරිතයට සාධාරණය ඉෂ්ඨ කරන්නඕනි. කිසිම වෙලාවක තමන්ගේ හැකියාව පෙන්වන්න ලැබෙන සුළු චරිතය වුනත් එය මනාව ඉදිරිපත් කරන්න ඕනි. ඇත්තටම මම ආව මම යන ගමන එහෙම ගමනක්.” කියලයි.

මේ වනවිට මාෂි කළා ලෝකයේ ගොඩක් ජනප්‍රියයි. ඉතින් ඇය දැන් ලොකු චරිතයක් කලත් පොඩි චරිතයක් කලත් මේ වනවිට ඇයට ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලැබෙනවා ඉතින් ඒ පිලිබඳ ඇය කියන්නේ මේ වගේ කතාවක්.

03

 

04

”ඔව්. ඒක ඇත්ත ලොකුද පොඩිද කියන එක චරිතයට අදාලා නෑ. තමන් කරන චරිතයට උපරිම සාදාරණයක් කරන්න ඕන එතකොට තමයි ඒ චරිතය සාර්ථක වෙන්නේ. එහෙම සාර්ථක වුනාම ප්‍රේක්ෂකයෝ ඉතාම ආදරෙන් ඒ චරිතය බාරගන්නවා” කියලයි.

අපේ කළා ලෝකයේ බොහොමයක් රංගන ශිල්පිනියන් රඟපාන්නේ සී-මා-ව-ක් තියාගෙන. ඉතින් ඒ පිලිබඳ මාෂි කියලා තිබ්බේ නම් මේ විදිහේ කතාවක් තමයි. ”මෙහෙමයි මම රඟපාද්දී ඒ චරිතයට උපරිම සාදාරණයක් වෙන විදියට තමයි මම වැඩ කරන්නේ. නිරූපන ක්‍ෂේත්‍රයේදිනම් මම ඇඳුම් ගැන ගොඩක් සැලකිලිමත් වෙනවා. වෙන සී-මා නම් නෑ” කියලයි.

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x